ශ්‍රී ලංකා

පාර්ලිමේන්තුව

English (UK)Tamil-SriLanka

සිවිල් නඩු විධාන සංග්‍රහය (සංශෝධන) පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවේදී සංශෝධන සහිතව සම්මතයි

දිනය : 2024-07-23

සිවිල් නඩු විධාන සංග්‍රහය (සංශෝධන) පනත් කෙටුම්පත අද (ජූලි 23) පාර්ලිමේන්තුවේදී ඡන්ද විමසීමකින් තොරව සංශෝධන සහිතව සම්මත විය.

පනත් කෙටුම්පත දෙවන වන කියවීමේ විවාදය අද (23) පෙරවරු 10.30 සිට පස්වරු 5.30 දක්වා පැවැත්වූ අතර ඉන් පසු එළැඹි කාරකසභා අවස්ථාවේදී පනත් කෙටුම්පතට සංශෝධන ඉදිරිපත් කෙරිණි.

(101 වන අධිකාරය වූ) සිවිල් නඩු විධාන සංග්‍රහයේ වගන්ති සංශෝධනය කිරීම සඳහා අධිකර‍ණ, බන්ධනාගාර කටයුතු හා ආ‍ණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ අමාත්‍ය ගරු විජේදාස රාජපක්ෂ මහතා විසින් උක්ත පනත් කෙටුම්පත 2024 මැයි 13 දින පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලදී.

මේ අතර අධිකරණ සංවිධාන පනත යටතේ අංක 2360/22 සහ 2371/13 දරන අතිවිශේෂ ගැසට් පත්‍රවල පළ කරනු ලැබූ නියෝග සදහා ද අද පාර්ලිමේන්තුවේ අනුමතිය හිමිවිය.

 

ප්‍රචාරණය කරන්න

Submit to Delicious Submit to Digg Submit to Facebook Submit to Google Bookmarks Submit to Twitter Submit to LinkedIn

පාර්ලිමේන්තු දිනදසුන

පාර්ලිමේන්තු ජංගම යෙදුම බාගත කරන්න

ඊ-මේල් ලැයිස්තු ග්‍රාහකත්වය

© ශ්‍රී ලංකා පාර්ලි‌‌මේන්තුව.සියලු හිමිකම් ඇවිරිණි.

විසඳුම Lankacom විසිනි