ශ්‍රී ලංකා

පාර්ලිමේන්තුව

English (UK)Tamil-SriLanka

එක්සත් ජනපද නියෝජිත මන්ත්‍රී මණ්ඩලයේ ප්‍රජාතන්ත්‍රවාදී එකමුතුවේ සාමාජිකයන් ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ සංචාරයක

දිනය : 2024-08-06

එක්සත් ජනපද නියෝජිත මන්ත්‍රී මණ්ඩලයේ ප්‍රජාතන්ත්‍රවාදී එකමුතුවේ (House Democracy Partnership) සාමාජිකයන් වන  ජැමෙයිකාවේ හිටපු මුදල් හා සැලසුම් අමාත්‍ය ගරු ආචාර්ය පීටර් ෆිලිප්ස්, කෙන්යාවේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ගරු න්දිරිටු මුරියිති සහ කොන්ග්‍රස් අයවැය කාර්යාලයේ නියෝජ්‍ය අධ්‍යක්ෂ ක්‍රිස්ටි හව්ලි ඇන්තනි යන මහත්ම මහත්මීහු පසුගියදා (අගෝ. 01) ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ සංචාරයක නිරත වූහ.

මෙහිදී ඔවුන් පාර්ලිමේන්තු කාර්යමණ්ඩල ප්‍රධානී හා නියෝජ්‍ය මහලේකම් චමින්ද කුලරත්න සහ සහකාර මහලේකම් හංස අබේරත්න යන මහත්වරුන් සමග සුහඳ සාකච්ඡාවක නිරත වූ අතර, රාජ්‍ය ණය කළමනාකරණය පිළිබඳව ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ කාර්යමණ්ඩල සාමාජිකයන් වෙනුවෙන් එම දූත පිරිසේ සම්පත් දායකත්වයෙන් පැවැත්වූ තෙදින වැඩමුලුවුව පිළිබඳව මෙහිදී සාකච්ඡා විය.

එසේම, පාර්ලිමේන්තු ක්‍රමය හා ව්‍යවස්ථාදායක ක්‍රියාවලිය, පාර්ලිමේන්තුවේ කාරක සභා ක්‍රමය, කාන්තා නියෝජනය සහ පාර්ලිමේන්තුවේ මහජන සම්බන්ධතා ක්‍රියාකාරකම් සහ එළඹෙන ජනාධිපතිවරණය පිළිබඳවද මෙහිදී අවධානය යොමු විය.

 

12

ප්‍රචාරණය කරන්න

Submit to Delicious Submit to Digg Submit to Facebook Submit to Google Bookmarks Submit to Twitter Submit to LinkedIn

පාර්ලිමේන්තු දිනදසුන

පාර්ලිමේන්තු ජංගම යෙදුම බාගත කරන්න

ඊ-මේල් ලැයිස්තු ග්‍රාහකත්වය

© ශ්‍රී ලංකා පාර්ලි‌‌මේන්තුව.සියලු හිමිකම් ඇවිරිණි.

විසඳුම Lankacom විසිනි