2024 ජුනි මස 06 වැනි දින සභාවේ කටයුතු

දිනය : 2024-06-06

Print

කථානායක ගරු මහින්ද යාපා අබේවර්ධන මහතා මූලසනාරූඪ විය.

 

කථානායකවරයා විසින් කරනු ලබන නිවේදන

A : “රාජ්‍ය මූල්‍ය කළමනාකරණ” නමැති පනත් කෙටුම්පත සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණය වෙත ඉදිරිපත් කරන ලද පෙත්සමක පිටපතක් ලැබී ඇති බව
B : “ආර්ථික පරිවර්තන” නමැති පනත් කෙටුම්පත සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණය වෙත ඉදිරිපත් කරන ලද පෙත්සම්වල පිටපත් ලැබී ඇති බව
C : පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාවේ රැස්වීම
D : සම්බන්ධීකරණ කාරක සභාවේ රැස්වීම

 

ලිපිලේඛනාදිය පිළිගැන්වීම

(i)    2023 වර්ෂය සඳහා ජනාධිපති කාර්යාලයේ කාර්ය සාධන වාර්තාව
(ii)    2023 වර්ෂය සඳහා ජාතික පොලිස් කොමිෂන් සභාවේ කාර්ය සාධන වාර්තාව
(iii)    2023 වර්ෂය සඳහා මන්නාරම සහ යාපනය දිස්ත්‍රික් ලේකම් කාර්යාලවල වාර්ෂික කාර්ය සාධන වාර්තා
(iv)    2023 වර්ෂය සඳහා ව්‍යාපෘති කළමනාකරණ හා අධීක්ෂණ දෙපාර්තමේන්තුවේ වාර්ෂික කාර්ය සාධන වාර්තාව
(v)    2023 වර්ෂය සඳහා ප්‍රජා පාදක විශෝධන දෙපාර්තමේන්තුවේ වාර්ෂික කාර්ය සාධන වාර්තාව
(vi)    2023 වර්ෂය සඳහා සමුපකාර සේවක කොමිෂන් සභාවේ වාර්ෂික කාර්ය සාධන වාර්තාව

(vii)    2021 අංක 11 දරන කොළඹ වරාය නගරය ආර්ථික කොමිෂන් සභාව පනතේ 52 වගන්තිය සමඟ කියවිය යුතු 71 වගන්තිය යටතේ කොළඹ වරාය නගරය ආර්ථික කොමිෂන් සභාව විමසා ආයෝජන ප්‍රවර්ධන අමාත්‍යවරයා විසින් සාදන ලදුව, 2024 අප්‍රේල් 22 දිනැති අංක‍ 2381/24 දරන අති විශේෂ ගැසට් පත්‍රයේ පළ කරන ලද නියෝග
(viii)    1979 අංක 61 දරන අත්‍යාවශ්‍ය මහජන සේවා පනතේ 2 වගන්තිය ප්‍රකාරව ජනාධිපතිවරයා වෙත පැවරී ඇති බලතල අනුව, 2024 ජුනි 04 දිනැති අංක 2387/11 දරන අති විශේෂ ගැසට් පත්‍රයේ හා එහි උපලේඛනයෙහි පළ කරමින් කරන ලද ප්‍රකාශනය

 

කාරක සභා වාර්තා පිළිගැන්වීම

(i)    නවවැනි පාර්ලිමේන්තුවේ පස්වැනි සභාවාරය සඳහා ආචාර ධර්ම සහ වරප්‍රසාද පිළිබඳ කාරක සභාවේ පළමුවැනි වාර්තාව, එම කාරක සභාවේ සභාපති, ගරු චමල් රාජපක්ෂ මහතා විසින් පිළිගන්වන ලදී.
(ii)    අධ්‍යාපනය පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාවේ වාර්තාව, එම කාරක සභාවේ සභාපති, ගරු (ආචාර්ය) වී. රාධක්‍රිෂ්ණන් මහතා විසින් පිළිගන්වන ලදී.
(iii)    බලශක්තිය හා ප්‍රවාහනය පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාවේ වාර්තාව, එම කාරක සභාවේ සභාපති, ගරු නාලක බණ්ඩාර කෝට්ටේගොඩ මහතා විසින් පිළිගන්වන ලදී.

 

පෙත්සම් පිළිගැන්වීම

(i)    ගරු (වෛද්‍ය) රමේෂ් පතිරණ මහතා  -   පෙත්සම් දෙකයි
(ii)    ගරු අනුරාධ ජයරත්න මහතා                    
(iii)    ගරු අනුප පස්කුවල් මහතා                    
(iv)    ගරු වරුණ ලියනගේ මහතා           -   පෙත්සම් දෙකයි     
             
(පෙත්සම් මහජන පෙත්සම් පිළිබඳ කාරක සභාවට යොමු කරනු ලැබේ)

 

පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග 27(2) යටතේ ප්‍රශ්න

ගරු සජිත් ප්‍රේමදාස මහතා
රටේ වනාන්තර පිළිබඳ ගැටලු

ගරු වනජීවී හා වන සම්පත් සංරක්ෂණ අමාත්‍යවරිය ඉහත ප්‍රශ්නයට පිළිතුරු දුන්නා ය.

 

අද දින සභාවේ ප්‍රධාන කටයුතු

ශ්‍රී ලංකා විදුලිබල පනත් කෙටුම්පත (අද දින න්‍යාය පත්‍රයේ විෂය අංක 1 වශයෙන් සඳහන් වන)

තුන්වැනිවර කියවීමේ දී ඡන්ද විමසීමක් පවත්වා (පක්ෂව 103; විරුද්ධව 59) සභාව විසින් සංශෝධන සහිතව සම්මත කරන ලදී

 

සභාව කල් තබන අවස්ථාවේ යෝජනාව

“ශ්‍රී ලංකා තැපැල් දෙපාර්තමේන්තුවේ ලියාපදිංචි ආදේශකයන්ට ස්ථිර පත්වීම් ලබාදීම” පිළිබඳ සභාව කල් තබන අවස්ථාවේ යෝජනාව ගරු කේ. පී. එස්. කුමාරසිරි මහතා විසින් යෝජනා කරන ලදී.

 

අනතුරුව, පාර්ලිමේන්තුව පැය 1827 ට 2024 ජුනි මස 7 වැනි සිකුරාදා පැය 0930 දක්වා කල් තබන ලදී.

 

 

 

*  මෙය සංස්කරණය නොකරන ලද අනුවාදයකි. මෙදින කටයුතුවල නිල වාර්තාව සඳහා කරුණාකර හැන්සාඩ් වාර්තාව බලන්න.