ප්‍රජාතන්ත්‍රවාදයේ කේන්ද්‍රස්ථානය පාර්ලිමේන්තුවයි - කථානායක ගරු මහින්ද යාපා අබේවර්ධන මහතා අම්බලන්ගොඩ ධර්මාශෝක විද්‍යාලයේ ශිෂ්‍ය පාර්ලිමේන්තුවේ මංගල සභාවාරය ආරම්භ කරමින් පවසයි |
දිනය : | 2024-08-21 |
ප්‍රජාතන්ත්‍රවාදයේ කේන්ද්‍රස්ථානය පාර්ලිමේන්තුව බවත් දැනට ලොව පවතින වඩාත් යෝග්‍ය සහ සාර්ථකම ප්‍රජාතන්ත්‍රවාදී ක්‍රමය පාර්ලිමේන්තු ක්‍රමය තුළ ගොඩනැගී තිබෙන බවත් කථානායක ගරු මහින්ද යාපා අබේවර්ධන මහතා පැවසුවේය. වැඩිදුරටත් අදහස් දැක්වූ කථානායකවරයා, රටකට පාර්ලිමේන්තුවක් පැවතීමේ අවශ්‍යතාවය පෙන්වා දෙමින් ශිෂ්‍ය පාර්ලිමේන්තු ඔස්සේ පාසල් පද්ධතිය දියුණු කළ හැකි ආකාරය පෙන්වා දුන්නේය.
කථානායකවරයා මේ බව පැවසුවේ පසුගිය අගෝස්තු 16 වැනිදා පාර්ලිමේන්තුවේදී, ඒ මහතාගේ ප්‍රධානත්වයෙන් හා අම්බලන්ගොඩ ධර්මාශෝක විද්‍යාලයේ ආදිශිෂ්‍ය, පාර්ලිමේන්තුවේ මහලේකම් කුෂානි රෝහණධීර, පාර්ලිමේන්තුවේ සහකාර මහලේකම් හංස අබේරත්න යන මහත්ම මහත්මීන්ගේ සහභාගිත්වයෙන් පැවති අම්බලන්ගොඩ ධර්මාශෝක විද්‍යාලයේ ශිෂ්‍ය පාර්ලිමේන්තුවේ මංගල සභාවාරයේ සමාරම්භක අවස්ථාවට එක්වෙමිනි.
අම්බලන්ගොඩ ධර්මාශෝක විද්‍යාලයීය ශිෂ්‍ය ශිෂ්‍යාවන් සඳහා පාර්ලිමේන්තු ක්‍රමවේදය පිළිබඳ ප්‍රායෝගික අත්දැකීම් ලබාදීම අරමුණු කොටගෙන එම විද්‍යාලය හා ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ සන්නිවේදන දෙපාර්තමේන්තුව එක්ව මෙම වැඩසටහන සංවිධානය කර තිබුණි.
මෙහිදී පාර්ලිමේන්තු ක්‍රියාවලිය හා එහි කාර්යභාරය පිළිබඳව සිසුන් දැනුවත් කරමින් පාර්ලිමේන්තුවේ මහලේකම් කුෂානි රෝහණධීර මහත්මිය පාර්ලිමේන්තුව ක්‍රියාත්මක වන ආකාරය පිළිබඳව පුර්ණ පැහැදිලි කිරීමක් සිදු කළාය. තවද සභාව ආමන්ත්‍රණය කළ පාර්ලිමේන්තුවේ සහකාර මහලේකම් හංස අබේරත්න මහතා, නිවැරදි විෂය පථයන් ඔස්සේ පාසල තුළ ශිෂ්‍ය පාර්ලිමේන්තු ක්‍රියාත්මක වීම, පාසලේ සංවර්ධනයට බලපාන ආකාරය එහි වැදගත්කම පිළිබඳව අවධාරණය කළේය.
ඒ අනුව මෙහිදී අම්බලන්ගොඩ ධර්මාශෝක විද්‍යාලයේ ශිෂ්‍ය පාර්ලිමේන්තුවේ මංගල සභාවාරය අරඹමින් කථානායකවරයා තෝරා පත්කර ගැනීම සිදුවුණි. අනතුරුව අග්‍රාමත්‍යවරයා ඇතුළු අමාත්‍ය මණ්ඩලය හා මන්ත්‍රී කණ්ඩායම දිවුරුම් දීම සිදුවිය. පසුව ශිෂ්‍ය පාර්ලිමේන්තුවේ එක් එක් අමාත්‍යවරයා විසින් තමන් ක්‍රියාත්මක කිරීමට යෝජිත සැළසුම් පිළිබඳව සභාව දැනුවත් කරන ලදී.
මේ අවස්ථාව සඳහා පාර්ලිමේන්තුවේ අධ්‍යක්ෂ (ව්‍යවස්ථාදායක සේවා) හා වැඩ බලන අධ්‍යක්ෂ (සන්නිවේදන) එම්. ජයලත් පෙරේරා, අම්බලන්ගොඩ ධර්මාශෝක විද්‍යාලයේ විදුහල්පති කේ.ඒ.ඩී. කරුණාරත්න, සහකාර විදුහල්පතිවරුන්, විද්‍යාලයේ ආචාර්යවරුන්, අම්බලන්ගොඩ ධර්මාශෝක විද්‍යාලයේ ආදී ශිෂ්‍ය සංගමයේ කොළඹ ශාඛාවේ සභාපති විශ්‍රාමික එයාර් වයිස් මාර්ෂල් දිල්ෂාන් වාසගේ මහතා ඇතුළු නිළධාරී මහත්ම මහත්මීන්, විද්‍යාලයේ දූ දරුවන් ඇතුළු පිරිසක් සහභාගී වී සිටියහ.
ක්ෂණික සබැඳි
-

පාර්ලිමේන්තු දිනදසුන -

පනත් සහ පනත් කෙටුම්පත් -

කාරක සභා -

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව -

පාර්ලිමේන්තුව සජීවීව -

කාරක සභා සජීවීව - පටිගත කළ -

ඡායාරූප ගැලරිය -

පුවත් -

බාගත කිරීම් -

තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම -

තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම - කථානායක කාර්යාලය -

අයවැය 2026 -

නව වෙබ් අඩවිය (BETA අනුවාදය) -

ජාතික පොලිස් කොමිෂන් සභාවේ සාමාජික ධුරයට පත්කිරීම














