ශ්‍රී ලංකා

පාර්ලිමේන්තුව

English (UK)Tamil-SriLanka

පාර්ලිමේන්තුවේ නියෝජ්‍ය මහ ලේකම් චමින්ද කුලරත්න මහතා, මහජන චීන සමූහාණ්ඩුවේ ජාතික මහජන කොංග්‍රසය අන්තර් පාර්ලිමේන්තු සංගමය සමග වසර 40ක් සම්පූර්ණ වීමේ සැමරුම් උත්සවයට සහ සංවර්ධනය වෙමින් පවතින රටවල පාර්ලිමේන්තු සඳහා තිරසර සංවර්ධන ඉලක්ක සපුරා ගැනීම පිළිබඳ 2024 අන්තර් කලාපීය සම්මේලනයට සහභාගී වෙයි

දිනය : 2024-09-02

පාර්ලිමේන්තුවේ කාර්ය මණ්ඩල ප්‍රධානී සහ නියෝජ්‍ය මහ ලේකම් චමින්ද කුලරත්න මහතා මහජන චීන සමූහාණ්ඩුවේ ජාතික මහජන කොංග්‍රසය, අන්තර් පාර්ලිමේන්තු සංගමය (IPU) සමඟ සම්බන්ධ වීමේ 40 වැනි සංවත්සර සැමරුම සහ සංවර්ධනය වෙමින් පවතින රටවල පාර්ලිමේන්තු සඳහා තිරසාර සංවර්ධන ඉලක්ක (SDGs) සාක්ෂාත් කර ගැනීමේ 2024 අන්තර් කලාපීය සම්මන්ත්‍රණය සඳහා සහභාගී වූ අතර පසුගිය අගෝස්තු 18 සිට 28 දක්වා චීනයේ පැවති සම්මේලනය සඳහා ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව නියෝජනය කරමින් ඒ මහතා සහභාගී විය.

මෙම සමුළුවට රටවල් 34 ක නියෝජිතයින් සහභාගී වූ අතර, අන්තර් පාර්ලිමේන්තු සංගමයේ (IPU) සභාපති ආචාර්ය ටුලියා ඇස්කන්, (Dr.Tulia Ackson) මහ ලේකම් මාටින් චුංගොං සහ අන්තර් පාර්ලිමේන්තු සංගමයට අයත් රටවල් නියෝජනය කරමින් ගරු කථානායකවරු, නියෝජ්‍ය කථානායකවරු, ඇමතිවරු, පාර්ලිමේන්තු මන්ත්‍රීවරු, මහ ලේකම්වරු සහ නිලධාරීහු සහභාගී වූහ.

සමුළුව අතරතුර මෙම නියෝජිතයින් මහජන චීන සමූහාණ්ඩුවේ ජනාධිපති ගරු ෂී ජින්පිං, ජාතික මහජන කොංග්‍රසයේ සභාපති ගරු සා‍ඕ ලෙජී (Zhao Leji), ජාතික මහජන කොංග්‍රසයේ උප සභාපති ගරු ලී හොන්ග්සොන්ග් (Li Hongzhong), ජාතික මහජන කොංග්‍රසයේ මහලේකම් ගරු ලියු ක්වියි (Liu Qi), ෂැන්සි පළාතේ චීන කොමියුනිස්ට් පක්ෂයේ ලේකම් ගරු ටෑං ඩෙන්ජි, ටියැන්ජින් නාගරික මහජන කොංග්‍රසයේ ස්ථාවර කමිටුවේ සභාපති ගරු යූ යුන්ලින් සහ තවත් ඉහළ මට්ටමේ චීන දේශපාලනඥයන් සහ නිලධාරීහු පිරිසක්ද හමුවී සාකච්ඡා පැවත්වූහ.

මෙම සමුළුවේ සමාරම්භක උත්සවය මහජන චීන සමූහාණ්ඩුවේ ජාතික මහජන කොංග්‍රසයේ (චීන පාර්ලිමේන්තුවේ) ප්‍රධාන ශාලාවේදී ජාතික මහජන කොංග්‍රසයේ සභාපති කථානායක ගරු සිඕ ලෙජි (Zhao Leji) මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණි. මෙම සම්මන්ත්‍රණයේදී චමින්ද කුලරත්න මහතා නවීකරණය සඳහා ශක්තිමත් පසුබිමක් සැපයීමට ජාතික තත්ත්වයන්ට ගැළපෙන ආකාරයෙන් ප්‍රජාතන්ත්‍රවාදය වර්ධනය කිරීම යන තේමාව ඔස්සේ සභාව ඇමතීය.

මීට අමතරව චමින්ද කුලරත්න මහතා නියෝජිත ප්‍රධානීන් සහ නියෝජිත මන්ත්‍රීවරුන් පිරිසක්ද හමු වූ අතර එහිදී සංවර්ධනය වෙමින් පවතින රටවල පාර්ලිමේන්තු සඳහා තිරසාර සංවර්ධන ඉලක්ක ලඟාකරගැනීම සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම හා ඔවුන්ගේ අත්දැකීම් බෙදාගැනීම සිදුවිය.

සමුළුව අතරතුර මෙම නියෝජිතයින් චීන පාර්ලිමේන්තුව, චීන මහා ප්‍රාකාරය සහ චීන කොමියුනිස්ට් පක්ෂයේ කෞතුකාගාරය ඇතුළු වැදගත් ස්ථාන රැසක් නිරීක්ෂණය කිරීමටද සහභාගී විය.

 

1 4

2 3

 

ප්‍රචාරණය කරන්න

Submit to Delicious Submit to Digg Submit to Facebook Submit to Google Bookmarks Submit to Twitter Submit to LinkedIn

පාර්ලිමේන්තු දිනදසුන

පාර්ලිමේන්තු ජංගම යෙදුම බාගත කරන්න

ඊ-මේල් ලැයිස්තු ග්‍රාහකත්වය

© ශ්‍රී ලංකා පාර්ලි‌‌මේන්තුව.සියලු හිමිකම් ඇවිරිණි.

විසඳුම Lankacom විසිනි