ශ්‍රී ලංකා

පාර්ලිමේන්තුව

English (UK)Tamil-SriLanka

ගරු අනුර කුමාර දිසානායක මහතා සිය මන්ත්‍රී ධුරයෙන් ඉල්ලා අස්වීම හේතුවෙන් නවවැනි පාර්ලිමේන්තුවේ මන්ත්‍රී ධුරයක පුරප්පාඩුවක් පවතින බව පාර්ලිමේන්තුව මැතිවරණ කොමිෂන් සභාවට දන්වයි

දිනය : 2024-09-23

කොළඹ මැතිවරණ කොට්ඨාසයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ගරු අනුර කුමාර දිසානායක මහතා ශ්‍රී ලංකා ප්‍රජාතන්ත්‍රික සමාජවාදී ජනරජයේ ජනාධිපතිවරයා ලෙස එම ධුරය 2024 සැප්තැම්බර් මස 23 වැනි දින සිට භාර ගන්නා ලද හෙයින්, තමා වෙත එවන ලද ලිපියක් මගින් එදින සිට බලපැවැත්වෙන පරිදි තම පාර්ලිමේන්තු අසුනෙන් ඉල්ලා අස්වී ඇති නිසාවෙන් නවවැනි පාර්ලිමේන්තුවේ මන්ත්‍රී ධුරයක පුරප්පාඩුවක් ඇතිවී තිබෙන බව පාර්ලිමේන්තුවේ මහ ලේකම් කුෂානි රෝහණදීර මහත්මිය මැතිවරණ කොමිෂන් සභාව වෙත දන්වා තිබේ.

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 66 (ඇ) ව්‍යවස්ථාව සහ  1988 අංක 35 දරන ඡන්ද විමසීමේ විශේෂ විධිවිධාන පණතින් සංශෝධිත 1981 අංක 1 දරන පාර්ලිමේන්තු මැතිවරණ පනතේ 64 (1) වගන්තිය ප්‍රකාරව මෙම දැනුම්දීම සිදු කරන බවද මහ ලේකම්තුමිය සිය ලිපියේ වැඩිදුරටත් සඳහන් කර සිටී.

 

ප්‍රචාරණය කරන්න

Submit to Delicious Submit to Digg Submit to Facebook Submit to Google Bookmarks Submit to Twitter Submit to LinkedIn

පාර්ලිමේන්තු දිනදසුන

පාර්ලිමේන්තු ජංගම යෙදුම බාගත කරන්න

ඊ-මේල් ලැයිස්තු ග්‍රාහකත්වය

© ශ්‍රී ලංකා පාර්ලි‌‌මේන්තුව.සියලු හිමිකම් ඇවිරිණි.

විසඳුම Lankacom විසිනි