ශ්‍රී ලංකා

පාර්ලිමේන්තුව

English (UK)Tamil-SriLanka

මැදපෙරදිග කලාපයේ රටවල් නියෝජනය කරන මාධ්‍යවේදීන් පිරිසක් පාර්ලිමේන්තුවේ අධ්‍යයන චාරිකාවක

දිනය : 2024-08-29

මැදපෙරදිග කලාපයේ රටවල් නියෝජනය කරන මාධ්‍යවේදීන් පිරිසක් පසුගියදා (අගෝ. 27) පාර්ලිමේන්තුවේ අධ්‍යයන චාරිකාවක නිරත වූහ. මෙහිදී ඔවුන් වෙනුවෙන් ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව පිළිබඳ දැනුවත් කිරීමේ වැඩසටහනක්ද සංවිධානය කොට තිබිණි.

පාර්ලිමේන්තුවේ ව්‍යුහය සහ කාර්යභාරය, නීති සම්පාදනය ක්‍රියාවලිය, පාර්ලිමේන්තු විවාද කිරීමේ ක්‍රමවේද සහ පාර්ලිමේන්තු කාරක සභාවල කාර්යභාරය සහ පාර්ලිමේන්තු කටයුතු මහජනතාව වෙත ගෙන යාම ආදිය පිළිබඳව මෙහිදී දීර්ඝ වශයෙන් සාකච්ඡා කෙරිණි. විශේෂයෙන්ම දකුණු ආසියානු සන්දර්භය තුළ රටවල් අතර ද්විපාර්ශ්වික සහ බහුපාර්ශ්වික සබඳතා ක්‍රියාත්මක වන ආකාරය සහ තිරසාර සංවර්ධන ඉලක්ක සහ අනෙකුත් ජාත්‍යන්තර එකඟතා සාක්ෂාත් කර ගැනීම කෙරෙහි ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව අවධානය යොමු කරන ආකාරය පිළිබඳවද මෙහිදී විදෙස් ජනමාධ්‍යවේදීන් දැනුවත් කෙරිණි.

මෙම අවස්ථාවට පාර්ලිමේන්තුවේ මහ ලේකම් කුෂානි රෝහණදීර, සහකාර මහ ලේකම් හංස අබේරත්න, අධ්‍යක්ෂ (ව්‍යවස්ථාදායක සේවා) සහ වැඩ බලන අධ්‍යක්ෂ (සන්නිවේදන) එම්. ජයලත් පෙරේරා සහ ශ්‍රී ලංකා පුවත්පත් ආයතනයේ ප්‍රධාන විධායක නිලධාරී කුමාර් ලෝපේස් යන මහත්ම මහත්මීන් එක්ව සිටියහ.

මෙම චාරිකාව සඳහා කුවේට් රාජ්‍යය, ඊජිප්තුව, ඇල්ජීරියාව, මොරොක්කෝ රාජධානිය ඇතුළු රටවල් ගණනාවක් නියෝජනය කරමින් ජනමාධ්‍යවේදීන් සහභාගී විය. ජාත්‍යන්තර මාධ්‍යවේදීන් සඳහා වූ මධ්‍යස්ථානය (ICFJ) විසින් මෙම චාරිකාව සංවිධානය කර තිබූ අතර, ශ්‍රී ලංකා පුවත්පත් ආයතනය (SLPI) ඒ සඳහා සහයෝගය දක්වා තිබිණි.

 

1 2

3

ප්‍රචාරණය කරන්න

Submit to Delicious Submit to Digg Submit to Facebook Submit to Google Bookmarks Submit to Twitter Submit to LinkedIn

පාර්ලිමේන්තු දිනදසුන

පාර්ලිමේන්තු ජංගම යෙදුම බාගත කරන්න

ඊ-මේල් ලැයිස්තු ග්‍රාහකත්වය

© ශ්‍රී ලංකා පාර්ලි‌‌මේන්තුව.සියලු හිමිකම් ඇවිරිණි.

විසඳුම Lankacom විසිනි