2024 මැයි මස 10 වැනි දින සභාවේ කටයුතු |
දිනය : | 2024-05-10 |
|
කථානායක ගරු මහින්ද යාපා අබේවර්ධන මහතා මූලසනාරූඪ විය.
අභිනව මන්ත්‍රීවරයන්ගේ නිල ප්‍රතිඥාව හෝ දිවුරුම
ගරු ඩයනා ගමගේ මහත්මිය පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරියක වශයෙන් අසුන් ගැනීමට සුදුස්සකු නොවන බවට ශ්‍රේෂ්ඨාධිකරණය විසින් කරන ලද තීරණයට අනුව නවවැනි පාර්ලිමේන්තුවේ මන්ත්‍රීධුරයක ඇති වූ පුරප්පාඩුව පිරවීම සඳහා ගරු මොහොමඩ් මුජිබර් රහුමාන් මහතා පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු වශයෙන් ගරු කථානායකතුමා ඉදිරියේ දිවුරුම් දෙන ලදී.
ලිපිලේඛනාදිය පිළිගැන්වීම
2021/2022 වර්ෂය සඳහා සී/ස ශ්‍රී ලංකා රජයේ වාණිජ (විවිධ) නීතිගත සංස්ථාවේ වාර්ෂික වාර්තාව
කාරක සභා වාර්තා පිළිගැන්වීම
(i) “ශ්‍රී ලංකා වරලත් නැව් තැරැව්කරුවන්ගේ ආයතනය (සංස්ථාගත කිරීමේ) පනත් කෙටුම්පත” පිළිබඳ ව්‍යවස්ථාදායක ස්ථාවර කාරක සභාවේ වාර්තාව හා එහි කාර්ය සටහන්, එම කාරක සභාවේ සභාපති නියෝජ්‍ය කථානායක ගරු අජිත් රාජපක්ෂ මහතා විසින් පිළිගන්වන ලදී.
(ii) “දැදිගම ශ්‍රී මෛත්‍රී ප්‍රඥාර්ථ බෞද්ධ අධ්‍යාපන දහම් සභාව (සංස්ථාගත කිරීමේ) පනත් කෙටුම්පත” පිළිබඳ ව්‍යවස්ථාදායක ස්ථාවර කාරක සභාවේ වාර්තාව හා එහි කාර්ය සටහන්, එම කාරක සභාවේ සභාපති නියෝජ්‍ය කථානායක ගරු අජිත් රාජපක්ෂ මහතා විසින් පිළිගන්වන ලදී.
(iii) ආහාර සුරක්ෂිතතාවය සහ කෘෂිකර්මය පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාවේ වාර්තා දෙකක්, එම කාරක සභාවේ සභාපති, ගරු ඩී. වීරසිංහ මහතා විසින් පිළිගන්වන ලදී.
පෙත්සම් පිළිගැන්වීම
(i) ගරු තිස්ස අත්තනායක මහතා - පෙත්සම් දෙකයි
(ii) ගරු (වෛද්‍ය) රාජිත සේනාරත්න මහතා
(පෙත්සම් මහජන පෙත්සම් පිළිබඳ කාරක සභාවට යොමු කරනු ලැබේ)
පනත් කෙටුම්පත් පිළිගැන්වීම
1991 අංක 25 දරන ශ්‍රී ලංකා විදුලි සංදේශ පනත සංශෝධනය කිරීම සඳහා වූ
“ශ්‍රී ලංකා විදුලි සංදේශ (සංශෝධන)”
නමැති පනත් කෙටුම්පත ගරු පාර්ලිමේන්තුවේ සභානායකතුමා විසින් පිළිගන්වන ලදී.
ශෝක ප්‍රකාශ යෝජනා
පහත සඳහන් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් පිළිබඳ ශෝක ප්‍රකාශ යෝජනා සම්බන්ධයෙන් කථා පවත්වා අවසන් කරන ලදී:-
(i) අභාවප්‍රාප්ත ගරු යූ. එල්. එම්. ෆාරුක් මහතා
(ii) අභාවප්‍රාප්ත ගරු අසෝක ජයවර්ධන මහතා
(iii) අභාවප්‍රාප්ත ගරු ගාමිණී ජයවික්‍රම පෙරේරා මහතා
අනතුරුව, පාර්ලිමේන්තුව පැය 1349 ට 2024 මැයි මස 13 වැනි සඳුදා පැය 0930 දක්වා කල් තබන ලදී.
* මෙය සංස්කරණය නොකරන ලද අනුවාදයකි. මෙදින කටයුතුවල නිල වාර්තාව සඳහා කරුණාකර හැන්සාඩ් වාර්තාව බලන්න.