2024 ජූලි මස 11 වැනි දින සභාවේ කටයුතු |
දිනය : | 2024-07-11 |
නියෝජ්‍ය කථානායක සහ කාරක සභා සභාපති ගරු අජිත් රාජපක්ෂ මහතා මූලසනාරූඪ විය.
කථානායකවරයා විසින් කරනු ලබන නිවේදන
A : බුද්ධශාසන, ආගමික සහ සංස්කෘතික කටයුතු පිළිබඳ අමාත්‍යාංශයීය උපදේශක කාරක සභාවේ සේවය කිරීම සඳහා මන්ත්‍රීවරයෙක් පත් කිරීම
B : පරිසරය, ස්වභාවික සම්පත් හා තිරසර සංවර්ධනය පිළිබඳ අමාත්‍යාංශයීය උපදේශක කාරක සභාවේ සේවය කිරීම සඳහා මන්ත්‍රීවරයෙක් පත් කිරීම
C : ආගමික කටයුතු හා සහජීවනය පිළිබඳ අමාත්‍යාංශයීය උපදේශක කාරක සභාවේ සේවය කිරීම සඳහා මන්ත්‍රීවරයෙක් පත් කිරීම
ලිපිලේඛනාදිය පිළිගැන්වීම
(i) 2023 වර්ෂය සඳහා ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ වාර්ෂික කාර්ය සාධන වාර්තාව
(ii) 2023 වර්ෂය සඳහා අධ්‍යාපන අමාත්‍යාංශයේ සාමාන්‍ය අධ්‍යාපනය, උසස් අධ්‍යාපනය සහ නිපුණතා සංවර්ධන, වෘත්තීය අධ්‍යාපන, පර්යේෂණ හා නව නිපැයුම් අංශවල වාර්ෂික කාර්ය සාධන වාර්තා
(iii) 2023 වර්ෂය සඳහා ජනමාධ්‍ය අමාත්‍යාංශයේ වාර්ෂික කාර්ය සාධන වාර්තාව
කාරක සභා වාර්තා පිළිගැන්වීම
නවවැනි පාර්ලිමේන්තුවේ පස්වැනි සභාවාරය සඳහා රජයේ ගිණුම් පිළිබඳ කාරක සභාවේ දෙවැනි වාර්තාව, එම කාරක සභාවේ සභාපති වෙනුවෙන් සාමාජික මන්ත්‍රී ගරු තිස්ස අත්තනායක මහතා විසින් පිළිගන්වන ලදී.
පෙත්සම් පිළිගැන්වීම
(i) ගරු අනුර දිසානායක මහතා - පෙත්සම් හතරයි
(ii) ගරු තිස්ස අත්තනායක මහතා - පෙත්සම් දෙකයි
(iii) ගරු බුද්ධික පතිරණ මහතා - පෙත්සම් දෙකයි
(පෙත්සම් මහජන පෙත්සම් පිළිබඳ කාරක සභාවට යොමු කරනු ලැබේ)
පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග 27(2) යටතේ ප්‍රශ්න
(i) ගරු සජිත් ප්‍රේමදාස මහතා
සමූපකාර ව්‍යාපාරය මුහුණදෙන ගැටලු
ගරු වෙළඳ, වාණිජ හා ආහාර සුරක්ෂිතතා අමාත්‍යවරයා ඉහත ප්‍රශ්නයට පිළිතුරු දුන්නේ ය.
(ii) ගරු අනුර දිසානායක මහතා
ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාව සහ ශ්‍රී ලංකා රූපවාහිනී සංස්ථාව පෞද්ගලීකරණය කිරීම ආදිය
(iii) ගරු (පූජ්‍ය) අතුරලියේ රතන හිමි
ව්දේශ ණය ලබාගැනීම සහ සංවර්ධන ව්‍යාපෘති
අමාත්‍යාංශ නිවේදන
විශ්‍රාමිකයින්ගේ ගැටලු සඳහා විසඳුම් දීම සම්බන්ධයෙන් 2024.07.09 දින ගරු සජිත් ප්‍රේමදාස මහතා විසින් පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග අංක 27(2) යටතේ අසන ලද ප්‍රශ්නයට මුදල්, ආර්ථික ස්ථායීකරණ සහ රාජ්‍ය ප්‍රතිපත්ති අමාත්‍යතුමා වෙනුවෙන් අමාත්‍ය මණ්ඩලයේ සාමාජික නොවන රාජ්‍ය වැවිලි ව්‍යවසාය ප්‍රතිසංස්කරණ අමාත්‍ය සහ මුදල් රාජ්‍ය අමාත්‍ය, ගරු රංජිත් සියඹලාපිටිය මහතා පිළිතුරු ලබා දුන්නේ ය.
වරප්‍රසාද පිළිබඳ ප්‍රශ්න
ගරු දයාසිරි ජයසේකර මහතා
ශ්‍රේෂ්ඨාධිකරණය විසින් දෙන ලද තීන්දුව
ගරු පාර්ලිමේන්තුවේ සභානායකතුමා ඉදිරිපත් කළ පහත සඳහන් යෝජනාවලට සභාව එකඟ විය -
යෝජිත ‘ව්‍යාපාර සූදානම් (B-READY) දර්ශකය’ සඳහා ශ්‍රී ලංකාව සූදානම් වීමේ දී මතු වන ප්‍රායෝගික ගැටලු හා දුෂ්කරතා අධ්‍යයනය කිරීමටත්, ඒ පිළිබඳව සිය යෝජනා හා නිර්දේශ ඉදිරිපත් කිරීමටත් වන පාර්ලිමේන්තු විශේෂ කාරක සභාව
යෝජිත ‘ව්‍යාපාර සූදානම් (B-READY) දර්ශකය’ සඳහා ශ්‍රී ලංකාව සූදානම් වීමේ දී මතු වන ප්‍රායෝගික ගැටලු හා දුෂ්කරතා අධ්‍යයනය කිරීමටත්, ඒ පිළිබඳව සිය යෝජනා හා නිර්දේශ ඉදිරිපත් කිරීමටත් වන පාර්ලිමේන්තු විශේෂ කාරක සභාව විසින් නිරීක්ෂණය කරනු ලැබූ කරුණු, 2024 ජූනි 20 දින පාර්ලිමේන්තුව විසින් සම්මත කරන ලද යෝජනාව මඟින් නියම කර ඇති පරිදි පාර්ලිමේන්තුවට වාර්තා කිරීමට තවදුරටත් කාලය අවශ්‍ය වන බැවින්, පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග 102 ප්‍රකාරව එකී කාරක සභාවට ලබාදී ඇති කාලසීමාව, 2024 අගෝස්තු 22 දින දක්වා දීර්ඝ කළ යුතුය.
සභාව කල් තබන අවස්ථාවේ යෝජනාව
“ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සහ අදාළ අනෙකුත් නීති ප්‍රකාරව 2024 සැප්තැම්බර් 17 සිට ඔක්තෝබර් 16 දක්වා කාලය අතරතුර ජනාධිපතිවරණය පැවැත්වීම” පිළිබඳ සභාව කල් තබන අවස්ථාවේ යෝජනාව ගරු අනුර දිසානායක මහතා විසින් යෝජනා කරන ලදී.
අනතුරුව, පාර්ලිමේන්තුව පැය 1730 ට 2024 ජූලි මස 12 වැනි සිකුරාදා පැය 0930 දක්වා කල් තබන ලදී.
* මෙය සංස්කරණය නොකරන ලද අනුවාදයකි. මෙදින කටයුතුවල නිල වාර්තාව සඳහා කරුණාකර හැන්සාඩ් වාර්තාව බලන්න.
ක්ෂණික සබැඳි
-

පාර්ලිමේන්තු දිනදසුන -

පනත් සහ පනත් කෙටුම්පත් -

කාරක සභා -

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව -

පාර්ලිමේන්තුව සජීවීව -

කාරක සභා සජීවීව - පටිගත කළ -

ඡායාරූප ගැලරිය -

පුවත් -

බාගත කිරීම් -

තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම -

තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම - කථානායක කාර්යාලය -

අයවැය 2026 -

නව වෙබ් අඩවිය (BETA අනුවාදය) -

ජාතික පොලිස් කොමිෂන් සභාවේ සාමාජික ධුරයට පත්කිරීම






