ශ්‍රී ලංකා

පාර්ලිමේන්තුව

English (UK)Tamil-SriLanka

දැනුම සහ කුසලතාවය සතු නම් කාන්තාවක් ලෙස අභියෝග ජයගනිමින් දියුණුව කරා යාමට බාධාවක් නොවේ - පාර්ලිමේන්තු මහලේකම් කුෂානි රෝහණදීර මහත්මිය මිලාගිරිය ශාන්ත පාවුළු බාලිකා විද්‍යාලයේ ශිෂ්‍ය පාර්ලිමේන්තුවේ මංගල සභාවාරය ආරම්භ කරමින් පවසයි

දිනය : 2024-09-20

දැනුම සහ කුසලතාවය කාන්තාවන් සතු නම්, සියලු අභියෝග ජයගනිමින් දියුණුව කරා යාමට හැකි බව පාර්ලිමේන්තු  මහ ලේකම් කුෂානි රෝහණදීර  මහත්මිය පැවසුවාය.

මහ ලේකම්වරිය මේ බව ප්‍රකාශ කළේ  පසුගිය සැප්. 13 වැනිදා  මිලාගිරිය ශාන්ත පාවුළු බාලිකා  විද්‍යාලයේ ශිෂ්‍ය පාර්ලිමේන්තුවේ මංගල සභාවාරය ආරම්භ කිරීමේ අවස්ථාවට ප්‍රධාන ආරාධිතයා වශයෙන් එක්වෙමිනි. මෙහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් මහ ලේකම්වරිය දැනට පාර්ලිමේන්තුවේ සුළුතරයක් වූ කාන්තා මන්ත්‍රීවරියන්  විසින් සිදුකර ඇති විශාල කාර්ය භාරය පිළිබඳව සිහිපත් කරමින් පාර්ලිමේන්තු ක්‍රියාවලිය  හා එහි කාර්යභාරය  පිළිබඳව ද  දැනුවත් කලාය.

මිලාගිරිය ශාන්ත පාවුළු බාලිකා ‍විද්‍යාලයීය ශිෂ්‍යාවන් සඳහා පාර්ලිමේන්තු ක්‍රමවේදය පිළිබඳ ප්‍රායෝගික අත්දැකීම් ලබාදීම අරමුණු කොටගෙන එම විද්‍යාලය හා ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ සන්නිවේදන දෙපාර්තමේන්තුව එක්ව මෙම වැඩසටහන සංවිධානය කර තිබුණි

මේ අවස්ථාව සමගින් පාර්ලිමේන්තුවේ අධ්‍යක්ෂ (ව්‍යවස්ථාදායක සේවා) හා වැඩ බලන අධ්‍යක්ෂ (සන්නිවේදන) එම්. ජයලත් පෙරේරා මහතාද  සභාගි විය. මෙහිදී අදහස් දක්වමින් ඒ මහතා ශිෂ්‍ය පාර්ලිමේන්තු මගින් නායකත්ව ගුණාංග තම ජිවිතයට එක්කර  ගැනීමේ වැදගත්කම පෙන්වා  දුන් අතර   ජීවිතයේ අභියෝග ජය ගැනීම සඳහා අවශ්‍ය පන්නරය ද   ශිෂ්‍ය පාර්ලිමේන්තු මගින්  ලබා ගත හැකි බව පෙන්වා දුන්නේය.

ඒ අනුව මෙහිදී  මිලාගිරිය ශාන්ත පාවුළු බාලිකා  විද්‍යාලයේ ශිෂ්‍ය පාර්ලිමේන්තුවේ මංගල සභාවාරය අරඹමින් කථානායකවරයා තෝරා පත්කර ගැනීම සිදුවුණි. අනතුරුව අග්‍රාමත්‍යවරයා ඇතුළු අමාත්‍ය මණ්ඩලය හා මන්ත්‍රී කණ්ඩායම දිවුරුම් දීම සිදුවිය. පසුව ශිෂ්‍ය පාර්ලිමේන්තුවේ එක් එක් අමාත්‍යවරිය විසින් තම අමාත්‍යාංශ  මගින් ක්‍රියාත්මක කිරීමට යෝජිත සැළසුම් පිළිබඳව සභාව  දැනුවත් කරන ලදි.

ශිෂ්‍ය පාර්ලිමේන්තුව නියෝජනය කරන සිසුවියන් සඳහා සහතිකපත්‍ර ලබාදීමද පාර්ලිමෙන්තු මහ ලේකම්වරියගේ  ප්‍රධානත්වයෙන් සිදුවිය.

මේ අවස්ථාව සඳහා මිලාගිරිය ශාන්ත පාවුළු බාලිකා  විද්‍යාලයේ විදුහල්පතිනි සුරේකා සිරිවර්ධන මහත්මිය , නියෝජ්‍ය විදුහල්පති මහත්මිය, ශිෂ්‍ය පාර්ලිමේන්තුව භාර ආචාර්ය ධම්මිකා දිසානායක මහත්මිය ඇතුළු විද්‍යාලයේ ආචාර්ය මණ්ඩලයේ මහත්ම මහත්මීන් සහ දෙමාපියන් ඇතුළු පිරිසක් සහභාගී වී සිටියහ.

 

1 2

3 4

5 6

7 8

 

ප්‍රචාරණය කරන්න

Submit to Delicious Submit to Digg Submit to Facebook Submit to Google Bookmarks Submit to Twitter Submit to LinkedIn

පාර්ලිමේන්තු දිනදසුන

පාර්ලිමේන්තු ජංගම යෙදුම බාගත කරන්න

ඊ-මේල් ලැයිස්තු ග්‍රාහකත්වය

© ශ්‍රී ලංකා පාර්ලි‌‌මේන්තුව.සියලු හිමිකම් ඇවිරිණි.

විසඳුම Lankacom විසිනි