2024 ජුනි මස 19 වැනි දින සභාවේ කටයුතු |
දිනය : | 2024-06-19 |
කථානායක ගරු මහින්ද යාපා අබේවර්ධන මහතා මූලසනාරූඪ විය.
කථානායකවරයා විසින් කරනු ලබන නිවේදන
A : ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 79 වැනි ව්‍යවස්ථාව යටතේ පනත් කෙටුම්පත්වල සහතිකය සටහන් කිරීම
B : “සත්‍ය ශ්‍රී ගණපති භක්ති ජන සේවා පදනම (සංස්ථාගත කිරීමේ)” නමැති පනත් කෙටුම්පත සලකා බැලීම පිණිස ව්‍යවස්ථාදායක ස්ථාවර කාරක සභාවට නම් කරන ලද අතිරේක සාමාජික මන්ත්‍රීන්
කථානායකවරයා විසින් ලිපිලේඛනාදිය පිළිගැන්වීම
A. ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 154(6) ව්‍යවස්ථාව ප්‍රකාරව ─
- 2020 මුදල් වර්ෂය සඳහා විගණකාධිපතිවරයාගේ වාර්තාවේ නවවැනි කාණ්ඩයේ XLIII කොටස;
- 2021 මුදල් වර්ෂය සඳහා විගණකාධිපතිවරයාගේ වාර්තාවේ දෙවැනි කාණ්ඩයේ LIV කොටස; සහ
- 2022 මුදල් වර්ෂය සඳහා විගණකාධිපතිවරයාගේ වාර්තාවේ දෙවැනි කාණ්ඩයේ L කොටස සහ නවවැනි කාණ්ඩයේ XXXIII හා XXXIV කොටස්
B.
(i) ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 154(6) ව්‍යවස්ථාව ප්‍රකාරව 2023 මුදල් වර්ෂය සඳහා විගණකාධිපතිවරයාගේ වාර්තාවේ පළමුවැනි කාණ්ඩයේ III හා IV කොටස්
(ii) ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 154(6) ව්‍යවස්ථාව ප්‍රකාරව විගණකාධිපතිවරයාගේ වාර්තාවේ දසවැනි කාණ්ඩය ─ දේශීය ආදායම් දෙපාර්තමේන්තු මූලාශ්‍රයන්ට අනුව රජයට අයවිය යුතු නමුත් මෙතෙක් අය කරගෙන නොමැති එකතු කළ අගය මත බදු පිළිබඳ විශේෂ විගණන වාර්තාව
ලිපිලේඛනාදිය පිළිගැන්වීම
(i) 2022 වර්ෂය සඳහා ශ්‍රී ලංකා නිවාස සංවර්ධන මූල්‍ය සංස්ථා බැංකුවේ වාර්ෂික වාර්තාව
(ii) 2023 වර්ෂය සඳහා කළුතර, ගම්පහ, ත්‍රිකුණාමලය, මඩකලපුව සහ අනුරාධපුරය දිස්ත්‍රික් ලේකම් කාර්යාලවල වාර්ෂික කාර්ය සාධන වාර්තා
(iii) 2023 වර්ෂය සඳහා බහුකාර්ය සංවර්ධන කාර්ය සාධක බලකා දෙපාර්තමේන්තුවේ වාර්ෂික කාර්ය සාධන වාර්තාව
(iv) 2023 වර්ෂය සඳහා වනජීවී හා වන සම්පත් සංරක්ෂණ අමාත්‍යාංශයේ කාර්ය සාධන වාර්තාව
(v) 2022 වර්ෂය සඳහා ශ්‍රී ලංකා නීති ආධාර කොමිෂන් සභාවේ වාර්ෂික වාර්තාව
(vi) 2023 වර්ෂය සඳහා ක්‍රීඩා හා යෞවන කටයුතු අමාත්‍යාංශයේ වාර්ෂික කාර්ය සාධන වාර්තාව
(vii) 2023 වර්ෂය සඳහා ක්‍රීඩා සංවර්ධන දෙපාර්තමේන්තුවේ වාර්ෂික කාර්ය සාධන වාර්තාව
(viii) 2023 වර්ෂය සඳහා ඉඩම් හිමිකම් නිරවුල් කිරීමේ දෙපාර්තමේන්තුවේ කාර්ය සාධන වාර්තාව
(ix) 2023 වර්ෂය සඳහා ඉඩම් කොමසාරිස් ජනරාල් දෙපාර්තමේන්තුවේ වාර්ෂික කාර්ය සාධන වාර්තාව
(x) 2023 වර්ෂය සඳහා මහජන ආරක්ෂක අමාත්‍යාංශයේ වාර්ෂික කාර්ය සාධන වාර්තාව
(xi) රජයේ ගිණුම් පිළිබඳ කාරක සභාව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලද වාර්තාවල ධීවර අමාත්‍යාංශය සහ විසිතුරු මසුන්, මිරිදිය මත්ස්‍ය හා ඉස්සන් ඇතිකිරීම, ධීවර වරාය සංවර්ධන, බහුදින ධීවර කටයුතු හා මත්ස්‍ය අපනයන රාජ්‍ය අමාත්‍යාංශය සම්බන්ධ කරුණු පිළිබඳ පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග 119(4) ප්‍රකාරව නිරීක්ෂණ සහ ගනු ලැබූ ක්‍රියාමාර්ග පිළිබඳ වාර්තා
කාරක සභා වාර්තා පිළිගැන්වීම
(i) “ශෛලී අධ්‍යාපනික පදනම (සංස්ථාගත කිරීමේ) පනත් කෙටුම්පත” පිළිබඳ ව්‍යවස්ථාදායක ස්ථාවර කාරක සභාවේ වාර්තාව හා එහි කාර්ය සටහන්, එම කාරක සභාවේ සභාපති නියෝජ්‍ය කථානායක ගරු අජිත් රාජපක්ෂ මහතා විසින් පිළිගන්වන ලදී.
(ii) අධිකරණ, බන්ධනාගාර කටයුතු හා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ කටයුතු පිළිබඳ අමාත්‍යාංශයීය උපදේශක කාරක සභාවේ වාර්තාව, එම කාරක සභාවේ සභාපති, ගරු ජනාධිපති නීතිඥ (ආචාර්ය) විජයදාස රාජපක්ෂ මහතා විසින් පිළිගන්වන ලදී.
(iii) නවවැනි පාර්ලිමේන්තුවේ පස්වැනි සභාවාරය සඳහා රජයේ ගිණුම් පිළිබඳ කාරක සභාවේ පළමුවැනි වාර්තාව, එම කාරක සභාවේ සභාපති, ගරු ලසන්ත අලගියවන්න මහතා විසින් පිළිගන්වන ලදී.
(iv) රජයේ මුදල් පිළිබඳ කාරක සභාවේ වාර්තාව, එම කාරක සභාවේ සභාපති, ගරු (ආචාර්ය) හර්ෂ ද සිල්වා මහතා විසින් පිළිගන්වන ලදී.
පෙත්සම් පිළිගැන්වීම
ගරු බුද්ධික පතිරණ මහතා - පෙත්සම් හතයි
(පෙත්සම් මහජන පෙත්සම් පිළිබඳ කාරක සභාවට යොමු කරනු ලැබේ)
පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග 27(2) යටතේ ප්‍රශ්න
(i) ගරු සජිත් ප්‍රේමදාස මහතා
උපාධිධාරීන්ගේ රැකියා විරහිතභාවය, විශ්වවිද්‍යාලයීය අනධ්‍යයන සේවකයින්ගේ වැටුප් සහ පාසල්වලට පත්කළ සංවර්ධන නිලධාරීන් පිළිබඳ ගැටලු
ගරු අධ්‍යාපන අමාත්‍යවරයා ඉහත ප්‍රශ්නයට පිළිතුරු දුන්නේ ය.
(ii) ගරු (පූජ්‍ය) අතුරලියේ රතන හිමි
උතුරු සහ නැගෙනහිර ප්‍රදේශවල ඓතිහාසික වටිනාකමක් ඇති ඉඩම් සමාගම්වලට ලබාදීම
ගරු බුද්ධශාසන, ආගමික සහ සංස්කෘතික කටයුතු අමාත්‍යවරයා ඉහත ප්‍රශ්නයට පිළිතුරු දුන්නේ ය.
අමාත්‍යාංශ නිවේදන
ආබාධිත ප්‍රජාව සඳහා පහසුකම් හිඟය සම්බන්ධයෙන් 2024.06.18 දින ගරු සජිත් ප්‍රේමදාස මහතා විසින් පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග අංක 27(2) යටතේ අසන ලද ප්‍රශ්නයට කාන්තා, ළමා කටයුතු හා සමාජ සවිබලගැන්වීම් අමාත්‍යවරයා වෙනුවෙන් සමාජ සවිබලගැන්වීම් රාජ්‍ය අමාත්‍ය ගරු අනූප පස්කුවෙල් මහතා පිළිතුරු ලබා දුන්නේ ය.
පනත් කෙටුම්පත් පිළිගැන්වීම
වෙනත් රටවල අධිකරණවල නඩු තීන්දු ශ්‍රී ලංකාව තුළ අන්‍යෝන්‍යව පිළිගැනීම, ලියාපදිංචි කිරීම සහ බලාත්මක කිරීම සඳහා ද; (93 වන අධිකාරය වූ) විදේශ නඩු තීන්දු බලාත්මක කිරීමේ ආඥාපනත සහ (94 වන අධිකාරය වූ) නඩු තීන්දු අන්‍යෝන්‍යව බලාත්මක කිරීමේ ආඥාපනත ඉවත් කිරීම සඳහා ද; සහ ඒ හා සම්බන්ධ හෝ ඊට ආනුෂංගික කාරණා සඳහා විධිවිධාන සැලැස්වීම පිණිස ද වූ
“විදේශ නඩු තීන්දු අන්‍යෝන්‍යව පිළිගැනීම, ලියාපදිංචි කිරීම සහ බලාත්මක කිරීම පිළිබඳ”
නමැති පනත් කෙටුම්පත අධිකරණ, බන්ධනාගාර කටයුතු හා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ අමාත්‍යවරයා විසින් ඉදිරිපත් කරන ලදී.
අද දින සභාවේ ප්‍රධාන කටයුතු
පහත සඳහන් අයිතමයන් (අද දින න්‍යාය පත්‍රයේ විෂය අංක 1 සිට 6 දක්වා සඳහන් වන) සභාව විසින් අනුමත කරන ලදී:-
(i) කැසිනෝ ව්‍යාපාර (නියාමන) පනත යටතේ රෙගුලාසි
(ii) කැසිනෝ ව්‍යාපාර (නියාමන) පනත යටතේ නියමය
(iii) කැසිනෝ ව්‍යාපාර (නියාමනය කිරීමේ) පනත යටතේ නියෝගය
(iv) කොළඹ වරාය නගරය ආර්ථික කොමිෂන් සභාව පනත යටතේ නියෝග
(v) පරිපූරක මුදල,— ශීර්ෂය 001 — වැඩසටහන 02
(vi) පොල් සංවර්ධන පනත යටතේ යෝජනා සම්මතය
සභාව කල් තබන අවස්ථාවේ ප්‍රශ්න
පහත සඳහන් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් විසින් ප්‍රශ්න දෙකක් අසන ලදී:-
(i) ගරු කබීර් හෂීම් මහතා
(ii) ගරු නීතිඥ එස්. එම්. එම්. මුෂාරෆ් මහතා
අනතුරුව, පාර්ලිමේන්තුව පැය 1720 ට 2024 ජුනි මස 20 වැනි බ්‍රහස්පතින්දා පැය 0930 දක්වා කල් තබන ලදී.
* මෙය සංස්කරණය නොකරන ලද අනුවාදයකි. මෙදින කටයුතුවල නිල වාර්තාව සඳහා කරුණාකර හැන්සාඩ් වාර්තාව බලන්න.
ක්ෂණික සබැඳි
-

පාර්ලිමේන්තු දිනදසුන -

පනත් සහ පනත් කෙටුම්පත් -

කාරක සභා -

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව -

පාර්ලිමේන්තුව සජීවීව -

කාරක සභා සජීවීව - පටිගත කළ -

ඡායාරූප ගැලරිය -

පුවත් -

බාගත කිරීම් -

තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම -

තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම - කථානායක කාර්යාලය -

අයවැය 2026 -

නව වෙබ් අඩවිය (BETA අනුවාදය) -

ජාතික පොලිස් කොමිෂන් සභාවේ සාමාජික ධුරයට පත්කිරීම






