2024 මැයි මස 13 වැනි දින සභාවේ කටයුතු |
දිනය : | 2024-05-13 |
කථානායක ගරු මහින්ද යාපා අබේවර්ධන මහතා මූලසනාරූඪ විය.
කථානායකවරයා විසින් කරනු ලබන නිවේදන
A : ජල සම්පාදන සහ වතු යටිතල පහසුකම් සංවර්ධන කටයුතු පිළිබඳ අමාත්‍යාංශයීය උපදේශක කාරක සභාවේ සේවය කිරීම සඳහා මන්ත්‍රීන් පත් කිරීම
B : සභාපති නාමාවලියේ මන්ත්‍රීවරයන් සඳහා රැස්වීමක්
ලිපිලේඛනාදිය පිළිගැන්වීම
2021 අංක 21 දරන ඛනිජතෙල් සම්පත් පනතේ 4(අ) සහ16(4) වගන්ති සමඟ කියවිය යුතු 48 වගන්තිය යටතේ සහ 2021 අංක 21 දරන ඛනිජතෙල් සම්පත් පනතේ 13(3) වගන්ති සමඟ කියවිය යුතු 48 වගන්තිය යටතේ විදුලිබල හා බලශක්ති අමාත්‍යවරයා විසින් සාදන ලදුව 2024 මාර්තු 05 දිනැති අංක 2374/17 දරන අති විශේෂ ගැසට් පත්‍රයේ පළ කරන ලද නියෝග
කාරක සභා වාර්තා පිළිගැන්වීම
රජයේ මුදල් පිළිබඳ කාරක සභාවේ වාර්තාව, එම කාරක සභාවේ සභාපති, ගරු (ආචාර්ය) හර්ෂ ද සිල්වා මහතා විසින් පිළිගන්වන ලදී.
පෙත්සම් පිළිගැන්වීම
ගරු ශෙහාන් සේමසිංහ මහතා
(පෙත්සම් මහජන පෙත්සම් පිළිබඳ කාරක සභාවට යොමු කරනු ලැබේ)
පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග 27(2) යටතේ ප්‍රශ්න
ගරු සජිත් ප්‍රේමදාස මහතා
ත්‍රිවිධ හමුදාවට වෙන් කරන ලද ප්‍රතිපාදන, ‘අස්වැසුම’ වැඩසටහන සහ අනෙකුත් කරුණු
පනත් කෙටුම්පත් පිළිගැන්වීම
(101 වන අධිකාරය වූ) සිවිල් නඩු විධාන සංග්‍රහය සංශෝධනය කිරීම සඳහා වූ
“සිවිල් නඩු විධාන සංග්‍රහය (සංශෝධන)”
නමැති පනත් කෙටුම්පත ගරු පාර්ලිමේන්තුවේ සභානායකතුමා විසින් පිළිගන්වන ලදී.
අද දින සභාවේ ප්‍රධාන කටයුතු
පහත සඳහන් අයිතමයන් (අද දින න්‍යාය පත්‍රයේ විෂය අංක 1 සිට 24 දක්වා සඳහන් වන) සභාව විසින් අනුමත කරන ලදී:-
(i) ආනයන හා අපනයන (පාලන) පනත යටතේ රෙගුලාසි දෙකක්
(ii) සුරාබදු ආඥාපනත යටතේ නිවේදනය
(iii) ශ්‍රී ලංකා සුරැකුම්පත් හා විනිමය කොමිෂන් සභා පනත යටතේ රෙගුලාසි
(iv) මුදල් පනත යටතේ නියෝග දෙකක්
(v) විදේශ විනිමය පනත යටතේ නියෝග හතරක්
(vi) විසර්ජන පනත යටතේ යෝජනා සම්මතයන් හයක්
(vii) ශ්‍රී ලංකා අපනයන සංවර්ධන පනත යටතේ නියමය
(viii) රේගු ආඥා පනත යටතේ යෝජනා සම්මතය
(ix) ආනයන හා අපනයන (පාලන) පනත යටතේ රෙගුලාසි
(x) ජයා කන්ටේනර් ටර්මිනල්ස් ලිමිටඩ්හි වාර්ෂික වාර්තාව (2022)
(xi) පවිත්‍රා වන්නිආරච්චි සහෘද පදනම (සංස්ථාගත කිරීමේ) පනත් කෙටුම්පත
(xii) අන්තර්ජාතික ථේරවාද ධර්මායතනය (සංස්ථාගත කිරීමේ) පනත් කෙටුම්පත
(xiii) සවීර පදනම (සංස්ථාගත කිරීමේ) පනත් කෙටුම්පත
(xiv) කැලණිය බෞද්ධ කාන්තා පුණ්‍යායතන සමිතිය (සංස්ථාගත කිරීමේ) පනත් කෙටුම්පත
සභාව කල් තබන අවස්ථාවේ යෝජනාව
“නැගෙනහිර පළාතේ (තාවකාලික) ගුරුවරුන් ගුරු සේවයට අන්තර්ග්‍රහණය කරගැනීම” පිළිබඳ සභාව කල් තබන අවස්ථාවේ යෝජනාව ගරු නීතිඥ එස්. එම්. එම්. මුෂාරෆ් මහතා විසින් යෝජනා කරන ලදී.
අනතුරුව, පාර්ලිමේන්තුව පැය 1715 ට 2024 මැයි මස 14 වැනි අඟහරුවාදා පැය 0930 දක්වා කල් තබන ලදී.
* මෙය සංස්කරණය නොකරන ලද අනුවාදයකි. මෙදින කටයුතුවල නිල වාර්තාව සඳහා කරුණාකර හැන්සාඩ් වාර්තාව බලන්න.
ක්ෂණික සබැඳි
-

පාර්ලිමේන්තු දිනදසුන -

පනත් සහ පනත් කෙටුම්පත් -

කාරක සභා -

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව -

පාර්ලිමේන්තුව සජීවීව -

කාරක සභා සජීවීව - පටිගත කළ -

ඡායාරූප ගැලරිය -

පුවත් -

බාගත කිරීම් -

තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම -

තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම - කථානායක කාර්යාලය -

අයවැය 2026 -

නව වෙබ් අඩවිය (BETA අනුවාදය) -

ජාතික පොලිස් කොමිෂන් සභාවේ සාමාජික ධුරයට පත්කිරීම






