2024 ජූලි මස 26 වැනි දින සභාවේ කටයුතු |
දිනය : | 2024-07-26 |
|
කථානායක ගරු මහින්ද යාපා අබේවර්ධන මහතා මූලසනාරූඪ විය.
ලිපිලේඛනාදිය පිළිගැන්වීම
(i) 2022 වර්ෂය සඳහා කොළඹ විශ්වවිද්‍යාලයේ ජෛව රසායන, අණුක ජෛවවේද හා ජෛව තාක්ෂණ ආයතනයේ වාර්ෂික වාර්තාව
(ii) 2022 වර්ෂය සඳහා කොළඹ විශ්වවිද්‍යාලයේ කෘෂි තාක්ෂණික හා ග්‍රාමීය විද්‍යා ආයතනයේ වාර්ෂික වාර්තාව
(iii) 2022 වර්ෂය සඳහා කොළඹ විශ්වවිද්‍යාලයේ ජාතික පුස්තකාල හා විඥාපන විද්‍යා ආයතනයේ වාර්ෂික වාර්තාව
(iv) 1985 අංක 48 සහ 1987 අංක 28 දරන පනත් මඟින් සංශෝධිත 1969 අංක 1 දරන ආනයන හා අපනයන (පාලන) පනතේ 4(1), 6 සහ 14 වගන්ති සමඟ කියවිය යුතු 20 වගන්තිය යටතේ මුදල්, ආර්ථික ස්ථායිකරණ සහ ජාතික ප්‍රතිපත්ති අමාත්‍යවරයා විසින් සාදන ලදුව, 2024 ජුනි 28 දිනැති අංක 2390/19 දරන අති විශේෂ ගැසට් පත්‍රයේ පළ කරන ලද රෙගුලාසි
පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග 52(6) යටතේ වාර්තා පිළිගැන්වීම
පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග 52(6) යටතේ “වර්ල්ඩ් ලයිෆ් ලයින් යෝගා ආයතනය (සංස්ථාගත කිරීමේ)” නමැති පනත් කෙටුම්පත පිළිබඳ වාර්තාව ගරු ක්‍රීඩා හා යෞවන කටයුතු අමාත්‍යවරයා විසින් පිළිගන්වන ලදී.
කාරක සභා වාර්තා පිළිගැන්වීම
සෞඛ්‍ය පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාවේ වාර්තාව, එම කාරක සභාවේ සභාපති, ගරු මයන්ත දිසානායක මහතා විසින් පිළිගන්වන ලදී.
වරප්‍රසාද පිළිබඳ ප්‍රශ්න
ගරු (ආචාර්ය) හර්ෂ ද සිල්වා මහතා
රජයේ මුදල් පිළිබඳ කාරක සභාවේ වාර්තාව සහ තමන් පිළිබඳව ගරු ශෙහාන් සේමසිංහ මහතාගේ ප්‍රකාශය
ශෝක ප්‍රකාශ යෝජනා
පහත සඳහන් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් පිළිබඳ ශෝක ප්‍රකාශ යෝජනා සම්බන්ධයෙන් කථා පවත්වා අවසන් කරන ලදී:-
(i) අභාවප්‍රාප්ත ගරු ඒ.එච්.එම්. අලවි මහතා
(ii) අභාවප්‍රාප්ත ගරු එම්.එන්. අබ්දුල් මජීඩ් මහතා
(iii) අභාවප්‍රාප්ත ගරු පාලිත තෙවරප්පෙරුම මහතා
(iv) අභාවප්‍රාප්ත ගරු මිල්රෝයි ප්‍රනාන්දු මහතා
අනතුරුව, පාර්ලිමේන්තුව පැය 1434 ට 2024 අගෝස්තු මස 6 වැනි අඟහරුවාදා පැය 0930 දක්වා කල් තබන ලදී.
* මෙය සංස්කරණය නොකරන ලද අනුවාදයකි. මෙදින කටයුතුවල නිල වාර්තාව සඳහා කරුණාකර හැන්සාඩ් වාර්තාව බලන්න.