ශ්‍රී ලංකා

පාර්ලිමේන්තුව

English (UK)Tamil-SriLanka

ගම්පහ බණ්ඩාරනායක විද්‍යාලයේ X-Ban - 2024 අධ්‍යාපන හා වෙළඳ ප්‍රදර්ශනය ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් විවෘත කෙරේ

දිනය : 2024-07-26

  • පාර්ලිමේන්තුව සහ ව්‍යවස්ථාදායක ක්‍රියාවලිය පිළිබඳව දරුවන් දැනුවත් කිරීම සඳහා වෙනම ප්‍රදර්ශන කුටියක්.

 

ගම්පහ බණ්ඩාරනායක විද්‍යාලයේ 106 වැනි සංවත්සරයට සමගාමීව පවත්වනු ලබන X-Ban - 2024 අධ්‍යාපන, විද්‍යා, තාක්ෂණ හා වෙළෙඳ ප්‍රදර්ශනය ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් පසුගියදා (ජූලි 24) විවෘත කෙරුණා.

සෞඛ්‍ය හා සනීපාරක්ෂාව ඉහළ නංවාලීම, හරිත ආර්ථිකයක් තුළින් තිරසර සංවර්ධනයක් ලබාගැනීම, සමාජ විවිධත්වය මතින් සහයෝගීතාව පුළුල් කිරීමත් එදිනෙදා ජීවිතයට කෘත්‍රීම බුද්ධිය යොදා ගැනීම යන තේමා මුල්කර ගනිමින් මෙහි ප්‍රදර්ශන කුටි ස්ථාපිත කොට ඇත.  

ඵ් අනුව, පාර්ලිමේන්තුව සහ ව්‍යවස්ථාදායක ක්‍රියාවලිය’ පිළිබඳව දරුවන් දැනුවත් කිරීම උදෙසා වෙනම ප්‍රදර්ශන කුටියක් ස්ථාපිත කොට ඇත. පාර්ලිමේන්තු සංකීර්ණයේ අනුරුව, සෙංකෝලේ අනුරුව, පාර්ලිමේතු සභා ගර්භය නිර්මාණය වී ඇති ආකාරය, කථානායකවරයකු සභාගර්භයේදී පළඳින නිළ ඇඳුමේ ආකෘති, පාර්ලිමේන්තුව නියෝජනය කළ කථානායකවරයන් පිළිබඳ තොරතුරු මෙන්ම පාර්ලිමේතුව පිළිබඳ කරුණු ඇතුලත් පොත් හා සඟරා විශාල ප්‍රමාණයකින් මෙම ප්‍රදර්ශනය කුටිය සමන්විතයි.ඒ අනුව අධ්‍යාපනික වශයෙන් වැදගත් මෙම ප්‍රදර්ශන කුටිය නැරඹීම සඳහා විශාල පිරිසක් පැමිණ සිටියහ. පාර්ලිමේන්තුවේ සන්නිවේදන දෙපාර්තමේන්තුවේ සම්පත් දායකත්වයෙන් විද්‍යාලයේ සිසුන් විසින් මෙම ප්‍රදර්ශන කුටිය පවත්වාගෙන යනු ලබයි.

විද්‍යාලයේ විදුහල්පති කසුන් ගුණරත්න මහතාගේ මගපෙන්වීම මත විද්‍යාලයීය ගුරුමණ්ඩලය, සිසුන් , ආදිසිසුන් හා දෙමාපියන්ගේ දායකත්වයෙන් මෙම ප්‍රදර්ශන සංවිධානය කොට ඇත. මෙම අධ්‍යාපන, විද්‍යා, තාක්ෂණ හා වෙළෙඳ ප්‍රදර්ශනය ජූලි 28 වැනි දින දක්වා පැවැත්වේ.

 

12

34

ප්‍රචාරණය කරන්න

Submit to Delicious Submit to Digg Submit to Facebook Submit to Google Bookmarks Submit to Twitter Submit to LinkedIn

පාර්ලිමේන්තු දිනදසුන

පාර්ලිමේන්තු ජංගම යෙදුම බාගත කරන්න

ඊ-මේල් ලැයිස්තු ග්‍රාහකත්වය

© ශ්‍රී ලංකා පාර්ලි‌‌මේන්තුව.සියලු හිමිකම් ඇවිරිණි.

විසඳුම Lankacom විසිනි