පාර්ලිමේන්තු සංකීර්ණයේ ඇති වටිනා ගෘහ නිර්මාණ සංරක්ෂණය කිරීමේ කමිටුව ප්‍රගතිය සමාලෝචනය කිරීමට රැස් වෙයි |
දිනය : | 2024-09-19 |
පාර්ලිමේන්තු සංකීර්ණයේ ඇති වටිනා ගෘහ නිර්මාණ සංරක්ෂණය කිරීමේ කමිටුව එහි ප්‍රගතිය සමාලෝචනය කිරීම සඳහා පාර්ලිමේන්තුවේ මහ ලේකම් කුෂානි රෝහණදීර මහත්මියගේ ප්‍රධානත්වයෙන් පසුගියදා (සැප්. 13) පාර්ලිමේන්තුවේදී රැස් වුණි.
පාර්ලිමේන්තු සංකීර්ණයේ පවතින වටිනා ගෘහ නිර්මාණවල ඇති සංස්කෘතික සංකේතාත්මක බව, භූමි අලංකරණය සහ වටපිටාව, ඓතිහාසික සන්දර්භය සහ ජාතික අනන්‍යතාවය යනාදී කරුණු හේතුවෙන් ඒවා අනාගත පරපුර වෙනුවෙන් සංරක්ෂණය කිරීමේ අවශ්‍යතාවය මත මෙම වැඩපිළිවෙළ ආරම්භ කෙරිණි.
මේ සඳහා බුද්ධශාසන ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍යාංශය, සංස්කෘතික කටයුතු දෙපාර්තමේන්තුව, ජාතික ලේඛනාරක්ෂක දෙපාර්තමේන්තුව, ජාතික කෞතුකාගාර දෙපාර්තමේන්තුව, මධ්‍යම සංස්කෘතික අරමුදල, පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව, ජාතික කලා මණ්ඩලය, රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව, ඊනා ද සිල්වා භාරකාර අරමුදල, ජෙෆ්රි බවා භාරකාර අරමුදල, ජාතික ශිල්ප සභාව සහ හස්ත කර්මාන්ත මණ්ඩලය නියෝජනය කරමින් නිලධාරීහු සහභාගී වූහ.
මෙහිදී ජෙෆ්රි බවා භාරකාර අරමුදල නියෝජනය කරමින් පැමිණි නිලධාරීන් මෙතෙක් කරන ලද නිරීක්ෂණයන් අනුව පාර්ලිමේන්තුවේ පවතින ප්‍රතිසංස්කරණය විය යුතු ස්ථාන සහ වස්තුන් පිළිබඳව පැහැදිලි කරන ලදි.
ඒ අනුව පාර්ලිමේන්තු ගොඩනැගිල්ල, සෙන්කෝලය, රිදී දොරටුව, තඹ දොරටුව, සිංහ දොරටුව සභා ගර්භයේ සීමාව, පිත්තල කොඩි 18, පොකුරු පහණ, රැස්වීම් ශාලාවේ සිවිලිම, තඹ දොර ඉදිරිපිට සිවිලිම, උත්සව ධජ 18, රේඛා චිත්‍ර, මන්ත්‍රී පිවිසුමේ ලී බිතුසිතුවම, කාර්ය මණ්ඩල ප්‍රවේශයේ බිතුසිතුවම්, ප්‍රභූ ආලින්දයේ සිතුවම්, ගරු මන්ත්‍රීවරුන්ගේ පෞද්ගලික භෝජනාගාරයේ සිතුවම්, දෙවන මහලේ පොට්ට්‍රේට් ගැලරිය, බිම් මහලේ ඡායාරූප ගැලරිය සහ වෙනත් වැදගත් ඡායාරූප /චිත්‍ර මෙන්ම ප්‍රදර්ශන කුටියේ ඇති පුරාවස්තු සංරක්ෂණය කිරීම පිළිබඳ මෙහිදී සාකච්ඡා කෙරුණි.
තවදුරටත් මේ සම්බන්ධයෙන් ඉදිරි වැඩපිළිවෙල පිළිබඳ සාකච්ඡා කිරීමට ඔක්තෝබර් 14 වැනිදා යළි රැස්වීමට මෙහිදී තීරණය විය.
මෙම රැස්වීමට පාර්ලිමේන්තුවේ කාර්ය මණ්ඩල ප්‍රධානී සහ නියෝජ්‍ය මහ ලේකම් චමින්ද කුලරත්න, සහකාර මහ ලේකම් හංස අබේරත්න සහ වේත්‍රධාරී කුෂාන් ජයරත්න යන මහත්වරු ඇතුළු පාර්ලිමේන්තුවේ දෙපාර්තමේන්තු ප්‍රධානීන් එක්ව සිටියහ.
ක්ෂණික සබැඳි
-

පාර්ලිමේන්තු දිනදසුන -

පනත් සහ පනත් කෙටුම්පත් -

කාරක සභා -

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව -

පාර්ලිමේන්තුව සජීවීව -

කාරක සභා සජීවීව - පටිගත කළ -

ඡායාරූප ගැලරිය -

පුවත් -

බාගත කිරීම් -

තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම -

තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම - කථානායක කාර්යාලය -

අයවැය 2026 -

නව වෙබ් අඩවිය (BETA අනුවාදය) -

ජාතික පොලිස් කොමිෂන් සභාවේ සාමාජික ධුරයට පත්කිරීම









