2024 ජූලි මස 23 වැනි දින සභාවේ කටයුතු |
දිනය : | 2024-07-23 |
|
නියෝජ්‍ය කථානායක සහ කාරක සභා සභාපති ගරු අජිත් රාජපක්ෂ මහතා මූලසනාරූඪ විය.
කථානායකවරයා විසින් කරනු ලබන නිවේදන
A : “විදේශ නඩු තීන්දු අන්‍යෝන්‍යව පිළිගැනීම, ලියාපදිංචි කිරීම සහ බලාත්මක කිරීම පිළිබඳ” නමැති පනත් කෙටුම්පත පිළිබඳව ශ්‍රේෂ්ඨාධිකරණයේ තීරණය
B : “ආගමන” නමැති පනත් කෙටුම්පත පිළිබඳව ශ්‍රේෂ්ඨාධිකරණයේ තීරණය
C : ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 79 වැනි ව්‍යවස්ථාව යටතේ පනත් කෙටුම්පත්වල සහතිකය සටහන් කිරීම
කථානායකවරයා විසින් ලිපිලේඛනාදිය පිළිගැන්වීම
A. ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 41උ (1) ව්‍යවස්ථාව ප්‍රකාරව, ඉදිරිපත් කරන ලද ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවේ දෙවැනි වාර්තාව
B.
(i) ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 154(6) ව්‍යවස්ථාව ප්‍රකාරව ─
• 2022 මුදල් වර්ෂය සඳහා විගණකාධිපතිවරයාගේ වාර්තාවේ සිව්වැනි කාණ්ඩයේ XXVIII කොටස; සහ
• 2023 මුදල් වර්ෂය සඳහා විගණකාධිපතිවරයාගේ වාර්තාවේ පළමුවැනි කාණ්ඩයේ V සහ VI කොටස්
(ii) ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 154(6) ව්‍යවස්ථාව ප්‍රකාරව විගණකාධිපතිවරයාගේ වාර්තාවේ අටවැනි කාණ්ඩය ─ ආසියානු සංවර්ධන බැංකුවේ ණය ආධාර මත සිදු කරනු ලැබූ ආහාර සුරක්ෂිතතාව හා ජීවනෝපාය ප්‍රතිසාධන හදිසි ආධාර ව්‍යාපෘතිය පිළිබඳ විශේෂ විගණන වාර්තාව
(iii) ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 154(6) ව්‍යවස්ථාව ප්‍රකාරව විගණකාධිපතිවරයාගේ වාර්තාවේ අටවැනි කාණ්ඩය ─ ශ්‍රී ලංකාවේ පෞද්ගලික සෞඛ්‍ය සේවාව නියාමනය කිරීමේ ක්‍රියාවලියේ කාර්ය සාධනය ඇගයීම පිළිබඳ කාර්ය සාධන විගණන වාර්තාව
ලිපිලේඛනාදිය පිළිගැන්වීම
(i) 2022 වර්ෂය සඳහා ශ්‍රී ලංකා විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාවේ වාර්ෂික වාර්තාව
(ii) 2022 වර්ෂය සඳහා ජාතික ළමා ආරක්ෂක අධිකාරියේ වාර්ෂික වාර්තාව
(iii) 2022 වර්ෂය සඳහා ශ්‍රී ලංකා සංවර්ධන පරිපාලන ආයතනයේ වාර්ෂික වාර්තාව
(iv) 2023 වර්ෂය සඳහා රෙජිස්ට්‍රාර් ජනරාල් දෙපාර්තමේන්තුවේ කාර්ය සාධන වාර්තාව හා ගිණුම්
(v) 2022 වර්ෂය සඳහා රජයේ මුද්‍රණ නීතිගත සංස්ථාවේ වාර්ෂික වාර්තාව
(vi) 2022 වර්ෂය සඳහා වවුනියාව විශ්වවිද්‍යාලයේ වාර්ෂික වාර්තාව
(vii) 2022 වර්ෂය සඳහා ලංකා ජර්මානු කාර්මික අභ්‍යාස ආයතනයේ වාර්ෂික වාර්තාව
(viii) 2023 වර්ෂය සඳහා අධ්‍යාපන ප්‍රකාශන දෙපාර්තමේන්තුවේ වාර්ෂික කාර්ය සාධන වාර්තාව
(ix) 2022/2023 වර්ෂය සඳහා සීමාසහිත ලංකා නැව් සංස්ථාවේ වාර්ෂික වාර්තාව
(x) 2023 වර්ෂය සඳහා ප්‍රවාහන හා මහාමාර්ග අමාත්‍යාංශයේ ප්‍රවාහන සහ මහාමාර්ග අංශවල වාර්ෂික කාර්ය සාධන වාර්තා
(xi) 2022 වර්ෂය සඳහා පොල් පර්යේෂණ ආයතනයේ වාර්ෂික වාර්තාව
(xii) 2023 වර්ෂය සඳහා ශ්‍රේෂ්ඨාධිකරණ රෙජිස්ට්‍රාර් දෙපාර්තමේන්තුවේ කාර්ය සාධන වාර්තාව
(xiii) 2020 වර්ෂය සඳහා ජාතික ව්‍යවසාය සංවර්ධන අධිකාරියේ වාර්ෂික වාර්තාව
(xiv) 2022 වර්ෂය සඳහා ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ වාර්ෂික වාර්තාව
(xv) 2022 වර්ෂය සඳහා පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියේ වාර්ෂික වාර්තාව
(xvi) 2021 අංක 11 දරන කොළඹ වරාය නගරය ආර්ථික කොමිෂන් සභාව පනතේ 27, 28 සහ 45 වගන්ති සමඟ කියවිය යුතු 71 වගන්තිය යටතේ කොළඹ වරාය නගරය ආර්ථික කොමිෂන් සභාව විමසා සහ අක්වෙරළ බැංකු ව්‍යාපාර කටයුතු සම්බන්ධයෙන් ශ්‍රී ලංකා මහ බැංකුවේ පාලක මණ්ඩලයේ එකඟත්වය ඇතිව, ආයෝජන ප්‍රවර්ධන අමාත්‍යවරයා විසින් සාදන ලදුව, 2024 ජුනි 06 දිනැති අංක 2387/38 දරන අති විශේෂ ගැසට් පත්‍රයේ පළ කරන ලද නියෝග
(xvii) 2021 අංක 11 දරන කොළඹ වරාය නගරය ආර්ථික කොමිෂන් සභාව පනතේ 53 වගන්තිය යටතේ කොළඹ වරාය නගරය ආර්ථික කොමිෂන් සභාවේ නිර්දේශ සැලකිල්ලට ගෙන සහ අමාත්‍ය මණ්ඩලයේ අනුමතිය මත, ආයෝජන ප්‍රවර්ධන අමාත්‍යවරයා විසින් පනවන ලදුව, 2024 අප්‍රේල් 05 දිනැති අංක 2378/35 දරන අති විශේෂ ගැසට් පත්‍රයේ පළ කරන ලද නියමය
(xviii) 2021 අංක 11 දරන කොළඹ වරාය නගරය ආර්ථික කොමිෂන් සභාව පනතේ 53 වගන්තිය යටතේ කොළඹ වරාය නගරය ආර්ථික කොමිෂන් සභාවේ නිර්දේශ සැලකිල්ලට ගෙන සහ අමාත්‍ය මණ්ඩලයේ අනුමතිය මත, ආයෝජන ප්‍රවර්ධන අමාත්‍යවරයා විසින් පනවන ලදුව, 2024 අප්‍රේල් 19 දිනැති අංක 2380/33 දරන අති විශේෂ ගැසට් පත්‍රයේ පළ කරන ලද නියමය
(xix) 2021 අංක 11 දරන කොළඹ වරාය නගරය ආර්ථික කොමිෂන් සභාව පනතේ 53 වගන්තිය යටතේ කොළඹ වරාය නගරය ආර්ථික කොමිෂන් සභාවේ නිර්දේශ සැලකිල්ලට ගෙන සහ අමාත්‍ය මණ්ඩලයේ අනුමතිය මත, ආයෝජන ප්‍රවර්ධන අමාත්‍යවරයා විසින් පනවන ලදුව, 2024 අප්‍රේල් 19 දිනැති අංක 2380/34 දරන අති විශේෂ ගැසට් පත්‍රයේ පළ කරන ලද නියමය
(xx) 2021 අංක 11 දරන කොළඹ වරාය නගරය ආර්ථික කොමිෂන් සභාව පනතේ 53 වගන්තිය යටතේ කොළඹ වරාය නගරය ආර්ථික කොමිෂන් සභාවේ නිර්දේශ සැලකිල්ලට ගෙන සහ අමාත්‍ය මණ්ඩලයේ අනුමතිය මත, ආයෝජන ප්‍රවර්ධන අමාත්‍යවරයා විසින් පනවන ලදුව, 2024 අප්‍රේල් 19 දිනැති අංක 2380/35 දරන අති විශේෂ ගැසට් පත්‍රයේ පළ කරන ලද නියමය
(xxi) 2021 අංක 11 දරන කොළඹ වරාය නගරය ආර්ථික කොමිෂන් සභාව පනතේ 53 වගන්තිය යටතේ කොළඹ වරාය නගරය ආර්ථික කොමිෂන් සභාවේ නිර්දේශ සැලකිල්ලට ගෙන සහ අමාත්‍ය මණ්ඩලයේ අනුමතිය මත, ආයෝජන ප්‍රවර්ධන අමාත්‍යවරයා විසින් පනවන ලදුව, 2024 අප්‍රේල් 19 දිනැති අංක 2380/36 දරන අති විශේෂ ගැසට් පත්‍රයේ පළ කරන ලද නියමය
(xxii) ක්‍රම හා විධි පිළිබඳ කාරක සභාව විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලද වාර්තාවේ ජල සම්පාදන සහ වතු යටිතල පහසුකම් සංවර්ධන අමාත්‍යාංශය සම්බන්ධ කරුණු පිළිබඳව පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග 124(6) ප්‍රකාරව නිරීක්ෂණ සහ ගනු ලැබූ ක්‍රියාමාර්ග පිළිබඳ වාර්තාව
කාරක සභා වාර්තා පිළිගැන්වීම
(i) නවවැනි පාර්ලිමේන්තුවේ පස්වැනි සභාවාරය සඳහා රජයේ ගිණුම් පිළිබඳ කාරක සභාවේ තෙවැනි වාර්තාව, එම කාරක සභාවේ සභාපති, ගරු ලසන්ත අලගියවන්න මහතා විසින් පිළිගන්වන ලදී.
(ii) පරිසරය, ස්වාභාවික සම්පත් හා තිරසර සංවර්ධනය පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාවේ වාර්තාව, එම කාරක සභාවේ සභාපති, ගරු අජිත් මාන්නප්පෙරුම මහතා විසින් පිළිගන්වන ලදී.
පෙත්සම් පිළිගැන්වීම
(i) ගරු ඉම්රාන් මහරූෆ් මහතා
(ii) ගරු ගාමිණී වලේබොඩ මහතා
(පෙත්සම් මහජන පෙත්සම් පිළිබඳ කාරක සභාවට යොමු කරනු ලැබේ)
පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග 27(2) යටතේ ප්‍රශ්න
(i) ගරු සජිත් ප්‍රේමදාස මහතා
නිල්වලා ගඟ හරහා ඉදිකර ඇති ලවණ බාධකය හේතුවෙන් පැන නැගුණු ගැටලු
(ii) ගරු (පූජ්‍ය) අතුරලියේ රතන හිමි
ජනාධිපතිවරණය පැවැත්වීම
ගරු පළාත් සභා, පළාත් පාලන සහ පරිසර රාජ්‍ය අමාත්‍යවරයා ඉහත ප්‍රශ්නයට පිළිතුරු දුන්නේ ය.
අමාත්‍යාංශ නිවේදන
වසන්ත සමරසිංහ මහතා විසින් ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාවේ සභාපති හඩ්සන් සමරසිංහ මහතාට එල්ල කළ මරණ තර්ජනයක් සම්බන්ධයෙන් ප්‍රවාහන හා මහාමාර්ග අමාත්‍ය සහ ජනමාධ්‍ය අමාත්‍ය, ගරු (ආචාර්ය) බන්දුල ගුණවර්ධන මහතා අමාත්‍යාංශ නිවේදනයක් කළේය.
වරප්‍රසාද පිළිබඳ ප්‍රශ්න
ගරු ශෙහාන් සේමසිංහ මහතා
වීසා ගැටලුව සම්බන්ධයෙන් රජයේ ගිණුම් කාරක සභාවේ වාර්තාව
පනත් කෙටුම්පත් පිළිගැන්වීම
පහත සඳහන් පනත් කෙටුම්පත් ගරු අධිකරණ, බන්ධනාගාර කටයුතු හා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ අමාත්‍යතුමා විසින් පිළිගන්වන ලදී -
(i) ප්‍රපාතන විරෝධී සහ ප්‍රතිතෝලන බදු (සංශෝධන) - 2018 අංක 2 දරන ප්‍රපාතන විරෝධී සහ ප්‍රතිතෝලන බදු පනත සංශෝධනය කිරීම සඳහා වූ
(ii) ආරක්ෂණ පියවර (සංශෝධන) - 2018 අංක 3 දරන ආරක්ෂණ පියවර පනත සංශෝධනය කිරීම සඳහා වූ
(iii) දණ්ඩ නීති සංග්‍රහය (සංශෝධන) - (19 වන අධිකාරය වූ) දණ්ඩ නීති සංග්‍රහය සංශෝධනය කිරීම සඳහා වූ
(iv) සමථ මණ්ඩල (සංශෝධන) - 1988 අංක 72 දරන සමථ මණ්ඩල පනත සංශෝධනය කිරීම සඳහා වූ
අද දින සභාවේ ප්‍රධාන කටයුතු
පහත සඳහන් අයිතමයන් (අද දින න්‍යාය පත්‍රයේ විෂය අංක 1 සිට 3 දක්වා සඳහන් වන) සභාව විසින් අනුමත කරන ලදී.:-
(i) සිවිල් නඩු විධාන සංග්‍රහය (සංශෝධන) පනත් කෙටුම්පත - සංශෝධන සහිතව
(ii) අධිකරණ සංවිධාන පනත යටතේ නියෝග දෙකක්
සභාව කල් තබන අවස්ථාවේ යෝජනාව
“තරුණයන්ගේ ප්‍රශ්න හඳුනාගෙන ඒවාට විසඳුම් සෙවීම” පිළිබඳ සභාව කල් තබන අවස්ථාවේ යෝජනාව ගරු හේෂා විතානගේ මහතා විසින් යෝජනා කරන ලදී.
අනතුරුව, පාර්ලිමේන්තුව පැය 1803 ට 2024 ජූලි මස 24 වැනි බදාදා පැය 0930 දක්වා කල් තබන ලදී.
* මෙය සංස්කරණය නොකරන ලද අනුවාදයකි. මෙදින කටයුතුවල නිල වාර්තාව සඳහා කරුණාකර හැන්සාඩ් වාර්තාව බලන්න.