2024 මැයි මස 08 වැනි දින සභාවේ කටයුතු

දිනය : 2024-05-08

Print

කථානායක ගරු මහින්ද යාපා අබේවර්ධන මහතා මූලසනාරූඪ විය.

 

කථානායකවරයා විසින් කරනු ලබන නිවේදන

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 154(6) ව්‍යවස්ථාව ප්‍රකාරව ─

  • 2020 මුදල් වර්ෂය සඳහා විගණකාධිපතිවරයාගේ වාර්තාවේ දෙවැනි කාණ්ඩයේ LVI කොටස; සහ
  • 2022 මුදල් වර්ෂය සඳහා විගණකාධිපතිවරයාගේ වාර්තාවේ දෙවැනි කාණ්ඩයේ XLVII හා XLVIII කොටස්, තෙවැනි කාණ්ඩයේ XVIII සහ නවවැනි කාණ්ඩයේ XXX හා XXXI කොටස්

 

ලිපිලේඛනාදිය පිළිගැන්වීම

(i)    2022 වර්ෂය සඳහා ඕෂන් විව් ඩිවලොප්මන්ට් කම්පැනි ප්‍රයිවට් ලිමිටඩ් හි වාර්ෂික වාර්තාව
(ii)    2021 වර්ෂය සඳහා ශ්‍රී ලංකා හස්ත කර්මාන්ත මණ්ඩලයේ වාර්ෂික වාර්තාව

 

කාරක සභා වාර්තා පිළිගැන්වීම

(i)    “කැලණිය බෞද්ධ කාන්තා පුණ්‍යායතන සමිතිය (සංස්ථාගත කිරීමේ) පනත් කෙටුම්පත” පිළිබඳ ව්‍යවස්ථාදායක ස්ථාවර කාරක සභාවේ වාර්තාව හා එහි කාර්ය සටහන්, එම කාරක සභාවේ සභාපති නියෝජ්‍ය කථානායක ගරු අජිත් රාජපක්ෂ මහතා විසින් පිළිගන්වන ලදී.
(ii)    නවවැනි පාර්ලිමේන්තුවේ තෙවැනි සභාවාරය සඳහා අමාත්‍යාංශයීය උපදේශක කාරක සභාවේ තෙවැනි වාර්තාව, නියෝජ්‍ය කථානායක සහ කාරක සභා සභාපති ගරු අජිත් රාජපක්ෂ මහතා විසින් පිළිගන්වන ලදී.
(iii)    ජාතික ආර්ථික හා භෞතික සැලසුම් පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාවේ වාර්තා දෙකක්, එම කාරක සභාවේ සභාපති වෙනුවෙන් සාමාජික මන්ත්‍රී ගරු නීතිඥ මධුර විතානගේ මහතා විසින් පිළිගන්වන ලදී.
(iv)    විවෘත හා වගකිවයුතු රජයක් පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාවේ වාර්තා තුනක්, එම කාරක සභාවේ සභාපති, ගරු ජගත් කුමාර සුමිත්‍රාආරච්චි මහතා විසින් පිළිගන්වන ලදී.

 

පෙත්සම් පිළිගැන්වීම

(i)    ගරු අ. අරවින්ද් කුමාර් මහතා             -    පෙත්සම් දෙකයි
(ii)    ගරු ලලිත් එල්ලාවල මහතා                    
(iii)    ගරු එම්. රාමේෂ්වරන් මහතා                    
(iv)    ගරු (ආචාර්ය) හරිනි අමරසූරිය මහත්මිය    
                                   
(පෙත්සම් මහජන පෙත්සම් පිළිබඳ කාරක සභාවට යොමු කරනු ලැබේ)

 

අග්‍රාමාත්‍යවරයාගෙන් අසනු ලබන ප්‍රශ්න

පහත සඳහන් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් විසින් ප්‍රශ්න හතරක් අසන ලදී:-

(i)    ගරු හේෂා විතානගේ මහතා
(ii)    ගරු විජිත හේරත් මහතා
(iii)    ගරු සම්පත් අතුකෝරල මහතා
(iv)    ගරු කපිල අතුකෝරල මහතා

 

පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග 27(2) යටතේ ප්‍රශ්න

ගරු සජිත් ප්‍රේමදාස මහතා
සංවර්ධන ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීම සඳහා ප්‍රජා උපදේශක කමිටු පත් කිරීම

 

අමාත්‍යාංශ නිවේදන

උතුර සහ නැගෙනහිර පළාත්වල සිංහල මාධ්‍ය පාසල් පිළිබඳ විස්තර සම්බන්ධයෙන් 2024.03.06 දින ගරු ගෙවිඳු කුමාරතුංග මහතා විසින් අග්‍රාමාත්‍යවරයාගෙන් අසන ලද ප්‍රශ්නයට අධ්‍යාපන අමාත්‍ය, ගරු නීතිඥ (ආචාර්ය) සුසිල් ප්‍රේමජයන්ත මහතා විසින් පිළිතුරු සපයන ලදී.

 

අද දින සභාවේ ප්‍රධාන කටයුතු

පහත සඳහන් අයිතමයන් (අද දින න්‍යාය පත්‍රයේ විෂය අංක 1 සහ 2 වශයෙන් සඳහන් වන) සභාව විසින් අනුමත කරන ලදී:-

(i)    රාජ්‍යතාන්ත්‍රික වරප්‍රසාද පනත යටතේ නියෝග
(ii)    ඛනිජතෙල් නිෂ්පාදන (විශේෂ විධිවිධාන) පනත යටතේ නියෝග

 

සභාව කල් තබන අවස්ථාවේ ප්‍රශ්න

පහත සඳහන් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් විසින් ප්‍රශ්න දෙකක් අසන ලදී:-

(i)    ගරු ඩලස් අලහප්පෙරුම මහතා
(ii)    ගරු (මේජර්) සුදර්ශන දෙනිපිටිය මහතා

 

අනතුරුව, පාර්ලිමේන්තුව පැය 1713 ට 2024 මැයි මස 9 වැනි බ්‍රහස්පතින්දා පැය 0930 දක්වා කල් තබන ලදී.

 

 

 

 

*  මෙය සංස්කරණය නොකරන ලද අනුවාදයකි. මෙදින කටයුතුවල නිල වාර්තාව සඳහා කරුණාකර හැන්සාඩ් වාර්තාව බලන්න.