2024 ජුනි මස 04 වැනි දින සභාවේ කටයුතු |
දිනය : | 2024-06-04 |
කථානායක ගරු මහින්ද යාපා අබේවර්ධන මහතා මූලසනාරූඪ විය.
ජනාධිපතිවරයාගෙන් ලැබෙන සංදේශ
A : (40 වැනි අධිකාරිය වූ) මහජන ආරක්ෂක ආඥා පනත යටතේ ආඥාව
B : (358 වැනි අධිකාරිය වූ) නාවික හමුදා පනත
කථානායකවරයා විසින් කරනු ලබන නිවේදන
C : “ශ්‍රී ලංකා විදුලිබල” නමැති පනත් කෙටුම්පත පිළිබඳව ශ්‍රේෂ්ඨාධිකරණයේ තීරණය
D : “ශ්‍රී ලංකා විදුලි සංදේශ (සංශෝධන)” නමැති පනත් කෙටුම්පත සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණය වෙත ඉදිරිපත් කරන ලද පෙත්සම්වල පිටපත් ලැබී ඇති බව
E : “ආර්ථික පරිවර්තන” නමැති පනත් කෙටුම්පත සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණය වෙත ඉදිරිපත් කරන ලද පෙත්සම්වල පිටපත් ලැබී ඇති බව
F : ගරු පාඨලී චම්පික රණවක මහතා, පා.ම. විසින් මතු කරන ලද වරප්‍රසාද පිළිබඳ ප්‍රශ්නය
G : ආරක්ෂක කටයුතු පිළිබඳ අමාත්‍යාංශයීය උපදේශක කාරක සභාවේ සේවය කිරීම සඳහා මන්ත්‍රීවරයෙක් පත් කිරීම
H : වෙළඳ, වාණිජ හා ආහාර සුරක්ෂිතතා කටයුතු පිළිබඳ අමාත්‍යාංශයීය උපදේශක කාරක සභාවේ සේවය කිරීම සඳහා මන්ත්‍රීවරයෙක් පත් කිරීම
I : ආර්ථික ස්ථායීකරණය පිළිබඳ කාරක සභාවේ සේවය කිරීම සඳහා මන්ත්‍රීවරයෙක් පත් කිරීම
J : විවෘත සහ වගකිවයුතු රජයක් පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාවේ සේවය කිරීම සඳහා මන්ත්‍රීවරයෙක් පත් කිරීම
K : ළමුන්, කාන්තාවන් හා ස්ත්‍රී-පුරුෂභාවය පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාවේ සේවය කිරීම සඳහා මන්ත්‍රීවරයෙක් පත් කිරීම
L : සභාපති නාමාවලියට මන්ත්‍රීන් පත් කිරීම
M : ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා කටයුතු පිළිබඳ කාරක සභාවේ සේවය කිරීම සඳහා මන්ත්‍රීන් පත් කිරීම
N : “ශ්‍රී ලංකාවේ තිරසර සංවර්ධන අරමුණු, ප්‍රගතිය සහ ඉදිරි ක්‍රියාමාර්ග” සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයන් දැනුම්වත් කිරීම සඳහා පවත්වන සැසිය
කථානායකවරයා විසින් ලිපිලේඛනාදිය පිළිගැන්වීම
ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 154(6) ව්‍යවස්ථාව ප්‍රකාරව ─
- 2020 මුදල් වර්ෂය සඳහා විගණකාධිපතිවරයාගේ වාර්තාවේ දෙවැනි කාණ්ඩයේ LVII කොටස;
- 2021 මුදල් වර්ෂය සඳහා විගණකාධිපතිවරයාගේ වාර්තාවේ දෙවැනි කාණ්ඩයේ LIII කොටස සහ තෙවැනි කාණ්ඩයේ XXII කොටස; සහ
- 2022 මුදල් වර්ෂය සඳහා විගණකාධිපතිවරයාගේ වාර්තාවේ දෙවැනි කාණ්ඩයේ XLIX කොටස
ලිපිලේඛනාදිය පිළිගැන්වීම
(i) 2022 වර්ෂය සඳහා රාජ්‍ය භාෂා කොමිෂන් සභාවේ වාර්ෂික වාර්තාව
(ii) 2023 වර්ෂය සඳහා අමාත්‍ය මණ්ඩල කාර්යාලයේ කාර්ය සාධන වාර්තාව
(iii) 2023 වර්ෂය සඳහා පාර්ලිමේන්තුවේ සභානායක කාර්යාලයේ වාර්ෂික කාර්ය සාධන වාර්තාව
(iv) 2023 වර්ෂය සඳහා පාර්ලිමේන්තුවේ ආණ්ඩු පක්ෂ ප්‍රධාන සංවිධායක කාර්යාලයේ වාර්ෂික කාර්ය සාධන වාර්තාව
(v) 2023 වර්ෂය සඳහා ධීවර අමාත්‍යාංශයේ කාර්ය සාධන වාර්තාව
(vi) 2022 වර්ෂය සඳහා මාර්ග ආරක්ෂාව පිළිබඳ ජාතික සභාවේ වාර්ෂික වාර්තාව
(vii) 2020/2021 වර්ෂය සඳහා සීමාසහිත ලංකා පොහොර සමාගමේ වාර්ෂික වාර්තාව
(viii) 2022 වර්ෂය සඳහා ශ්‍රී ලංකා රබර් පර්යේෂණායතනයේ වාර්ෂික වාර්තාව
(ix) 2023 වර්ෂය සඳහා සංචාරක හා ඉඩම් අමාත්‍යංශයේ කාර්ය සාධන වාර්තාව
(x) 2023 වර්ෂය සඳහා ඉඩම් පරිහරණ ප්‍රතිපත්ති සැලසුම් දෙපාර්තමේන්තුවේ කාර්ය සාධන වාර්තාව
(xi) 2022 වර්ෂය සඳහා ජාතික වෘත්තීය සුරක්ෂිතතා හා සෞඛ්‍ය ආයතනයේ වාර්ෂික වාර්තාව
(xii) රජයේ ගිණුම් පිළිබඳ කාරක සභාව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලද වාර්තාවේ මුදල්, ආර්ථික ස්ථායීකරණ සහ ජාතික ප්‍රතිපත්ති අමාත්‍යාංශය සම්බන්ධ කරුණු පිළිබඳ පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග 119(4) ප්‍රකාරව නිරීක්ෂණ සහ ගනු ලැබූ ක්‍රියාමාර්ග පිළිබඳ වාර්තාව
(xiii) 2002 අංක 24 දරන සුබසාධක ප්‍රතිලාභ පනතේ 9 වගන්තිය යටතේ සුබසාධක ප්‍රතිලාභ සම්බන්ධයෙන් මුදල්, ආර්ථික ස්ථායීකරණ සහ ජාතික ප්‍රතිපත්ති අමාත්‍යවරයා විසින් පනවන ලදුව, 2024 මැයි 17 දිනැති අංක 2384/30 දරන අති විශේෂ ගැසට් පත්‍රයේ පළ කරන ලද අස්වැසුම සුබසාධක ප්‍රතිලාභ ගෙවීමේ යෝජනා ක්‍රමය
කාරක සභා වාර්තා පිළිගැන්වීම
(i) විදුලිබල හා බලශක්ති කටයුතු පිළිබඳ අමාත්‍යාංශයීය උපදේශක කාරක සභාවේ වාර්තාව, එම කාරක සභාවේ සභාපති, ගරු කංචන විජේසේකර මහතා විසින් පිළිගන්වන ලදී.
(ii) ළමුන්, කාන්තාවන් හා ස්ත්‍රී-පුරුෂභාවය පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාවේ වාර්තාව, එම කාරක සභාවේ සභාපති, ගරු නීතිඥ තලතා අතුකෝරළ මහත්මිය විසින් පිළිගන්වන ලදී.
(iii) කෙටි, මධ්‍යම හා දිගු කාලීන ජාතික ප්‍රතිපත්ති සම්පාදනය කිරීමේ දී ප්‍රමුඛතා හඳුනා ගැනීම පිළිබඳ ජාතික සභා අනු කාරක සභාව විසින් සකස් කරන ලද ආහාර සුරක්ෂිතතාවය සඳහා වූ සංකල්පිත ප්‍රතිපත්ති රාමුව පිළිබඳ වාර්තාව, එම අනු කාරක සභාවේ සභාපති, ගරු නීතීඥ නාමල් රාජපක්ෂ මහතා විසින් පිළිගන්වන ලදී.
(iv) රජයේ මුදල් පිළිබඳ කාරක සභාවේ වාර්තාව, එම කාරක සභාවේ සභාපති, ගරු (ආචාර්ය) හර්ෂ ද සිල්වා මහතා විසින් පිළිගන්වන ලදී.
පෙත්සම් පිළිගැන්වීම
(i) ගරු නිමල් පියතිස්ස මහතා - පෙත්සම් දෙකයි
(ii) ගරු සමන්ප්‍රිය හේරත් මහතා
(පෙත්සම් මහජන පෙත්සම් පිළිබඳ කාරක සභාවට යොමු කරනු ලැබේ)
පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග 27(2) යටතේ ප්‍රශ්න
(i) ගරු සජිත් ප්‍රේමදාස මහතා
විශ්වවිද්‍යාල අනධ්‍යයන කාර්ය මණ්ඩල වැඩ වර්ජනය
(ii) ගරු අනුර දිසානායක මහතා
විශ්වවිද්‍යාල අනධ්‍යයන කාර්ය මණ්ඩලවල වෘත්තීය ක්‍රියාමාර්ගය
ගරු අධ්‍යාපන අමාත්‍යවරයා ඉහත ප්‍රශ්නවලට පිළිතුරු දුන්නේ ය.
පෞද්ගලික මන්ත්‍රීන්ගේ පනත් කෙටුම්පත්
“ශ්‍රී ලංකා ප්‍රමාණ සමීක්ෂකයන්ගේ ආයතනය (සංස්ථාගත කිරීමේ) (සංශෝධන)”
නමැති පනත් කෙටුම්පත ඉදිරිපත් කිරීමට ගරු නීතිඥ චන්දිම වීරක්කොඩි මහතාට අවසර දෙන ලදී.
අද දින සභාවේ ප්‍රධාන කටයුතු
පහත සඳහන් අයිතමයන් (අද දින න්‍යාය පත්‍රයේ විෂය අංක 1 සිට 3 දක්වා සඳහන් වන) සභාවට ඉදිරිපත් කරන ලදී. අයිතම අංක 1 විවාදයට ගෙන මතු දිනකට කල් තබන ලදී. අයිතම අංක 2 සහ 3 සභාව විසින් සම්මත කරන ලදී:-
(i) කාන්තාවන් සවිබල ගැන්වීමේ පනත් කෙටුම්පත — දෙවැනිවර කියවීම
(ii) ශ්‍රී ලංකා වරලත් නැව් තැරැව්කරුවන්ගේ ආයතනය (සංස්ථාගත කිරීමේ) පනත් කෙටුම්පත
(iii) දැදිගම ශ්‍රී මෛත්‍රී ප්‍රඥාර්ථ බෞද්ධ අධ්‍යාපන දහම් සභාව (සංස්ථාගත කිරීමේ) පනත් කෙටුම්පත
සභාව කල් තබන අවස්ථාවේ යෝජනාව
“රජයේ පාසල්වල ක්‍රීඩා ගුරුවරු අධ්‍යයන කාර්ය මණ්ඩලයට අන්තර්ග්‍රහණය කිරීම” පිළිබඳ සභාව කල් තබන අවස්ථාවේ යෝජනාව ගරු (මේජර්) සුදර්ශන දෙනිපිටිය මහතා විසින් යෝජනා කරන ලදී.
අනතුරුව, පාර්ලිමේන්තුව පැය 1704 ට 2024 ජුනි මස 5 වැනි බදාදා පැය 0930 දක්වා කල් තබන ලදී.
* මෙය සංස්කරණය නොකරන ලද අනුවාදයකි. මෙදින කටයුතුවල නිල වාර්තාව සඳහා කරුණාකර හැන්සාඩ් වාර්තාව බලන්න.
ක්ෂණික සබැඳි
-

පාර්ලිමේන්තු දිනදසුන -

පනත් සහ පනත් කෙටුම්පත් -

කාරක සභා -

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව -

පාර්ලිමේන්තුව සජීවීව -

කාරක සභා සජීවීව - පටිගත කළ -

ඡායාරූප ගැලරිය -

පුවත් -

බාගත කිරීම් -

තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම -

තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම - කථානායක කාර්යාලය -

අයවැය 2026 -

නව වෙබ් අඩවිය (BETA අනුවාදය) -

ජාතික පොලිස් කොමිෂන් සභාවේ සාමාජික ධුරයට පත්කිරීම






