ශ්‍රී ලංකා

පාර්ලිමේන්තුව

English (UK)Tamil-SriLanka

2024 අප්‍රේල් මස 25 වැනි දින සභාවේ කටයුතු

දිනය : 2024-04-25

කථානායක ගරු මහින්ද යාපා අබේවර්ධන මහතා මූලසනාරූඪ විය.

 

ජනාධිපතිවරයාගෙන් ලැබෙන සංදේශ

A : (40 වැනි අධිකාරිය වූ) මහජන ආරක්ෂක ආඥා පනත යටතේ ආඥාව

 

කථානායකවරයා විසින් කරනු ලබන නිවේදන

B : නවවැනි පාර්ලිමේන්තුව සඳහා ශ්‍රී ලංකා වෛද්‍ය පාර්ලිමේන්තු මන්ත්‍රී සංසදයක් ස්ථාපනය කිරීම

 

ලිපිලේඛනාදිය පිළිගැන්වීම

(i)    2022 වර්ෂය සඳහා නාගරික ජනාවාස සංවර්ධන අධිකාරියේ වාර්ෂික වාර්තාව
(ii)    2020, 2021 සහ 2022 වර්ෂ සඳහා ඉඩම් මැනුම් සභාවේ වාර්ෂික වාර්තා

(iii)    2007 අංක 48 දරන විශේෂ වෙළඳ භාණ්ඩ බදු පනතේ 2 වගන්තිය යටතේ විශේෂ වෙළඳ භාණ්ඩ බදු සම්බන්ධයෙන් මුදල්, ආර්ථික ස්ථායීකරණ සහ ජාතික ප්‍රතිපත්ති අමාත්‍යවරයා විසින් පනවන ලදුව, 2023 නොවැම්බර්  30 දිනැති අංක 2360/52 දරන අති විශේෂ ගැසට් පත්‍රයේ පළ කරන ලද නියමය
(iv)    2007 අංක 48 දරන විශේෂ වෙළඳ භාණ්ඩ බදු පනතේ 5 වගන්තිය යටතේ විශේෂ වෙළඳ භාණ්ඩ බදු සම්බන්ධයෙන් මුදල්, ආර්ථික ස්ථායීකරණ සහ ජාතික ප්‍රතිපත්ති අමාත්‍යවරයා විසින් පනවන ලදුව, 2024 ජනවාරි  02 දිනැති අංක 2365/04 දරන අති විශේෂ ගැසට් පත්‍රයේ පළ කරන ලද නියමය
(v)    2007 අංක 48 දරන විශේෂ වෙළඳ භාණ්ඩ බදු පනතේ 2 වගන්තිය යටතේ විශේෂ වෙළඳ භාණ්ඩ බදු සම්බන්ධයෙන් මුදල්, ආර්ථික ස්ථායීකරණ සහ ජාතික ප්‍රතිපත්ති අමාත්‍යවරයා විසින් පනවන ලදුව, 2024 ජනවාරි 07 දිනැති අංක 2365/84 දරන අති විශේෂ ගැසට් පත්‍රයේ පළ කරන ලද නියමය
(vi)    2007 අංක 48 දරන විශේෂ වෙළඳ භාණ්ඩ බදු පනතේ 2 වගන්තිය යටතේ විශේෂ වෙළඳ භාණ්ඩ බදු සම්බන්ධයෙන් මුදල්, ආර්ථික ස්ථායීකරණ සහ ජාතික ප්‍රතිපත්ති අමාත්‍යවරයා විසින් පනවන ලදුව, 2024 පෙබරවාරි 19 දිනැති අංක 2372/06 දරන අති විශේෂ ගැසට් පත්‍රයේ පළ කරන ලද නියමය
(vii)    2007 අංක 48 දරන විශේෂ වෙළඳ භාණ්ඩ බදු පනතේ 5 වගන්තිය යටතේ විශේෂ වෙළඳ භාණ්ඩ බදු සම්බන්ධයෙන් මුදල්, ආර්ථික ස්ථායීකරණ සහ ජාතික ප්‍රතිපත්ති අමාත්‍යවරයා විසින් පනවන ලදුව, 2024 මාර්තු 01 දිනැති අංක 2373/42 දරන අති විශේෂ ගැසට් පත්‍රයේ පළ කරන ලද නියමය
(viii)    1979 අංක 40 දරන ශ්‍රී ලංකා අපනයන සංවර්ධන පනතේ 14 වගන්තිය යටතේ  සෙස් බදු සම්බන්ධයෙන් ආයෝජන ප්‍රවර්ධන අමාත්‍යවරයා විසින් පනවන ලදුව, 2024 ජනවාරි 04 දිනැති අංක 2365/50 දරන අති විශේෂ ගැසට් පත්‍රයේ පළ කරන ලද නියමය
(ix)    රේගු ආඥා පනතේ (235 අධිකාරය) 10 වගන්තිය යටතේ ආනයන තීරු බදු සම්බන්ධ යෝජනා සම්මතය
    (2024 ජනවාරි 04 දිනැති අංක 2365/51 දරන අති විශේෂ ගැසට් පත්‍රය)

 

කාරක සභා වාර්තා පිළිගැන්වීම

(i)    මහජන ආරක්ෂක කටයුතු පිළිබඳ අමාත්‍යාංශයීය උපදේශක කාරක සභාවේ වාර්තාව, එම කාරක සභාවේ සභාපති වෙනුවෙන් සාමාජික මන්ත්‍රී ගරු අකිල එල්ලාවල මහතා විසින් පිළිගන්වන ලදී.
(ii)    රජයේ මුදල් පිළිබඳ කාරක සභාවේ වාර්තාව, එම කාරක සභාවේ සභාපති වෙනුවෙන් සාමාජික මන්ත්‍රී ගරු නීතිඥ මධුර විතානගේ මහතා විසින් පිළිගන්වන ලදී.

 

පෙත්සම් පිළිගැන්වීම

(i)    ගරු රංජිත් සියඹලාපිටිය මහතා      -     පෙත්සම් හයයි
(ii)    ගරු විජිත බේරුගොඩ මහතා                    
(iii)    ගරු සිරිපාල ගමලත් මහතා                    
(iv)    ගරු වාසුදේව නානායක්කාර මහතා                    
(v)    ගරු මංජුලා දිසානායක මහත්මිය     
             
(පෙත්සම් මහජන පෙත්සම් පිළිබඳ කාරක සභාවට යොමු කරනු ලැබේ)

 

පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග 27(2) යටතේ ප්‍රශ්න

(i)    ගරු සජිත් ප්‍රේමදාස මහතා
අධ්‍යාපන ක්ෂේත්‍රයේ ගැටලු

ගරු අධ්‍යාපන අමාත්‍යවරයා ඉහත ප්‍රශ්නයට පිළිතුරු දුන්නේ ය.

(ii)    ගරු (පූජ්‍ය) අතුරලියේ රතන හිමි
ආහාර ප්‍රමිතිය පිළිබඳව අදහස් දැක්වූ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයෙකුගේ සහ වෛද්‍ය නිලධාරියෙකුගේ මරණ සම්බන්ධයෙන්

 

නොපැමිණීමේ අවසරය පිළිබඳ යෝජනා

ත්‍රිකුණාමලය මැතිවරණ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ගරු රාජවරෝදයම් සම්පන්දන් මහතාට 2024.04.25 දින සිට බලපැවැත්වෙන පරිදි පාර්ලිමේන්තු රැස්වීම්වලට නොපැමිණ සිටීම සඳහා, ගරු විරුද්ධ පාර්ශ්වයේ ප්‍රධාන සංවිධායකවරයා විසින් ඉදිරිපත් කරන ලද යෝජනාවට පාර්ලිමේන්තුවේ අවසරය හිමි විය.

 

වරප්‍රසාද පිළිබඳ ප්‍රශ්න

ගරු වේලු කුමාර් මහතා
පුද්ගලයින් කණ්ඩායමක් විසින් ඔහුට කරන ලද තර්ජනය

 

පනත් කෙටුම්පත් පිළිගැන්වීම

විදුලිබල කර්මාන්තයට සිදු කරනු ලබන ප්‍රතිසංස්කරණ ක්‍රියාත්මක කිරීමට විධිවිධාන සැලැස්වීම සඳහා ද; ජාතික විදුලිබල උපදේශක සභාව පිහිටුවීමට විධිවිධාන සැලැස්වීම සඳහා ද; 2002 අංක 35 දරන ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිෂන් සභාව පනත යටතේ පිහිටුවන ලද, ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිෂන් සභාව මේ පනත ප්‍රකාර විදුලිබල කර්මාන්තය සඳහා නියාමක වශයෙන් කටයුතු කිරීමට විධිවිධාන සැලැස්වීම සඳහා ද; විදුලිබලය උත්පාදනය කිරීම, සම්ප්‍රේෂණය කිරීම, බෙදා හැරීම, වෙළඳාම් කිරීම, සැපයීම සහ ප්‍රසම්පාදනය කිරීම සම්බන්ධ සියලු කටයුතු පැවරී ඇති සංස්ථාමය අස්තිත්ව 2007 අංක 07 දරන සමාගම් පනත යටතේ සංස්ථාගත කිරීමට අදාළ ව්‍යවස්ථාමය පියවර සැපයීම සඳහා ද; ඒ හා සම්බන්ධ සියලු කටයුතුවලට අදාළ වන ක්‍රියාපටිපාටි නිශ්චිතව දැක්වීම සඳහා ද; 1969 අංක 17 දරන ලංකා විදුලිබල මණ්ඩලය පනත සහ 2009 අංක 20 දරන ශ්‍රී ලංකා විදුලිබල පනත පරිච්ඡින්න කිරීම සඳහා සහ ඒ හා සම්බන්ධ හෝ ඊට ආනුෂාංගික කාරණා සඳහා විධිවිධාන සැලැස්වීම පිණිස ද වූ

“ශ්‍රී ලංකා විදුලිබල”

නමැති පනත් කෙටුම්පත ගරු විදුලිබල හා බලශක්ති අමාත්‍යතුමා විසින් පිළිගන්වන ලදී.

 

පෞද්ගලික මන්ත්‍රීන්ගේ පනත් කෙටුම්පත්

(i)    “අල් ෆලාහ් පදනම (සංස්ථාගත කිරීමේ)”

නමැති පනත් කෙටුම්පත ඉදිරිපත් කිරීමට ගරු ඒ. එච්. එම්. ෆවුසි මහතාට අවසර දෙන ලදී.

(ii)    “ශ්‍රී ලංකා ධීවර හා ජලජ සම්පත් සංගමය (සංස්ථාගත කිරීමේ)”

නමැති පනත් කෙටුම්පත ඉදිරිපත් කිරීමට ගරු (ආචාර්ය) නාලක ගොඩහේවා මහතාට අවසර දෙන ලදී.

 

අද දින සභාවේ ප්‍රධාන කටයුතු

පහත සඳහන් අයිතමයන් (අද දින න්‍යාය පත්‍රයේ විෂය අංක 1 සිට 4 සහ 6 වශයෙන් සඳහන් වන) සභාව විසින් අනුමත කරන ලදී:-

(i)    මෝටර් වාහන පනත යටතේ නියෝග දෙකක්
(ii)    සුරාබදු ආඥාපනත යටතේ නිවේදනය
(iii)    නිෂ්පාදන බදු (විශේෂ විධිවිධාන) පනත යටතේ නියමය
(iv)    ආගාමික හා විගාමික පනත යටතේ නියෝග

 

කල් තැබීමේ යෝජනාව

“පාස්කු ඉරිදා ප්‍රහාරය” පිළිබඳ කල් තැබූ විවාදය තවදුරටත් පවත්වා හෙට දිනට කල් තබන ලදී.

 

අනතුරුව, පාර්ලිමේන්තුව පැය 1716 ට 2024 අප්‍රේල් මස 26 වැනි සිකුරාදා පැය 0930 දක්වා කල් තබන ලදී.

 

 

 

 

*  මෙය සංස්කරණය නොකරන ලද අනුවාදයකි. මෙදින කටයුතුවල නිල වාර්තාව සඳහා කරුණාකර හැන්සාඩ් වාර්තාව බලන්න.

ප්‍රචාරණය කරන්න

Submit to Delicious Submit to Digg Submit to Facebook Submit to Google Bookmarks Submit to Twitter Submit to LinkedIn

පාර්ලිමේන්තු දිනදසුන

පාර්ලිමේන්තු ජංගම යෙදුම බාගත කරන්න

ඊ-මේල් ලැයිස්තු ග්‍රාහකත්වය

© ශ්‍රී ලංකා පාර්ලි‌‌මේන්තුව.සියලු හිමිකම් ඇවිරිණි.

විසඳුම Lankacom විසිනි