ශ්‍රී ලංකා

පාර්ලිමේන්තුව

English (UK)Tamil-SriLanka

වෛද්‍ය (සංශෝධන) පනත් කෙටුම්පත් දෙකක් අද පාර්ලිමේන්තුවේදී සංශෝධන සහිතව සම්මත වෙයි

දිනය : 2024-08-08

වෛද්‍ය (සංශෝධන) පනත් කෙටුම්පත් දෙකක් අද (අගෝ. 08) පාර්ලිමේන්තුවේදී සංශෝධන සහිතව සම්මත විය. අද පෙරවරු  10.30 සිට මෙම පනත් කෙටුම්පත් දෙක පිළිබඳ දෙවැනිවර කියවීමේ විවාදය පැවති අතර එහිදී උක්ත පනත් කෙටුම්පත් සම්මත කිරීමේ වැදගත්කම පිළිබඳ මන්ත්‍රීවරයන් විසින් අදහස් ඉදිරිපත් කරන ලදී. විවාදය අවසානයේ එළැඹි කාරක සභා අවස්ථාවන්හිදී පනත් කෙටුම්පත් සඳහා සංශෝධන ඉදිරිපත් කරන ලද අතර අනතුරුව පනත් කෙටුම්පත් දෙක ඡන්ද විමසීමකින් තොරව සංශෝධන සහිතව සම්මත විය.

වෛද්‍ය ආඥා පනතේ වගන්ති සංශෝධනය කිරීම අරමුණ කර ගත් මෙම වෛද්‍ය (සංශෝධන) පනත් කෙටුම්පත් දෙක සෞඛ්‍ය අමාත්‍යවරයා විසින් පසුගිය ජූලි 02 වැනි දින පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලදී.

ප්‍රචාරණය කරන්න

Submit to Delicious Submit to Digg Submit to Facebook Submit to Google Bookmarks Submit to Twitter Submit to LinkedIn

පාර්ලිමේන්තු දිනදසුන

පාර්ලිමේන්තු ජංගම යෙදුම බාගත කරන්න

ඊ-මේල් ලැයිස්තු ග්‍රාහකත්වය

© ශ්‍රී ලංකා පාර්ලි‌‌මේන්තුව.සියලු හිමිකම් ඇවිරිණි.

විසඳුම Lankacom විසිනි