ශ්‍රී ලංකා

පාර්ලිමේන්තුව

English (UK)Tamil-SriLanka

2024 මැයි මස 22 වැනි දින සභාවේ කටයුතු

දිනය : 2024-05-22

කථානායක ගරු මහින්ද යාපා අබේවර්ධන මහතා මූලසනාරූඪ විය.

 

කථානායකවරයා විසින් කරනු ලබන නිවේදන

A : “ස්ත්‍රී පුරුෂ සමාජභාවීය සමානාත්මතාවය” නමැති පනත් කෙටුම්පත සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණය වෙත ඉදිරිපත් කරන ලද පෙත්සම්වල පිටපත් ලැබී ඇති බව
B : ගරු අනුරාධ ජයරත්න මහතා, පා.ම. විසින් මතු කරන ලද වරප්‍රසාද පිළිබඳ ප්‍රශ්නය
C : ගරු ප්‍රසන්න රණතුංග මහතා, පා.ම. විසින් මතු කරන ලද වරප්‍රසාද පිළිබඳ ප්‍රශ්නය

 

කථානායකවරයා විසින් ලිපිලේඛනාදිය පිළිගැන්වීම

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 154(6) ව්‍යවස්ථාව ප්‍රකාරව ─

  • 2022 මුදල් වර්ෂය සඳහා විගණකාධිපතිවරයාගේ වාර්තාවේ සිව්වැනි කාණ්ඩයේ XXVII කොටස; සහ
  • 2023 මුදල් වර්ෂය සඳහා විගණකාධිපතිවරයාගේ වාර්තාවේ පළමුවැනි කාණ්ඩයේ II කොටස

 

ලිපිලේඛනාදිය පිළිගැන්වීම

(i)    2022 වර්ෂය සඳහා උක් පර්යේෂණ ආයතනයේ වාර්ෂික වාර්තාව
(ii)    2022 වර්ෂය සඳහා ශ්‍රී ලංකා බෞද්ධ හා පාලි විශ්වවිද්‍යාලයේ වාර්ෂික වාර්තාව
(iii)    2022 වර්ෂය සඳහා හෙක්ටර් කොබ්බෑකඩුව ගොවි කටයුතු පර්යේෂණ හා පුහුණුකිරීමේ ආයතනයේ වාර්ෂික වාර්තාව

(iv)    2002 අංක 24 දරන සුබසාධක ප්‍රතිලාභ පනතේ 7(3), 8, 10, 11 සහ 12 වගන්ති සහ ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 44(3) ව්‍යවස්ථාව සමඟ කියවිය යුතු එම පනතේ 27 වගන්තිය යටතේ සුබසාධක ප්‍රතිලාභ සම්බන්ධයෙන් ජනාධිපතිවරයා විසින් සාදන ලදුව, 2024 අප්‍රේල් 29 දිනැති අංක 2382/02 දරන අති විශේෂ ගැසට් පත්‍රයේ පළ කරන ලද නියෝග.
(v)    1979 අංක 61 දරන අත්‍යාවශ්‍ය මහජන සේවා පනතේ 2 වගන්තිය ප්‍රකාරව ජනාධිපතිවරයා වෙත පැවරී ඇති බලතල අනුව, 2024 මැයි 21 දිනැති අංක 2385/11 දරන අති විශේෂ ගැසට් පත්‍රයේ හා එහි උපලේඛනයෙහි පළ කරමින් කරන ලද ප්‍රකාශනය
(vi)    රජයේ ගිණුම් පිළිබඳ කාරක සභාව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලද වාර්තාවල කම්කරු සහ විදේශ රැකියා අමාත්‍යාංශය සහ ඒ යටතේ පවතින ආයතන සම්බන්ධ කරුණු පිළිබඳ පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග 119(4) ප්‍රකාරව නිරීක්ෂණ සහ ගනු ලැබූ ක්‍රියාමාර්ග පිළිබඳ වාර්තා

 

කාරක සභා වාර්තා පිළිගැන්වීම

(i)    “මාතර සමය සංවිධානය (සංස්ථාගත කිරීමේ) පනත් කෙටුම්පත” පිළිබඳ ව්‍යවස්ථාදායක ස්ථාවර කාරක සභාවේ වාර්තාව හා එහි කාර්ය සටහන්, එම කාරක සභාවේ සභාපති නියෝජ්‍ය කථානායක ගරු අජිත් රාජපක්ෂ මහතා විසින් පිළිගන්වන ලදී.
(ii)    රජයේ මුදල් පිළිබඳ කාරක සභාවේ වාර්තාව, එම කාරක සභාවේ සභාපති, ගරු (ආචාර්ය) හර්ෂ ද සිල්වා මහතා විසින් පිළිගන්වන ලදී.

 

පෙත්සම් පිළිගැන්වීම

(i)    ගරු චාමර සම්පත් දසනායක මහතා                    
(ii)    ගරු නීතිඥ චන්දිම වීරක්කොඩි මහතා                                        
(iii)    ගරු සාරතී දුෂ්මන්ත මහතා             
(iv)    ගරු මායාදුන්න චින්තක අමල් මහතා                    
(v)    ගරු ඩී. වීරසිංහ මහතා                
   
(පෙත්සම් මහජන පෙත්සම් පිළිබඳ කාරක සභාවට යොමු කරනු ලැබේ)

 

පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග 27(2) යටතේ ප්‍රශ්න

(i)    ගරු සජිත් ප්‍රේමදාස මහතා
රාජ්‍ය කළමනාකරණ සේවා නිලධාරීන්ගේ ගැටලු

(ii)    ගරු අනුර දිසානායක මහතා
ග්‍රාම නිලධාරීන්ගේ ගැටලු

ගරු ස්වදේශ කටයුතු රාජ්‍ය අමාත්‍යවරයා ඉහත ප්‍රශ්නයට පිළිතුරු දුන්නේ ය.

(iii)    ගරු (පූජ්‍ය) අතුරලියේ රතන හිමි
රාජ්‍ය ආයතන විකිණීම

 

පනත් කෙටුම්පත් පිළිගැන්වීම

පහත සඳහන් පනත් කෙටුම්පත් ගරු ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායකවරයා විසින් ඉදිරිපත් කරන ලදී -

(i)    රාජ්‍ය මූල්‍ය කළමනාකරණ - වඩා යහපත් වූ සාර්ව ආර්ථික කළමනාකරණයක් උදෙසා මූල්‍ය ප‍්‍රතිපත්තිය වැඩි දියුණු කිරීමේ අරමුණ ඇතිව රාජ්‍ය මූල්‍ය කළමනාකරණ ව්‍යුහය තුළ රාජ්‍ය අරමුදල් පිළිබඳ වගවීම, අධීක්ෂණය, කළමනාකරණය සහ පාලනය ශක්තිමත් කිරීම සඳහා විධිවිධාන සැලැස්වීම සඳහා ද; මූල්‍ය කළමනාකරණයට අදාළ ආයතනික වගකීම් පැහැදිලි කිරීම සඳහා ද; අයවැය කළමනාකරණය ශක්තිමත් කිරීම සඳහා මූල්‍ය ප්‍රතිපත්තිය සහ කාර්ය සාධනය මහජනතාව විසින් සුපරීක්ෂණයට ලක්කිරීම සඳහා පහසුකම් සැලැස්වීම සඳහා ද; 1971 අංක 38 දරන මුදල් පනතේ II වන කොටසේ 8 වන හා 14 වන වගන්ති ඉවත් කිරීම සඳහා ද; 2003 අංක 3 දරන මූල්‍ය කළමනාකරණ (වගකීම) පනත ඉවත් කිරීම සඳහා ද; ඊට සම්බන්ධ හෝ ආනුෂංගික කරුණු සඳහා ද විධිවිධාන සැළැස්වීම සඳහා.

(ii)    ආර්ථික පරිවර්තන - ආර්ථික පරිවර්තනය පිළිබඳ ජාතික ප්‍රතිපත්තිය සඳහා විධිවිධාන සැලසීම සඳහා, සහ ශ්‍රී ලංකා ආර්ථික කොමිෂන් සභාව, සහ ශ්‍රී ලංකා ආයෝජන කලාප, ජාත්‍යන්තර වෙළෙඳාම සඳහා වූ කාර්යාලය, ජාතික ඵලදායිතා කොමිෂන් සභාව සහ ශ්‍රී ලංකා ආර්ථික විද්‍යා සහ ජාත්‍යන්තර වෙළෙඳ ආයතනය පිහිටුවීම සඳහා ද, ජාතික රාජ්‍ය සභාවේ 1978 අංක 4 දරන ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩල පනත ඉවත් කිරීම සඳහා ද, ඊට සම්බන්ධ හෝ ආනුෂංගික කාරණා සඳහා විධිවිධාන සැලැස්වීම පිණිස ද.

 

පෞද්ගලික මන්ත්‍රීන්ගේ පනත් කෙටුම්පත්

(i)    විසිදෙවන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය
(ii)    පාර්ලිමේන්තු මැතිවරණ (සංශෝධන)

නමැති පනත් කෙටුම්පත් ඉදිරිපත් කිරීමට ගරු (වෛද්‍ය) සුදර්ශිනී ප්‍රනාන්‍දුපුල්ලේ මහත්මියට අවසර දෙන ලදී.

 

කල් තැබීමේ යෝජනාව

“රටේ නීතියේ ආධිපත්‍යය බිඳ වැටීම” පිළිබඳ කල් තැබීමේ යෝජනාව ගරු නීතිඥ ලක්ෂ්මන් කිරිඇල්ල මහතා විසින් යෝජනා කරන ලදී.

 

අනතුරුව, පාර්ලිමේන්තුව පැය 1625 ට 2024 ජුනි මස 4 වැනි අඟහරුවාදා පැය 0930 දක්වා කල් තබන ලදී.

 

 

 

 

*  මෙය සංස්කරණය නොකරන ලද අනුවාදයකි. මෙදින කටයුතුවල නිල වාර්තාව සඳහා කරුණාකර හැන්සාඩ් වාර්තාව බලන්න.

ප්‍රචාරණය කරන්න

Submit to Delicious Submit to Digg Submit to Facebook Submit to Google Bookmarks Submit to Twitter Submit to LinkedIn

පාර්ලිමේන්තු දිනදසුන

පාර්ලිමේන්තු ජංගම යෙදුම බාගත කරන්න

ඊ-මේල් ලැයිස්තු ග්‍රාහකත්වය

© ශ්‍රී ලංකා පාර්ලි‌‌මේන්තුව.සියලු හිමිකම් ඇවිරිණි.

විසඳුම Lankacom විසිනි