ශ්‍රී ලංකා

පාර්ලිමේන්තුව

English (UK)Tamil-SriLanka

2024 මැයි මස 09 වැනි දින සභාවේ කටයුතු

දිනය : 2024-05-09

කථානායක ගරු මහින්ද යාපා අබේවර්ධන මහතා මූලසනාරූඪ විය.

 

කථානායකවරයා විසින් කරනු ලබන නිවේදන

A : ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 79 වැනි ව්‍යවස්ථාව යටතේ පනත් කෙටුම්පතක සහතිකය සටහන් කිරීම  
B : “ශ්‍රී ලංකා විදුලිබල” නමැති පනත් කෙටුම්පත සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණය වෙත ඉදිරිපත් කරන ලද පෙත්සම්වල පිටපත් ලැබී ඇති බව
C : නවවැනි පාර්ලිමේන්තුවේ මන්ත්‍රී ධුරයක පුරප්පාඩුවක් ඇති වී තිබෙන බවට වන නිවේදනය
D : වෙළඳ, වාණිජ හා ආහාර සුරක්ෂිතතා කටයුතු පිළිබඳ අමාත්‍යාංශයීය උපදේශක කාරක සභාවේ සේවය කිරීම සඳහා මන්ත්‍රීවරයෙක් පත් කිරීම
E : පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාවේ රැස්වීම

 

ගරු ජනාධිපතිතුමාගේ විශේෂ ප්‍රකාශය

රටේ වත්මන් ආර්ථික තත්ත්වය පිළිබඳව ගරු ජනාධිපතිතුමා විසින් විශේෂ ප්‍රකාශයක් කරන ලදී.

 

පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග 52(6) යටතේ වාර්තා පිළිගැන්වීම

පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග 52(6) යටතේ "ශ්‍රී ලංකා සැලසුම් තාක්ෂණඥයින්ගේ ආයතනය (සංස්ථාගත කිරීමේ)" නමැති පනත් කෙටුම්පත පිළිබඳ වාර්තාව ගරු අධ්‍යාපන අමාත්‍යවරයා විසින් පිළිගන්වන ලදී.

 

කාරක සභා වාර්තා පිළිගැන්වීම

(i)    තාක්ෂණ කටයුතු පිළිබඳ අමාත්‍යාංශයීය උපදේශක කාරක සභාවේ වාර්තාව, එම කාරක සභාවේ සභාපති වෙනුවෙන්, ගරු කනක හේරත් මහතා විසින් පිළිගන්වන ලදී.
(ii)    අධ්‍යාපනය පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාවේ වාර්තාව, එම කාරක සභාවේ සභාපති, ගරු (ආචාර්ය) වී. රාධක්‍රිෂ්ණන් මහතා විසින් පිළිගන්වන ලදී.

 

පෙත්සම් පිළිගැන්වීම

(i)    ගරු නීතිඥ ලක්ෂ්මන් කිරිඇල්ල මහතා                
(ii)    ගරු අනුර දිසානායක මහතා               -     පෙත්සම් තුනයි
(iii)    ගරු වීරසුමන වීරසිංහ මහතා      
                                                     
(පෙත්සම් මහජන පෙත්සම් පිළිබඳ කාරක සභාවට යොමු කරනු ලැබේ)

 

පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග 27(2) යටතේ ප්‍රශ්න

ගරු සජිත් ප්‍රේමදාස මහතා
අධ්‍යාපන ක්ෂේත්‍රයේ ගැටලු

ගරු අධ්‍යාපන අමාත්‍යවරයා ඉහත ප්‍රශ්නයට පිළිතුරු දුන්නේ ය.

 

අමාත්‍යාංශ නිවේදන

අත්‍යාවශ්‍ය ආහාර ද්‍රව්‍යවල මිල අඩු කිරීම පිළිබඳව වෙළඳ, වාණිජ හා ආහාර සුරක්ෂිතතා අමාත්‍ය, ගරු නලින් ප්‍රනාන්දු මහතා අමාත්‍යාංශ නිවේදනයක් කළේය.

 

පනත් කෙටුම්පත් පිළිගැන්වීම

ස්ත්‍රී පුරුෂ සමාජභාවීය සමානාත්මතාවය සහ කාන්තාවන් සවිබල ගැන්වීම පිළිබඳ ජාතික ප්‍රතිපත්තිය සකස් කිරීම සහ ක්‍රියාත්මක කිරීම සඳහා විධිවිධාන සැලැස්වීම පිණිස ද; ස්ත්‍රී පුරුෂ තැනැත්තන් පිළිබඳ කේන්ද්‍රස්ථානය පත් කිරීම සහ නම් කිරීම සඳහා ද; වෙනස් වූ ස්ත්‍රී පුරුෂ අනන්‍යතාවයක් සහිත තැනැත්තන් වෙනුවෙන් ස්ත්‍රී පුරුෂ සමාජභාවීය සමානාත්මතාවය තහවුරු කිරීම සඳහා ද; ඒ හා සම්බන්ධ සහ එයට ආනුෂංගික කරුණු සඳහා ද විධිවිධාන සැලැස්වීම පිණිස වූ

“ස්ත්‍රී පුරුෂ සමාජභාවීය සමානාත්මතාවය පිළිබඳ”

නමැති පනත් කෙටුම්පත ගරු පාර්ලිමේන්තුවේ සභානායකතුමා විසින් පිළිගන්වන ලදී.

 

අද දින සභාවේ ප්‍රධාන කටයුතු

සාප්පු හා කාර්යාලීය සේවකයන් පිළිබඳ (සේවය හා වේතන විධිමත් කිරීමේ) (සංශෝධන) පනත් කෙටුම්පත (අද දින න්‍යාය පත්‍රයේ විෂය අංක 1 වශයෙන් සඳහන් වන)

සභාව විසින් සම්මත කරන ලදී.

 

සභාව කල් තබන අවස්ථාවේ යෝජනාව

“මන්නාරම දිස්ත්‍රික්කයේ වංගාලෙයි ගම්මානය සහ තවත් ප්‍රදේශ මුහුදු ඛාදනයෙන් ආරක්ෂා කිරීම” පිළිබඳ සභාව කල් තබන අවස්ථාවේ යෝජනාව ගරු චාල්ස් නිර්මලනාදන් මහතා විසින් යෝජනා කරන ලදී.

 

අනතුරුව, පාර්ලිමේන්තුව පැය 1736 ට 2024 මැයි මස 10 වැනි සිකුරාදා පැය 0930 දක්වා කල් තබන ලදී.

 

 

 

 

*  මෙය සංස්කරණය නොකරන ලද අනුවාදයකි. මෙදින කටයුතුවල නිල වාර්තාව සඳහා කරුණාකර හැන්සාඩ් වාර්තාව බලන්න.

ප්‍රචාරණය කරන්න

Submit to Delicious Submit to Digg Submit to Facebook Submit to Google Bookmarks Submit to Twitter Submit to LinkedIn

පාර්ලිමේන්තු දිනදසුන

පාර්ලිමේන්තු ජංගම යෙදුම බාගත කරන්න

ඊ-මේල් ලැයිස්තු ග්‍රාහකත්වය

© ශ්‍රී ලංකා පාර්ලි‌‌මේන්තුව.සියලු හිමිකම් ඇවිරිණි.

විසඳුම Lankacom විසිනි