ශ්‍රී ලංකා

පාර්ලිමේන්තුව

English (UK)Tamil-SriLanka

රාජ්‍ය සේවා කොමිෂන් සභාව සඳහා සාමාජිකයකු පත්කිරීම සඳහා අයදුම්පත්‍ර කැඳවයි

දිනය : 2024-09-04

රාජ්‍ය සේවා කොමිෂන් සභාවේ සාමාජික ධුරයක ඇතිවී තිබෙන පුරප්පාඩුව පිරවීම සඳහා මේ පිළිබඳ උනන්දුවක් දක්වන තැනැත්තන්ගෙන් අයදුම්පත්‍ර කැඳවා ඇත.

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 54 ව්‍යවස්ථාවේ සඳහන් කර ඇති පරිදි යම් තැනැත්තෙක් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු, පළාත් සභා මන්ත්‍රීවරයකු හෝ පළාත් පාලන ආයතනයක සභිකයකු වේ නම් එවැනි තැනැත්‍තකු රාජ්‍ය සේවා කොමිෂන් සභාවේ සාමාජිකයකු ලෙස පත්වීම සඳහා සුදුසුකම් නොලනු ඇත.

එමෙන්ම කොමිෂන් සභාවේ සාමාජිකයකු ලෙස පත් කරනු ලැබීමට පෙරාතුව රාජ්‍ය සේවයේ රජයේ නිලධර‍යකු හෝ අධිකරණ නිලධාරියකු හෝ වශයෙන් රජයේ සේවයේ නිරතව සිටි සෑම තැනැත්තකුම එම ධුරය දැරීම ඉහත කී පත්කිරීම බලාත්මක වූ විට නතර වන අතර රාජ්‍ය නිලධර‍යකු හෝ අධිකරණ නිලධාරියකු ලෙස තවදුරටත් පත් කරනු ලැබීමට ඒ තැනැත්තා නුසුදුස්සකු වනු ඇත.

මේ සඳහා වන අයදුම්පත්‍ර පාර්ලිමේන්තු වෙබ් අඩවියෙහි ක්ෂණික සබැඳි යටතේ ‘රාජ්‍ය සේවා කොමිෂන් සභාව සඳහා සාමාජිකයන් පත්කිරීම’ නමින් පළකර ඇති ආකෘතිය අනුව පිළියෙල කර, සම්පූර්ණ කරන ලද අයදුම්පත්‍ර 2024 සැප්තැම්බර් මස 23 දින හෝ එදිනට පෙර, “ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවේ මහ ලේකම්, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව - කාර්යාලය, ශ්‍රි ලංකා පාර්ලිමේන්තුව, ශ්‍රි ජයවර්ධනපුර, කෝට්ටේ” යන ලිපිනයට ලියාපදිංචි තැපෑලෙන් හෝ constitutionalcouncil@parliament.lk යන විද්‍යුත් ලිපිනයට යොමු කළ යුතුය.

ලියුම් කවරයේ ඉහළ වම් කෙළවරේ/ විද්‍යුත් ලිපියෙහි විෂය වශයෙන් ‘රාජ්‍ය සේවා කොමිෂන් සභාව සඳහා සාමාජිකයන් පත්කිරීම’ යනුවෙන් සඳහන් කළ යුතුය.

 

ප්‍රචාරණය කරන්න

Submit to Delicious Submit to Digg Submit to Facebook Submit to Google Bookmarks Submit to Twitter Submit to LinkedIn

පාර්ලිමේන්තු දිනදසුන

පාර්ලිමේන්තු ජංගම යෙදුම බාගත කරන්න

ඊ-මේල් ලැයිස්තු ග්‍රාහකත්වය

© ශ්‍රී ලංකා පාර්ලි‌‌මේන්තුව.සියලු හිමිකම් ඇවිරිණි.

විසඳුම Lankacom විසිනි