ශ්‍රී ලංකා

පාර්ලිමේන්තුව

English (UK)Tamil-SriLanka

ශ්‍රී ලංකාවේ පලස්තීන තානාපති ආචාර්ය සුහයිර් එම්.එච්. සෙයිඩ් මහතා කථානායක ගරු මහින්ද යාපා අබේවර්ධන මහතා හමුවෙයි

දිනය : 2024-08-16

ශ්‍රී ලංකාවෙන් පිටත්ව යන ශ්‍රී ලංකාවේ පලස්තීන තානාපති ආචාර්ය සුහයිර් එම්.එච්. සෙයිඩ් මහතා පසුගියදා (අගෝ. 07) පාර්ලිමේන්තුවේ දී කථානායක ගරු මහින්ද යාපා අබේවර්ධන මහතා හමුවිය. මේ අවස්ථාව සඳහා පාර්ලිමේන්තු මහ ලේකම් කුෂානි රෝහණදීර මහත්මිය ද එක්ව සිටියාය.

මෙම හමුවේදී කථානායකවරයා පලස්තීනයේ වත්මන් තත්ත්වය පිළිබඳව විමසා සිටියේය. මෙහිදී අදහස් දක්වමින් පලස්තීන තානාපතිවරයා වර්තමානයේ පලස්තීනය මුහුණ දී සිටින ආර්ථික, සමාජීය සහ මානුෂීය ගැටලු පිළිබඳව දැනුවත් කළේය.

දුෂ්කර අවස්ථාවන්හිදී පලස්තීනය වෙනුවෙන් සහයෝගය ලබාදුන් සියලුම ශ්‍රී ලාංකිකයන් වෙනුවෙන් තානාපතිවරයා සිය කෘතඥතාව කථානායකවරයා වෙත පළ කළේය. ශ්‍රී ලංකාවේ සේවය කළ කාලය තුළ, තමන් වෙත දැක්වූ සහයෝගය පිළිබඳව ශ්‍රී ලංකාවට ස්තුතිය පළ කළ තානාපතිවරයා දෙරට අතර ඓතිහාසික සබඳතා තවදුරටත් වර්ධනය කරගත යුතු බව අවධාරණය කළේය. ප්‍රජාතන්ත්‍රවාදී මැතිවරණ පවත්වා ජයග්‍රහණය කිරීමෙන් පෞද්ගලික ආයෝජන ගෙන්වා ගත හැකි බවද ඒ මහතා වැඩි දුරටත් අදහස් දක්වමින් පෙන්වා දුන්නේය.

ශ්‍රී ලංකාව සහ පලස්තීනය අතර රාජ්‍ය තාන්ත්‍රික හා සංස්කෘතික සබඳතා ප්‍රවර්ධනය කිරීම සඳහා ශ්‍රී ලංකාවේ පලස්තීන තානාපති ආචාර්ය සුහයිර් මහතා දැක්වූ සහයෝගය පිළිබඳව කථානායකවරයා සිය ප්‍රසාදය පළ කළේය.

 

1 2

3

ප්‍රචාරණය කරන්න

Submit to Delicious Submit to Digg Submit to Facebook Submit to Google Bookmarks Submit to Twitter Submit to LinkedIn

පාර්ලිමේන්තු දිනදසුන

පාර්ලිමේන්තු ජංගම යෙදුම බාගත කරන්න

ඊ-මේල් ලැයිස්තු ග්‍රාහකත්වය

© ශ්‍රී ලංකා පාර්ලි‌‌මේන්තුව.සියලු හිමිකම් ඇවිරිණි.

විසඳුම Lankacom විසිනි