ශ්‍රී ලංකා

පාර්ලිමේන්තුව

English (UK)Tamil-SriLanka

ගරු කථානායකතුමාගේ නිවේදන - 2024.08.21

දිනය : 2024-08-21

පනත් කෙටුම්පත සලකා බැලීම සඳහා කාරක සභා සාමාජික මන්ත්‍රීවරයන් නම් කිරීම

“පළාත් සභා ඡන්ද විමසීම් (සංශෝධන)” පනත් කෙටුම්පත

“පළාත් සභා ඡන්ද විමසීම් (සංශෝධන)” නමැති පනත් කෙටුම්පත සලකා බැලීමසඳහා පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග 113(2) අනුව, ව්‍යවස්ථාදායක ස්ථාවර කාරක සභාවට ගරු නීතිඥ (ආචාර්ය) සුසිල් ප්‍රේමජයන්ත, ගරු ප්‍රසන්න රණතුංග, ගරු ජානක වක්කුඹුර, ගරු චාමර සම්පත් දසනායක, ගරු නීතිඥ චන්දිම වීරක්කොඩි, ගරු මනෝ ගනේෂන්, ගරු ඉරාන් වික්‍රමරත්න සහ ගරු ජගත් කුමාර සුමිත්‍රාආරච්චි යන පාර්ලිමේන්තු මන්ත්‍රීවරයන් අතිරේක සාමාජික මන්ත්‍රීවරයන් වශයෙන් තමා විසින් නම් කරන ලද බව කථානායක ගරු මහින්ද යාපා අබේවර්ධන මහතා අද (අගෝ. 21) පාර්ලිමේන්තුවට දැනුම් දුන්නේය.

 

“පාර්ලිමේන්තු මැතිවරණ (සංශෝධන)” පනත් කෙටුම්පත

“පාර්ලිමේන්තු මැතිවරණ (සංශෝධන)” නමැති පනත් කෙටුම්පත සලකා බැලීම සඳහා පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග 113(2) අනුව, ව්‍යවස්ථාදායක ස්ථාවර කාරක සභාවට ගරු නීතිඥ පවිත්‍රාදේවි වන්නිආරච්චි, ගරු කාංචන විජේසේකර, ගරු ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන්, ගරු රෝහණ දිසානායක, ගරු අනුරාධ ජයරත්න, ගරු නීතිඥ චන්දිම වීරක්කොඩි, ගරු මනෝ ගනේෂන් සහ ගරු ඉරාන් වික්‍රමරත්න යන පාර්ලිමේන්තු මන්ත්‍රීවරයන් අතිරේක සාමාජික මන්ත්‍රීවරයන් වශයෙන් තමා විසින් නම් කරන ලද බවද කථානායකවරයා දැනුම් දුන්නේය.

 

ප්‍රචාරණය කරන්න

Submit to Delicious Submit to Digg Submit to Facebook Submit to Google Bookmarks Submit to Twitter Submit to LinkedIn

පාර්ලිමේන්තු දිනදසුන

පාර්ලිමේන්තු ජංගම යෙදුම බාගත කරන්න

ඊ-මේල් ලැයිස්තු ග්‍රාහකත්වය

© ශ්‍රී ලංකා පාර්ලි‌‌මේන්තුව.සියලු හිමිකම් ඇවිරිණි.

විසඳුම Lankacom විසිනි