ශ්‍රී ලංකා

පාර්ලිමේන්තුව

English (UK)Tamil-SriLanka

ආර්ථික පරිවර්තන පනත් කෙටුම්පතට කථානායකවරයාගේ සහතිකය

දිනය : 2024-08-12

ආර්ථික පරිවර්තන පනත් කෙටුම්පත සඳහා කථානායක ගරු මහින්ද යාපා අබේවර්ධන මහතා 2024.08.09 දින සිය සහතිකය සටහන් කළේය.

ආර්ථික පරිවර්තනය පිළිබඳ ජාතික ප්‍රතිපත්තිය සඳහා විධි විධාන සැලසීම අරමුණු කරගත් මෙම පනත් කෙටුම්පත 2024  මැයි 22 වැනි දින පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලදී. අනතුරුව 2024 ජූලි 25 වැනිදා පාර්ලිමේන්තුවේදී දෙවන වර කියවීමේ විවාදය පැවැත්විණි. එහිදී  මෙම පනත් කෙටුම්පත ඡන්ද විමසීමකින් තොරව සංශෝධන සහිතව සම්මත විය.

ඒ අනුව මෙම පනත් කෙටුම්පත 2024 අංක 45 දරන  ආර්ථික පරිවර්තන පනත ලෙස  හැඳින්වේ.

 

ප්‍රචාරණය කරන්න

Submit to Delicious Submit to Digg Submit to Facebook Submit to Google Bookmarks Submit to Twitter Submit to LinkedIn

පාර්ලිමේන්තු දිනදසුන

පාර්ලිමේන්තු ජංගම යෙදුම බාගත කරන්න

ඊ-මේල් ලැයිස්තු ග්‍රාහකත්වය

© ශ්‍රී ලංකා පාර්ලි‌‌මේන්තුව.සියලු හිමිකම් ඇවිරිණි.

විසඳුම Lankacom විසිනි