පාර්ලිමේන්තුවේ භෝජනාගාර සේවකයන් දෙදෙනෙකු අතර 2024.08.06 දින සිදුවූ සිදුවීමක් පිළිබඳව වූ මාධ්‍ය වාර්තා සම්බන්ධවයි |
දිනය : | 2024-08-08 |
පාර්ලිමේන්තුවේ භෝජනාගාරයේ සේවකයන් දෙදෙනෙකු අතර අගෝස්තු 06 වැනි දින රාජකාරි කටයුතු අතරතුරදී සිදුවූ යම් බහින්බස්වීමක් දුරදිග යාම හේතුවෙන් එය පිහි ඇනුමක් දක්වා දුරදිග ගොස් ඇති බවට ඊයේ (2024.08.07) පළවූ මාධ්‍ය වාර්තා සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවේ මහ ලේකම් කුෂානි රෝහණදීර මහත්මියගේ අවධානය යොමුව තිබේ.
පාර්ලිමේන්තු භෝජනාගාර සේවකයන් දෙදෙනෙකු අතර මෙවැනි බහින්බස්වීමක් ඇතිවූ බව තමාටද කරුණු වාර්තා වූ නමුත් එය එකිනෙකාට පහර දීගෙන පිහියකින් ඇනීමට උත්සහ කිරීම දක්වා වර්ධනය වූ බවට මාධ්‍ය මගින් වාර්තා කර ඇති කරුණු සාවද්‍ය හා නිවැරදි නොවන බව මහ ලේකම්වරිය වැඩිදුරටත් සඳහන් කරයි.
මෙවැනි සිද්ධියක් පිළිබඳව මෙලෙස අතිශයෝක්තියකින් යුතුව සාවද්‍ය කරුණු වාර්තා කිරීම මගින් මෙරට උත්තරීතර ආයතනය වන පාර්ලිමේන්තුවේ කීර්තිනාමයට බලවත් කැළලක් සහ හානියක් සිදු වන බැවින් මෙවැනි දෑ වාර්තා කිරීමේදී සියළු මාධ්‍ය දැඩි වගකීමකින් යුතුව කටයුතු කිරීමේ වැදගත්කම මහ ලේකම්වරිය තවදුරටත් අවධාරණය කරනු ලබයි.
ක්ෂණික සබැඳි
-

පාර්ලිමේන්තු දිනදසුන -

පනත් සහ පනත් කෙටුම්පත් -

කාරක සභා -

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව -

පාර්ලිමේන්තුව සජීවීව -

කාරක සභා සජීවීව - පටිගත කළ -

ඡායාරූප ගැලරිය -

පුවත් -

බාගත කිරීම් -

තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම -

තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම - කථානායක කාර්යාලය -

අයවැය 2026 -

නව වෙබ් අඩවිය (BETA අනුවාදය) -

ජාතික පොලිස් කොමිෂන් සභාවේ සාමාජික ධුරයට පත්කිරීම






