ශ්‍රී ලංකා

පාර්ලිමේන්තුව

English (UK)Tamil-SriLanka

බන්දුල ලාල් බණ්ඩාරිගොඩ මහතා පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු ලෙස දිවුරුම් දෙයි

දිනය : 2024-08-21

ගරු බන්දුල ලාල් බණ්ඩාරිගොඩ මහතා නවවැනි පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරයෙක් ලෙස කථානායක ගරු මහින්ද යාපා අබේවර්ධන මහතා ඉදිරියේ අද (අගෝ. 21) දිවුරුම් දුන්නේය.

කථානායකවරයා ඉදිරියේ දිවුරුම්දීමෙන් පසු ඒ මහතා පාර්ලිමේන්තුවේ මහ ලේකම් කුෂානි රෝහණදීර මහත්මිය ඉදිරියේදී මන්ත්‍රී නාමලේඛනයේ අත්සන් තැබීය.  

සමගි ජන බලවේගය නියෝජනය කරමින් ගාල්ල දිස්ත්‍රික්කයේ, පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු ලෙස කටයුතු කළ ගරු මනුෂ නානායක්කාර මහතාගේ මන්ත්‍රී ධූරය අහෝසි වීමත් සමග ඇති වූ පුරප්පාඩුව සඳහා  ගරු බන්දුල ලාල් බණ්ඩාරිගොඩ මහතා මෙලෙස පත් කරනු ලැබීය.

ගරු බන්දුල ලාල් බණ්ඩාරිගොඩ මහතා එක්සත් ජාතික පක්ෂය නියෝජනය කරමින් අටවැනි පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරයකු ලෙසද කටයුතු කළේය.

 

1 2

3

 

ප්‍රචාරණය කරන්න

Submit to Delicious Submit to Digg Submit to Facebook Submit to Google Bookmarks Submit to Twitter Submit to LinkedIn

පාර්ලිමේන්තු දිනදසුන

පාර්ලිමේන්තු ජංගම යෙදුම බාගත කරන්න

ඊ-මේල් ලැයිස්තු ග්‍රාහකත්වය

© ශ්‍රී ලංකා පාර්ලි‌‌මේන්තුව.සියලු හිමිකම් ඇවිරිණි.

විසඳුම Lankacom විසිනි