ශ්‍රී ලංකා

පාර්ලිමේන්තුව

English (UK)Tamil-SriLanka

2024 අප්‍රේල් මස 26 වැනි දින සභාවේ කටයුතු

දිනය : 2024-04-26

නියෝජ්‍ය කථානායක සහ කාරක සභා සභාපති ගරු අජිත් රාජපක්ෂ මහතා මූලසනාරූඪ විය.

 

කථානායකවරයා විසින් කරනු ලබන නිවේදන

A : පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාවේ සහ තේරීම් කාරක සභාවේ රැස්වීම්

 

කථානායකවරයා විසින් ලිපිලේඛනාදිය පිළිගැන්වීම

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 154(6) ව්‍යවස්ථාව ප්‍රකාරව විගණකාධිපතිවරයාගේ වාර්තාවේ දසවැනි කාණ්ඩයේ ─ VIII කොටස ─ ‍ශ්‍රී ලංකා‍ රේගුවේ පවතින විවිධ අරමුදල් කළමනාකරණය/ පරිපාලනය සම්බන්ධයෙන් වූ විශේෂ විගණන වාර්තාව

 

ලිපිලේඛනාදිය පිළිගැන්වීම

(i)    2023 වර්ෂය සඳහා ශ්‍රී ලංකා මහ  බැංකුවේ වාර්ෂික ආර්ථික විවරණය සහ මූල්‍ය ප්‍රකාශ සහ මෙහෙයුම්
(ii)    2022 වර්ෂය සඳහා ටවර් හෝල් රඟහල පදනමේ වාර්ෂික වාර්තාව සහ මූල්‍ය ප්‍රකාශ

(iii)    රජයේ ගිණුම් පිළිබඳ කාරක සභාව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලද වාර්තාවේ පාර්ලිමේන්තුවේ සභානායක කාර්යාලය සම්බන්ධ කරුණු පිළිබඳ පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග 119(4) ප්‍රකාරව නිරීක්ෂණ සහ ගනු ලැබූ ක්‍රියාමාර්ග පිළිබඳ වාර්තාව

 

කාරක සභා වාර්තා පිළිගැන්වීම

“පවිත්‍රා වන්නිආරච්චි සහෘද පදනම (සංස්ථාගත කිරීමේ) පනත් කෙටුම්පත” පිළිබඳ ව්‍යවස්ථාදායක ස්ථාවර කාරක සභාවේ වාර්තාව හා එහි කාර්ය සටහන්, එම කාරක සභාවේ සභාපති වෙනුවෙන් ගරු නීතිඥ ප්‍රේම්නාත් සී. දොලවත්ත මහතා විසින් පිළිගන්වන ලදී.

 

පෙත්සම් පිළිගැන්වීම

(i)    ගරු නීතිඥ මොහාන් ප්‍රියදර්ශන ද සිල්වා මහතා                    
(ii)    ගරු බුද්ධික පතිරණ මහතා                    -    පෙත්සම් දහයයි
(iii)    ගරු (මේජර්) සුදර්ශන දෙනිපිටිය මහතා                    
(iv)    ගරු යදාමිණී ගුණවර්ධන මහතා                -    පෙත්සම් දෙකයි    
                
(පෙත්සම් මහජන පෙත්සම් පිළිබඳ කාරක සභාවට යොමු කරනු ලැබේ)

 

පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග 27(2) යටතේ ප්‍රශ්න

ගරු සජිත් ප්‍රේමදාස මහතා
වීසා ගාස්තු වැඩි කිරීම නිසා සංචාරක කර්මාන්තයට සිදුවන බලපෑම

ගරු සංචාරක අමාත්‍යවරයා ඉහත ප්‍රශ්නයට පිළිතුරු දුන්නේ ය.

 

නොපැමිණීමේ අවසරය පිළිබඳ යෝජනා

යාපනය මැතිවරණ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ගරු ජී. ජී. පොන්නම්බලම් මහතාට 2024.04.26 දින සිට බලපැවැත්වෙන පරිදි පාර්ලිමේන්තු රැස්වීම්වලට නොපැමිණ සිටීම සඳහා, ගරු විරුද්ධ පාර්ශ්වයේ ප්‍රධාන සංවිධායකවරයා විසින් ඉදිරිපත් කරන ලද යෝජනාවට පාර්ලිමේන්තුවේ අවසරය හිමි විය.

 

පනත් කෙටුම්පත් පිළිගැන්වීම

ආණ්ඩුව වෙනුවෙන් රාජ්‍ය ණය ගැනීම, නිකුත් කිරීම සහ රාජ්‍ය ණය සේවාකරණය සඳහා බලය ලබා දීම සහ ඇපකර නිකුත් කිරීම, උප ණය දීම්, සැපයුම්කරුවන්ගේ ණය ගිවිසුම් සහ කල්බදු මූල්‍යකරණ ගිවිසුම් ඇති කර ගැනීම ඇතුළුව රාජ්‍ය ණය කළමනාකරණය කිරීම පිණිස ද; රාජ්‍ය ණය කළමනාකරණ කාර්යාලය පිහිටුවීම පිණිස ද; ඊට සම්බන්ධ හෝ ආනුෂංගික කාරණා සඳහා විධිවිධාන සැලැස්වීම පිණිස ද වූ

“රාජ්‍ය ණය කළමනාකරණ”

නමැති පනත් කෙටුම්පත ගරු පාර්ලිමේන්තුවේ සභානායකතුමා විසින් පිළිගන්වන ලදී.

 

අද දින සභාවේ ප්‍රධාන කටයුතු

ආගාමික හා විගාමික පනත යටතේ නියෝග (අද දින න්‍යාය පත්‍රයේ විෂය අංක 1 වශයෙන් සඳහන් වන)
සභාව විසින් අනුමත කරන ලදී.

 

කල් තැබීමේ යෝජනාව

“පාස්කු ඉරිදා ප්‍රහාරය” පිළිබඳ කල් තැබූ විවාදය තවදුරටත් පවත්වා අවසන් කරන ලදී.

 

අනතුරුව, පාර්ලිමේන්තුව පැය 1811  ට 2024 මැයි මස 7 වැනි අඟහරුවාදා පැය 0930 දක්වා කල් තබන ලදී.

 

 

 

 

*  මෙය සංස්කරණය නොකරන ලද අනුවාදයකි. මෙදින කටයුතුවල නිල වාර්තාව සඳහා කරුණාකර හැන්සාඩ් වාර්තාව බලන්න.

ප්‍රචාරණය කරන්න

Submit to Delicious Submit to Digg Submit to Facebook Submit to Google Bookmarks Submit to Twitter Submit to LinkedIn

පාර්ලිමේන්තු දිනදසුන

පාර්ලිමේන්තු ජංගම යෙදුම බාගත කරන්න

ඊ-මේල් ලැයිස්තු ග්‍රාහකත්වය

© ශ්‍රී ලංකා පාර්ලි‌‌මේන්තුව.සියලු හිමිකම් ඇවිරිණි.

විසඳුම Lankacom විසිනි