ශ්‍රී ලංකා

පාර්ලිමේන්තුව

English (UK)Tamil-SriLanka

2024 ජුනි මස 18 වැනි දින සභාවේ කටයුතු

දිනය : 2024-06-18

කථානායක ගරු මහින්ද යාපා අබේවර්ධන මහතා මූලසනාරූඪ විය.

 

කථානායකවරයා විසින් කරනු ලබන නිවේදන

A : “ශ්‍රී ලංකා විදුලි සංදේශ (සංශෝධන)” නමැති පනත් කෙටුම්පත පිළිබඳව ශ්‍රේෂ්ඨාධිකරණයේ තීරණය
B : ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 79 වැනි ව්‍යවස්ථාව යටතේ පනත් කෙටුම්පත්වල සහතිකය සටහන් කිරීම
C : ගරු (ආචාර්ය) හර්ෂ ද සිල්වා මහතා, පා.ම. විසින් මතු කරන ලද වරප්‍රසාද පිළිබඳ ප්‍රශ්නය
D : පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාවේ රැස්වීම

 

ලිපිලේඛනාදිය පිළිගැන්වීම

(i)    2023 වර්ෂය සඳහා රාජ්‍ය මූල්‍ය ප්‍රතිපත්ති දෙපාර්තමේන්තුවේ කාර්ය සාධන වාර්තාව
(ii)    2023 වර්ෂය සඳහා ශ්‍රී ලංකා මිනින්දෝරු දෙපාර්තමේන්තුවේ කාර්ය සාධන වාර්තාව
(iii)         2023 වර්ෂය සඳහා කර්මාන්ත අමාත්‍යාංශයේ වාර්ෂික කාර්ය සාධන වාර්තාව
(iv)    2023 වර්ෂය සඳහා වෙළඳ, වාණිජ හා ආහාර සුරක්ෂිතතා අමාත්‍යංශයේ කාර්ය සාධන වාර්තාව

(v)    කලින් කලට සංශෝධනය කරන ලද (52 අධිකාරය වූ) සුරාබදු ආඥාපනතේ 32 වගන්තිය සමඟ කියවිය යුතු 25 වගන්තිය යටතේ වාර්ෂික සුරාබදු බලපත්‍ර ගාස්තු සම්බන්ධයෙන් මුදල්, ආර්ථික ස්ථායීකරණ සහ ජාතික ප්‍රතිපත්ති අමාත්‍යවරයා විසින් පනවන ලදුව, 2024 ජනවාරි 12 දිනැති අංක 2366/38 දරන අති විශේෂ ගැසට් පත්‍රයේ පළ කරන ලද නිවේදනය
(අංක 01/2024 දරන සුරාබදු නිවේදනය)
(vi)    කලින් කලට සංශෝධනය කරන ලද (52 අධිකාරය වූ) සුරාබදු ආඥාපනතේ 32 වගන්තිය සමඟ කියවිය යුතු 25 වගන්තිය යටතේ සුරාබදු බලපත්‍ර සඳහා අයකරනු ලබන ගාස්තු සම්බන්ධයෙන් මුදල්, ආර්ථික ස්ථායීකරණ සහ ජාතික ප්‍රතිපත්ති අමාත්‍යවරයා විසින් පනවන ලදුව, 2024 පෙබරවාරි 01 දිනැති  අංක 2369/32 දරන අති විශේෂ ගැසට් පත්‍රයේ පළ කරන ලද නිවේදනය
(අංක 03/2024 දරන සුරාබදු නිවේදනය)
(vii)    2010 අංක 17 දරන කැසිනෝ ව්‍යාපාර (නියාමනය කිරීමේ) පනතේ 4 වගන්තිය යටතේ කැසිනෝ ව්‍යාපාර බලපත්‍ර නියෝග සම්බන්ධයෙන් මුදල්, ආර්ථික ස්ථායීකරණ සහ ජාතික ප්‍රතිපත්ති අමාත්‍යවරයා විසින් පනවන ලදුව, 2024 අප්‍රේල් 22 දිනැති අංක 2381/16 දරන අති විශේෂ ගැසට් පත්‍රයේ පළ කරන ලද නියෝගය
(viii)    1985 අංක 48 සහ 1987 අංක 28 දරන පනත් මඟින් සංශෝධිත 1969 අංක 1 දරන ආනයන හා අපනයන (පාලන) පනතේ 4(1) සහ 14 වගන්ති සමඟ කියවිය යුතු 20 වගන්තිය යටතේ මුදල්, ආර්ථික ස්ථායීකරණ සහ ජාතික ප්‍රතිපත්ති අමාත්‍යවරයා විසින් සාදන ලදුව, 2024 මැයි 17 දිනැති අංක‍ 2384/34 දරන අති විශේෂ ගැසට් පත්‍රයේ පළ කරන ලද රෙගුලාසි
(ix)    1985 අංක 48 සහ 1987 අංක 28 දරන පනත් මඟින් සංශෝධිත 1969 අංක 1 දරන ආනයන හා අපනයන (පාලන) පනතේ 4(1) සහ 14 වගන්ති සමඟ කියවිය යුතු 20 වගන්තිය යටතේ මුදල්, ආර්ථික ස්ථායීකරණ සහ ජාතික ප්‍රතිපත්ති අමාත්‍යවරයා විසින් සාදන ලදුව, 2024 මැයි 17 දිනැති අංක‍ 2384/35 දරන අති විශේෂ ගැසට් පත්‍රයේ පළ කරන ලද රෙගුලාසි
(x)    2003 අංක 3 දරන රාජ්‍ය මූල්‍ය කළමනාකරණ (වගකීම) පනතේ 13 වගන්තිය ප්‍රකාරව, 2023 අවසාන අයවැය තත්ත්වය පිළිබඳ වාර්තාව
(xi)    රජයේ ගිණුම් පිළිබඳ කාරක සභාව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලද වාර්තාවේ රෙජිස්ට්‍රාර් ජනරාල් දෙපාර්තමේන්තුව සම්බන්ධ කරුණු පිළිබඳ පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග 119(4) ප්‍රකාරව නිරීක්ෂණ සහ ගනු ලැබූ ක්‍රියාමාර්ග පිළිබඳ වාර්තාව
(xii)    රජයේ ගිණුම් පිළිබඳ කාරක සභාව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලද වාර්තාවල යාපනය, ත්‍රිකුණාමලය, මුලතිව්, වවුනියාව, නුවරඑළිය, අනුරාධපුරය, කළුතර, මඩකලපුව, මන්නාරම, කෑගල්ල, මහනුවර, ගාල්ල, කිලිනොච්චිය, ගම්පහ, අම්පාර, හම්බන්තොට, මොනරාගල, මාතලේ, කුරුණෑගල, පුත්තලම, කොළඹ, පොළොන්නරුව, බදුල්ල සහ මාතර දිස්ත්‍රික් ලේකම් කාර්යාල සම්බන්ධ කරුණු පිළිබඳ පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග 119(4) ප්‍රකාරව නිරීක්ෂණ සහ ගනු ලැබූ ක්‍රියාමාර්ග පිළිබඳ වාර්තා
(xiii)    රජයේ ගිණුම් පිළිබඳ කාරක සභාව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලද වාර්තාවල ‍වනජීවී හා වන සංරක්ෂණ අමාත්‍යාංශය සහ ඒ යටතේ පවතින ආයතන සම්බන්ධ කරුණු පිළිබඳ පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග 119(4) ප්‍රකාරව නිරීක්ෂණ සහ ගනු ලැබූ ක්‍රියාමාර්ග පිළිබඳ වාර්තා

 

කාරක සභා වාර්තා පිළිගැන්වීම

(i)    රජයේ මුදල් පිළිබඳ කාරක සභාවේ වාර්තාව, එම කාරක සභාවේ සභාපති, ගරු (ආචාර්ය) හර්ෂ ද සිල්වා මහතා විසින් පිළිගන්වන ලදී.
(ii)    බලශක්තිය හා ප්‍රවාහනය පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාවේ වාර්තාව, එම කාරක සභාවේ සභාපති, ගරු නාලක බණ්ඩාර කෝට්ටේගොඩ මහතා විසින් පිළිගන්වන ලදී.

 

පෙත්සම් පිළිගැන්වීම

(i)    ගරු පියංකර ජයරත්න මහතා                    
(ii)    ගරු ඉම්රාන් මහරූෆ් මහතා                    
(iii)    ගරු යූ. කේ. සුමිත් උඩුකුඹුර මහතා                    
(iv)    ගරු ලලිත් එල්ලාවල මහතා                    
(v)    ගරු ජගත් කුමාර සුමිත්‍රාආරච්චි මහතා       
             
(පෙත්සම් මහජන පෙත්සම් පිළිබඳ කාරක සභාවට යොමු කරනු ලැබේ)

 

පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග 27(2) යටතේ ප්‍රශ්න

ගරු සජිත් ප්‍රේමදාස මහතා
ආබාධිත ප්‍රජාව සඳහා පහසුකම් හිඟය

ගරු අධ්‍යාපන අමාත්‍යවරයා ඉහත ප්‍රශ්නයට පිළිතුරු දුන්නේ ය.

 

ගරු පාර්ලිමේන්තුවේ සභානායකතුමා ඉදිරිපත් කළ පහත සඳහන් යෝජනාවට සභාව එකඟ විය -

වරප්‍රසාද

පාර්ලිමේන්තු මන්ත්‍රී ගරු අනුරාධ ජයරත්න මහතා විසින් ගම්පොළ උඩපළාත ප්‍රාදේශීය ලේකම් ලෙස ආත්මා දිලුක්ෂි ජයරත්න මහත්මියගේ ක්‍රියා කලාපය සම්බන්ධයෙන් 2024.02.09 දින පාර්ලිමේන්තුවේදී මතු කරන ලද වරප්‍රසාද ප්‍රශ්නය නවවැනි පාර්ලිමේන්‍තු‍වේ පස්වැනි සභාවාරයේ ආචාර ධර්ම සහ වරප්‍රසාද පිළිබඳ කාරක සභාව විසින් සලකා බලා එකී කාරක සභාව 2024 ජුනි මස 06 වැනි දින පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලද වාර්තාව මඟින් එම කාරක සභාව නිර්දේශ කර ඇති පරිදි 1953 අංක 21 දරන පාර්ලිමේන්තු (බලතල හා වරප්‍රසාද) පනතේ 26(1)(ආ) වගන්තිය යටතේ වාර්තා කිරීම පිණිස නීතිපතිවරයා වෙත යොමු කළ යුතු බව මෙම පාර්ලිමේන්තුව යෝජනා කරයි

 

අද දින සභාවේ ප්‍රධාන කටයුතු

පහත සඳහන් අයිතමයන් (අද දින න්‍යාය පත්‍රයේ විෂය අංක 1 සිට 8 දක්වා සඳහන් වන) සභාව විසින් අනුමත කරන ලදී:-

(i)    සංචාරක කටයුතු පනත යටතේ නියමයන් පහක්
(ii)    හිමිකම් ලියාපදිංචි කිරීමේ පනත යටතේ නියෝග
(iii)    රජයේ ඉඩම් ආඥාපනත යටතේ නියෝග
(iv)    ක්‍රීඩාවල යෙදීමේදී උත්තේජක ද්‍රව්‍ය ගැනීමට එරෙහි සම්මුති පනත යටතේ නි‍යෝග

 

සභාව කල් තබන අවස්ථාවේ යෝජනාව

“හදිසි ආපදා තත්ත්ව සඳහා ප්‍රතිචාර දැක්වීමේ යාන්ත්‍රණය” පිළිබඳ සභාව කල් තබන අවස්ථාවේ යෝජනාව ගරු ලලිත් වර්ණ කුමාර මහතා විසින් යෝජනා කරන ලදී.

 

අනතුරුව, පාර්ලිමේන්තුව පැය 1730 ට 2024 ජුනි මස 19 වැනි බදාදා පැය 0930 දක්වා කල් තබන ලදී.

 

 

 

 

*  මෙය සංස්කරණය නොකරන ලද අනුවාදයකි. මෙදින කටයුතුවල නිල වාර්තාව සඳහා කරුණාකර හැන්සාඩ් වාර්තාව බලන්න.

ප්‍රචාරණය කරන්න

Submit to Delicious Submit to Digg Submit to Facebook Submit to Google Bookmarks Submit to Twitter Submit to LinkedIn

පාර්ලිමේන්තු දිනදසුන

පාර්ලිමේන්තු ජංගම යෙදුම බාගත කරන්න

ඊ-මේල් ලැයිස්තු ග්‍රාහකත්වය

© ශ්‍රී ලංකා පාර්ලි‌‌මේන්තුව.සියලු හිමිකම් ඇවිරිණි.

විසඳුම Lankacom විසිනි