ශ්‍රී ලංකා

පාර්ලිමේන්තුව

English (UK)Tamil-SriLanka

2024 ජුනි මස 05 වැනි දින සභාවේ කටයුතු

දිනය : 2024-06-05

නියෝජ්‍ය කථානායක සහ කාරක සභා සභාපති ගරු අජිත් රාජපක්ෂ මහතා මූලසනාරූඪ විය.

 

කථානායකවරයා විසින් කරනු ලබන නිවේදන

A : “රාජ්‍ය මූල්‍ය කළමණාකරණ” නමැති පනත් කෙටුම්පත සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණය වෙත ඉදිරිපත් කරන ලද පෙත්සමක පිටපතක් ලැබී ඇති බව
B : “ආර්ථික පරිවර්තන” නමැති පනත් කෙටුම්පත සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණය වෙත ඉදිරිපත් කරන ලද පෙත්සම්වල පිටපත් ලැබී ඇති බව

 

කථානායකවරයා විසින් ලිපිලේඛනාදිය පිළිගැන්වීම

(i)    ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 154(6) ව්‍යවස්ථාව ප්‍රකාරව 2022 මුදල් වර්ෂය සඳහා විගණකාධිපතිවරයාගේ වාර්තාවේ නවවැනි කාණ්ඩයේ XXXII කොටස
(ii)    ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 154(6) ව්‍යවස්ථාව ප්‍රකාරව විගණකාධිපතිවරයාගේ වාර්තාවේ දසවැනි කාණ්ඩය ─ 2021 වර්ෂය සඳහා ර‍ාජ්‍ය සංස්ථා‍, සමාගම්, බැංකු ආයතන (2018 අංක 19 දරන විගණන පනතේ 12 වගන්තියට අදාළ ආයතන) විගණනයේ දී ආයතනික යහපාලන විෂයයන්ට අදාළව අනාවරණය වූ විගණන නිරීක්ෂණ ඇතුළත් ඒකාබද්ධ විශේෂ විගණන වාර්තාව

 

ලිපිලේඛනාදිය පිළිගැන්වීම

(i)    2023 වර්ෂය සඳහා කළමනාකරණ සේවා‍ දෙපාර්තමේන්තුවේ කාර්ය සාධන වාර්තාව
(ii)    2023 වර්ෂය සඳහා ජාතික ක්‍රමසම්පාදන දෙපාර්තමේන්තුවේ වාර්ෂික කාර්ය සාධන වාර්තාව
(iii)    2023 වර්ෂය සඳහා වෙළඳ හා ආයෝජන ප්‍රතිපත්ති දෙපාර්තමේන්තුවේ කාර්ය සාධන වාර්තාව
(iv)    2023 වර්ෂය සඳහා කළමනාකරණ විගණන දෙපාර්තමේන්තුවේ කාර්ය සාධන වාර්තාව
(v)    2023 වර්ෂය සඳහා තොරතුරු තාක්ෂණ කළමනාකරණ දෙපාර්තමේන්තුවේ කාර්ය සාධන වාර්තාව
(vi)    2023 වර්ෂය සඳහා රාජ්‍ය ගිණුම් දෙපාර්තමේන්තුවේ කාර්ය සාධන වාර්තාව
(vii)    2023 වර්ෂය සඳහා නීති කටයුතු දෙපාර්තමේන්තුවේ කාර්ය සාධන වාර්තාව
(viii)    2023 වර්ෂය සඳහා කොම්ප්ට්‍රෝලර් ජනරාල් කාර්යාලයේ කාර්ය සාධන වාර්තාව
(ix)    2023 වර්ෂය සඳහා ‍භාණ්ඩාගාර මෙහෙයුම් දෙපාර්තමේන්තුවේ වාර්ෂික කාර්ය සාධන වාර්තාව
(x)    2023 වර්ෂය සඳහා ආනයන හා අපනයන පාලන දෙපාර්තමේන්තුවේ කාර්ය සාධන වාර්තාව
(xi)    2023 වර්ෂය සඳහා ජාතික අයවැය දෙපාර්තමේන්තුවේ කාර්ය සාධන වාර්තාව
(xii)    2023 වර්ෂය සඳහා අග්‍රාමාත්‍ය කාර්යාලයේ කාර්ය සාධන වාර්තාව
(xiii)    2023 වර්ෂය සඳහා කිලිනොච්චිය, මුලතිව්, මාතර, කෑගල්ල, මාතලේ, කොළඹ, පුත්තලම, පොළොන්නරුව, රත්‍නපුර, ගාල්ල, අම්පාර, බදුල්ල, නුවරඑළිය, මහනුවර සහ කුරුණෑගල දිස්ත්‍රික් ලේකම් කාර්යාලවල කාර්ය සාධන වාර්තා
(xiv)    2023 වර්ෂය සඳහා රාජ්‍ය භාෂා දෙපාර්තමේන්තුවේ වාර්ෂික කාර්ය සාධන වාර්තාව
(xv)    2023 වර්ෂය සඳහා රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශයේ වාර්ෂික කාර්ය සාධන වාර්තාව
(xvi)    2023 වර්ෂය සඳහා කාන්තා, ළමා කටයුතු හා සමාජ සවිබලගැන්වීම් අමාත්‍යාංශයේ කාර්ය සාධන වාර්තාව
(xvii)    2023 වර්ෂය සඳහා වරාය, නාවික හා ගුවන්සේවා අමාත්‍යාංශයේ කාර්ය සාධන වාර්තාව
(xviii)    2023 වර්ෂය සඳහා කෘෂිකර්ම සහ වැවිලි කර්මාන්ත අමාත්‍යාංශයේ වැවිලි කර්මාන්ත අං‍ශයේ වාර්ෂික කාර්ය සාධන වාර්තාව
(xix)    2023 වර්ෂය සඳහා කෘෂිකර්ම සහ වැවිලි කර්මාන්ත අමාත්‍යාංශයේ කෘෂිකර්ම අංශයේ වාර්ෂික කාර්ය සාධන වාර්තාව
(xx)    2022 වර්ෂය සඳහා ජාතික ලේඛනාරක්ෂක දෙපාර්තමේන්තුවේ වාර්ෂික කාර්ය සාධන වාර්තාව
(xxi)    2023 වර්ෂය සඳහා ජල සම්පාදන සහ වතු යටිතල පහසුකම් සංවර්ධන අමාත්‍යාංශයේ වාර්ෂික කාර්ය සාධන වාර්තාව

 

කාරක සභා වාර්තා පිළිගැන්වීම

(i)    බලශක්තිය හා ප්‍රවාහනය පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාවේ වාර්තාව, එම කාරක සභාවේ සභාපති වෙනුවෙන් සාමාජික මන්ත්‍රී ගරු උදයකාන්ත ගුණතිලක මහතා විසින් පිළිගන්වන ලදී.
(ii)    ආගමික කටයුතු හා සහජීවනය පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාවේ වාර්තා දෙකක්, එම කාරක සභාවේ සභාපති, ගරු උපුල් මහේන්ද්‍ර රාජපක්ෂ මහතා විසින් පිළිගන්වන ලදී.

 

පෙත්සම් පිළිගැන්වීම

(i)    ගරු රෝහිණි කුමාරි විජේරත්න මහත්මිය   -   පෙත්සම් තුනයි
(ii)    ගරු (වෛද්‍ය) උපුල් ගලප්පත්ති මහතා                    
(iii)    ගරු (වෛද්‍ය) තිලක් රා‍ජපක්ෂ මහතා       
          
(පෙත්සම් මහජන පෙත්සම් පිළිබඳ කාරක සභාවට යොමු කරනු ලැබේ)

 

අග්‍රාමාත්‍යවරයාගෙන් අසනු ලබන ප්‍රශ්න

පහත සඳහන් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් විසින් ප්‍රශ්න හතරක් අසන ලදී:-

(i)    ගරු බුද්ධික පතිරණ මහතා
(ii)    ගරු වීරසුමන වීරසිංහ මහතා
(iii)    ගරු (මේජර්) සුදර්ශන දෙනිපිටිය මහතා
(iv)    ගරු අකිල එල්ලාවල මහතා

 

පෞද්ගලික මන්ත්‍රීන්ගේ පනත් කෙටුම්පත්

“ජේ. සී. අලවතුවල පදනම (සංස්ථාගත කිරීමේ)”

නමැති පනත් කෙටුම්පත ඉදිරිපත් කිරීමට ගරු හෙක්ටර් අප්පුහාමි මහතාට අවසර දෙන ලදී.

 

අද දින සභාවේ ප්‍රධාන කටයුතු

පහත සඳහන් අයිතමයන් (අද දින න්‍යාය පත්‍රයේ විෂය අංක 1 සිට 3 දක්වා සඳහන් වන) සභාව විසින් අනුමත කරන ලදී:-

(i)    ඉලෙක්‍ට්‍රොනික ගනුදෙනු පනත යටතේ නියෝග
(ii)    සිවිල් ගුවන්සේවා පනත යටතේ රෙගුලාසි
(iii)    ඛනිජතෙල් සම්පත් පනත යටතේ නියෝග

 

කල් තැබීමේ යෝජනාව

“අධ්‍යාපන ක්ෂේත්‍රයේ ගැටලු” පිළිබඳ කල් තැබීමේ යෝජනාව ගරු රෝහිණි කුමාරි විජේරත්න මහත්මිය විසින් යෝජනා කරන ලදී.

 

අනතුරුව, පාර්ලිමේන්තුව පැය 1817 ට 2024 ජුනි මස 6 වැනි බ්‍රහස්පතින්දා පැය 0930 දක්වා කල් තබන ලදී.

 

 

 

 

*  මෙය සංස්කරණය නොකරන ලද අනුවාදයකි. මෙදින කටයුතුවල නිල වාර්තාව සඳහා කරුණාකර හැන්සාඩ් වාර්තාව බලන්න.

ප්‍රචාරණය කරන්න

Submit to Delicious Submit to Digg Submit to Facebook Submit to Google Bookmarks Submit to Twitter Submit to LinkedIn

පාර්ලිමේන්තු දිනදසුන

පාර්ලිමේන්තු ජංගම යෙදුම බාගත කරන්න

ඊ-මේල් ලැයිස්තු ග්‍රාහකත්වය

© ශ්‍රී ලංකා පාර්ලි‌‌මේන්තුව.සියලු හිමිකම් ඇවිරිණි.

විසඳුම Lankacom විසිනි