2024 ජූලි මස 02 වැනි දින සභාවේ කටයුතු

දිනය : 2024-07-02

Print

කථානායක ගරු මහින්ද යාපා අබේවර්ධන මහතා මූලසනාරූඪ විය.

 

කථානායකවරයා විසින් කරනු ලබන නිවේදන

ගරු අග්‍රාමාත්‍යතුමාගේ ඉල්ලීම පරිදි පාර්ලිමේන්තුව කැඳවීම

 

ජනාධිපතිවරයාගෙන් ලැබෙන සංදේශ

A : (40 වැනි අධිකාරිය වූ) මහජන ආරක්ෂක ආඥා පනත යටතේ ආඥාව

 

කථානායකවරයා විසින් කරනු ලබන නිවේදන

B : “ආර්ථික පරිවර්තන” නමැති පනත් කෙටුම්පත පිළිබඳව ශ්‍රේෂ්ඨාධිකරණයේ තීරණය
C : “රාජ්‍ය මූල්‍ය කළමනාකරණ” නමැති පනත් කෙටුම්පත පිළිබඳව ශ්‍රේෂ්ඨාධිකරණයේ තීරණය
D : ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 79 වැනි ව්‍යවස්ථාව යටතේ පනත් කෙටුම්පතක සහතිකය සටහන් කිරීම
E : “විදේශ නඩු තීන්දු අන්‍යෝන්‍යව පිළිගැනීම, ලියාපදිංචි කිරීම සහ බලාත්මක කිරීම පිළිබඳ” නමැති පනත් කෙටුම්පත සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණය වෙත ඉදිරිපත් කරන ලද පෙත්සමක පිටපතක් ලැබී ඇති බව
F : පාර්ලිමේන්තු මන්ත්‍රී ගරු රාජවරෝදයම් සම්පන්දන් මහතාගේ අභාවය  
G : පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාවේ සහ තේරීම් කාරක සභාවේ රැස්වීම්

 

ගරු ජනාධිපතිතුමාගේ විශේෂ ප්‍රකාශය

ණය ආපසු ගෙවීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකාවේ නිල ණය හිමියන් සමඟ ඇතිකරගත් ගිවිසුම පිළිබඳව ගරු ජනාධිපතිතුමා විසින් විශේෂ ප්‍රකාශයක් කරන ලදී.

 

ලිපිලේඛනාදිය පිළිගැන්වීම

1979 අංක 61 දරන අත්‍යාවශ්‍ය මහජන සේවා පනතේ 2 වගන්තිය ප්‍රකාරව ජනාධිපතිවරයා වෙත පැවරී ඇති බලතල අනුව, 2024 ජුනි 29 දිනැති අංක 2390/28 දරන අති විශේෂ ගැසට් පත්‍රයේ හා එහි උපලේඛනයෙහි පළ කරමින් කරන ලද ප්‍රකාශනය

 

නොපැමිණීමේ අවසරය පිළිබඳ යෝජනා

යාපනය මැතිවරණ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ගරු ජී. ජී. පොන්නම්බලම් මහතාට 2024.07.02 දින සිට බලපැවැත්වෙන පරිදි පාර්ලිමේන්තු රැස්වීම්වලට නොපැමිණ සිටීම සඳහා, ගරු ලක්ෂ්මන් කිරිඇල්ල මහතා විසින් ඉදිරිපත් කරන ලද යෝජනාවට පාර්ලිමේන්තුවේ අවසරය හිමි විය.

 

පනත් කෙටුම්පත් පිළිගැන්වීම

(i)    (105 වන අධිකාරය වූ) වෛද්‍ය ආඥාපනත සංශෝධනය කිරීම සඳහා වූ

“වෛද්‍ය (සංශෝධන)”

නමැති පනත් කෙටුම්පත ගරු ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායකවරයා විසින් පිළිගන්වන ලදී.

(ii)    (105 වන අධිකාරය වූ) වෛද්‍ය ආඥාපනත සංශෝධනය කිරීම සඳහා වූ

“වෛද්‍ය (සංශෝධන)”

නමැති පනත් කෙටුම්පත ගරු සභානායකවරයා විසින් පිළිගන්වන ලදී.

 

අනතුරුව, පාර්ලිමේන්තුව පැය 1106 ට 2024 ජූලි මස 9 වැනි අඟහරුවාදා පැය 0930 දක්වා කල් තබන ලදී.

 

 

 

 

*  මෙය සංස්කරණය නොකරන ලද අනුවාදයකි. මෙදින කටයුතුවල නිල වාර්තාව සඳහා කරුණාකර හැන්සාඩ් වාර්තාව බලන්න.