ශ්‍රී ලංකා

පාර්ලිමේන්තුව

English (UK)Tamil-SriLanka

2024 අප්‍රේල් මස 02 වැනි දින සභාවේ කටයුතු

දිනය : 2024-04-02

කථානායක ගරු මහින්ද යාපා අබේවර්ධන මහතා මූලසනාරූඪ විය.

 

කථානායකවරයා විසින් කරනු ලබන නිවේදන

A : ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 79 වැනි ව්‍යවස්ථාව යටතේ පනත් කෙටුම්පත්වල සහතිකය සටහන් කිරීම
B : “දැදිගම ශ්‍රී මෛත්‍රී ප්‍රඥාර්ථ බෞද්ධ අධ්‍යාපන දහම් සභාව (සංස්ථාගත කිරීමේ)” නමැති පනත් කෙටුම්පත සලකා බැලීම පිණිස ව්‍යවස්ථාදායක ස්ථාවර කාරක සභාවට නම් කරන ලද අතිරේක සාමාජික මන්ත්‍රීන්
C : “ශ්‍රී ලංකා වරලත් නැව් තැරැව්කරුවන්ගේ ආයතනය (සංස්ථාගත කිරීමේ)” නමැති පනත් කෙටුම්පත සලකා බැලීම පිණිස ව්‍යවස්ථාදායක ස්ථාවර කාරක සභාවට නම් කරන ලද අතිරේක සාමාජික මන්ත්‍රීන්
D : “පවිත්‍රා වන්නිආරච්චි සහෘද පදනම (සංස්ථාගත කිරීමේ)” නමැති පනත් කෙටුම්පත සලකා බැලීම පිණිස ව්‍යවස්ථාදායක ස්ථාවර කාරක සභාවට නම් කරන ලද අතිරේක සාමාජික මන්ත්‍රීන්
E : “ශ්‍රී ලංකා එක්සත් ක්‍රිස්තියානි සහෝදරත්වය (සංස්ථාගත කිරීමේ)” නමැති පනත් කෙටුම්පත සලකා බැලීම පිණිස ව්‍යවස්ථාදායක ස්ථාවර කාරක සභාවට නම් කරන ලද අතිරේක සාමාජික මන්ත්‍රීන්
F : “ශෛලී අධ්‍යාපනික පදනම (සංස්ථාගත කිරීමේ)” නමැති පනත් කෙටුම්පත සලකා බැලීම පිණිස ව්‍යවස්ථාදායක ස්ථාවර කාරක සභාවට නම් කරන ලද අතිරේක සාමාජික මන්ත්‍රීන්
G : “වයිට් රෝස් පදනම (සංස්ථාගත කිරීමේ)” නමැති පනත් කෙටුම්පත සලකා බැලීම පිණිස ව්‍යවස්ථාදායක ස්ථාවර කාරක සභාවට නම් කරන ලද අතිරේක සාමාජික මන්ත්‍රීන්
H : “අන්තර්ජාතික ථේරවාද ධර්මායතනය (සංස්ථාගත කිරීමේ)” නමැති පනත් කෙටුම්පත සලකා බැලීම පිණිස ව්‍යවස්ථාදායක ස්ථාවර කාරක සභාවට නම් කරන ලද අතිරේක සාමාජික මන්ත්‍රීන්

 

කථානායකවරයා විසින් ලිපිලේඛනාදිය පිළිගැන්වීම

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 154(6) ව්‍යවස්ථාව ප්‍රකාරව ─

  • 2019 මුදල් වර්ෂය සඳහා විගණකාධිපතිවරයාගේ වාර්තාවේ දෙවැනි කාණ්ඩයේ LV කොටස;
  • 2020 මුදල් වර්ෂය සඳහා විගණකාධිපතිවරයාගේ වාර්තාවේ දෙවැනි කාණ්ඩයේ LV කොටස;
  • 2021 මුදල් වර්ෂය සඳහා විගණකාධිපතිවරයාගේ වාර්තාවේ දෙවැනි කාණ්ඩයේ L කොටස; සහ
  • 2022 මුදල් වර්ෂය සඳහා විගණකාධිපතිවරයාගේ වාර්තාවේ දෙවැනි කාණ්ඩයේ XLIV කොටස සහ නවවැනි කාණ්ඩයේ XXVIII කොටස

 

ලිපිලේඛනාදිය පිළිගැන්වීම

(i)    2022 වර්ෂය සඳහා තෘතීයක හා වෘත්තීය අධ්‍යාපන කොමිෂන් සභාවේ වාර්ෂික වාර්තාව
(ii)    2022 වර්ෂය සඳහා සෞන්දර්ය කලා විශ්වවිද්‍යාලයේ වාර්ෂික වාර්තාව
(iii)         2022 වර්ෂය සඳහා ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ වාර්ෂික වාර්තාව
(iv)    2015 වර්ෂය සඳහා තේ ශක්ති අරමුදලේ වාර්ෂික වාර්තාව
(v)         2022 වර්ෂය සඳහා ශ්‍රී ලංකා කෘෂිකාර්මික පර්යේෂණ ප්‍රතිපත්ති සභාවේ වාර්ෂික වාර්තාව
(vi)         2022 වර්ෂය සඳහා ජාතික ඖෂධ නියාමන අධිකාරියේ වාර්ෂික වාර්තාව

(vii)    රජයේ ගිණුම් පිළිබඳ කාරක සභාව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලද වාර්තාවේ ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාව සම්බන්ධ කරුණු පිළිබඳ පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග 119(4) ප්‍රකාරව නිරීක්ෂණ සහ ගනු ලැබූ ක්‍රියාමාර්ග පිළිබඳ වාර්තාව
(viii)    කලින් කලට සංශෝධනය කරන ලද (52 අධිකාරය වූ) සුරාබදු ආඥාපනතේ 32(1) වගන්තිය යටතේ සුරාබදු බලපත්‍ර ස්ථාන විවෘත කරනු ලබන හා වසනු ලබන වේලාවන් සම්බන්ධයෙන් මුදල්, ආර්ථික ස්ථායීකරණ සහ ජාතික ප්‍රතිපත්ති අමාත්‍යවරයා විසින් පනවන ලදුව, 2023 දෙසැම්බර් 08 දිනැති අංක 2361/44 දරන අති විශේෂ ගැසට් පත්‍රයේ පළ කරන ලද නිවේදනය
(අංක 03/2023 දරන සුරාබදු නිවේදනය)
(ix)    කලින් කලට සංශෝධනය කරන ලද (52 අධිකාරය වූ) සුරාබදු ආඥාපනතේ 22 වගන්තිය යටතේ මත්පැන් සඳහා වූ සුරාබද්ද සම්බන්ධයෙන් මුදල්, ආර්ථික ස්ථායීකරණ සහ ජාතික ප්‍රතිපත්ති අමාත්‍යවරයා විසින් පනවන ලදුව, 2023 දෙසැම්බර් 31 දිනැති අංක 2364/35 දරන අති විශේෂ ගැසට් පත්‍රයේ පළ කරන ලද නිවේදනය
(අංක 04/2023 දරන සුරාබදු නිවේදනය)
(x)    1989 අංක 13 දරන නිෂ්පාදන බදු (විශේෂ විධිවිධාන) පනතේ 3 වගන්තිය යටතේ නිෂ්පාදන බදු සම්බන්ධයෙන් මුදල්, ආර්ථික ස්ථායීකරණ සහ ජාතික ප්‍රතිපත්ති අමාත්‍යවරයා විසින් පනවන ලදුව 2023 දෙසැම්බර් 31 දිනැති අංක 2364/36 දරන අති විශේෂ ගැසට් පත්‍රයේ පළ කරන ලද නියමය
(xi)    2011 අංක 18 දරන වරාය හා ගුවන් තොටුපළ සංවර්ධන බදු පනතේ 3(3) වගන්තිය යටතේ වරාය හා ගුවන් තොටුපළ සංවර්ධන බදු සම්බන්ධයෙන් මුදල්, ආර්ථික ස්ථායීකරණ සහ ජාතික ප්‍රතිපත්ති අමාත්‍යවරයා විසින් පනවන ලදුව, 2023 දෙසැම්බර් 31 දිනැති අංක 2364/37 දරන අති විශේෂ ගැසට් පත්‍රයේ පළ කරන ලද නියමය
(xii)    2010 අංක 17 දරන කැසිනෝ ව්‍යාපාර (නියාමන) පනතේ 3 වගන්තිය සමඟ කියවිය යුතු 4 වගන්තිය යටතේ කැසිනෝ ව්‍යාපාර සඳහා බලපත්‍ර ලබාදීම සම්බන්ධයෙන් මුදල්, ආර්ථික ස්ථායීකරණ සහ ජාතික ප්‍රතිපත්ති අමාත්‍යවරයා විසින් පනවන ලදුව, 2024 ජනවාරි 12 දිනැති අංක 2366/33 දරන අති විශේෂ ගැසට් පත්‍රයේ පළ කරන ලද රෙගුලාසි
(xiii)    2021 අංක 19 දරන සුරැකුම්පත් හා විනිමය කොමිෂන් සභා පනතේ 182(2)(අ) වගන්තිය යටතේ මුදල්, ආර්ථික ස්ථායීකරණ සහ ජාතික ප්‍රතිපත්ති අමාත්‍යවරයා විසින් සාදන ලදුව, 2024 ජනවාරි 12 දිනැති අංක‍ 2366/34 දරන අති විශේෂ ගැසට් පත්‍රයේ පළ කරන ලද රෙගුලාසි
(xiv)    2018 අංක 35 දරන මුදල් පනතේ 19 වගන්තිය සමඟ කියවිය යුතු 51 වගන්තිය යටතේ මෝටර් වාහන මත සුඛෝප‍‍භෝගී බද්ද සම්බන්ධයෙන් මුදල්, ආර්ථික ස්ථායීකරණ සහ ජාතික ප්‍රතිපත්ති අමාත්‍යවරයා විසින් පනවන ලදුව, 2024 ජනවාරි 24 දිනැති අංක 2368/24 දරන අති විශේෂ ගැසට් පත්‍රයේ පළ කරන ලද නිවේදනය
(xv)    2003 අංක 25 දරන මුදල් පනතේ 2(1) වගන්තිය යටතේ මුදල්, ආර්ථික ස්ථායීකරණ සහ ජාතික ප්‍රතිපත්ති අමාත්‍යවරයා විසින් පනවන ලදුව, 2024 පෙබරවාරි 01 දිනැති අංක 2369/27 දරන අති විශේෂ ගැසට් පත්‍රයේ පළ කරන ලද නියෝගය
(xvi)    2010 අංක 17 දරන කැසිනෝ ව්‍යාපාර (නියාමන) පනතේ 3 වගන්තිය සමඟ කියවිය යුතු 4 වගන්තිය යටතේ කැසිනෝ ව්‍යාපාර සඳහා බලපත්‍ර ලබාදීම සම්බන්ධයෙන් මුදල්, ආර්ථික ස්ථායීකරණ සහ ජාතික ප්‍රතිපත්ති අමාත්‍යවරයා විසින් පනවන ලදුව, 2024 පෙබරවාරි 02 දිනැති අංක 2369/42 දරන අති විශේෂ ගැසට් පත්‍රයේ පළ කරන ලද නියමය
(xvii)    2017 අංක 12 දරන විදේශ විනිමය පනතේ 7 වගන්තිය සමඟ කියවිය යුතු 29 වගන්තිය යටතේ මුදල්, ආර්ථික ස්ථායීකරණ සහ ජාතික ප්‍රතිපත්ති අමාත්‍යවරයා විසින් සාදන ලදුව, 2024 පෙබරවාරි 15 දිනැති අංක‍ 2371/33 දරන අති විශේෂ ගැසට් පත්‍රයේ පළ කරන ලද නියෝග
(xviii)    2003 අංක 25 දරන මුදල් පනතේ 2(1) වගන්තිය යටතේ මුදල්, ආර්ථික ස්ථායීකරණ සහ ජාතික ප්‍රතිපත්ති අමාත්‍යවරයා විසින් පනවන ලදුව, 2024 මාර්තු 06 දිනැති අංක 2374/19 දරන අති විශේෂ ගැසට් පත්‍රයේ පළ කරන ලද නියෝගය
(xix)    1974 අංක 35  සහ 1988 අංක 83 දරන රේගු (සංශෝධන) පනත්වලින් සංශෝධිත රේගු ආඥා පනතේ (235 අධිකාරය) 19(අ) වගන්තිය යටතේ රේගු ආනයන තීරු බදු සම්බන්ධයෙන් මුදල්, ආර්ථික ස්ථායීකරණ සහ ජාතික ප්‍රතිපත්ති අමාත්‍යවරයා විසින් පනවන ලදුව, 2024 පෙබරවාරි 15 දිනැති අංක 2371/32 දරන අති විශේෂ ගැසට් පත්‍රයේ පළ කරන ලද නියමය
(xx)    2023 අංක 34 දරන විසර්ජන පනතේ 6(1) වගන්තිය යටතේ 2024.02.01 සිට 2024.02.29 දක්වා ජාතික අයවැය දෙපාර්තමේන්තුවේ වැය ශීර්ෂ අංක 240 යටතේ සංවර්ධන වැඩසටහන සඳහා වෙන්කර ඇති ප්‍රතිපාදන මඟින් සිදු කරන ලද පරිපූරක වෙන්කිරීම් පිළිබඳ සටහන

 

කාරක සභා වාර්තා පිළිගැන්වීම

විවෘත හා වගකිවයුතු රජයක් පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාවේ වාර්තාව, එම කාරක සභාවේ සභාපති, ගරු ජගත් කුමාර සුමිත්‍රාආරච්චි මහතා විසින් පිළිගන්වන ලදී.

 

පෙත්සම් පිළිගැන්වීම

(i)    ගරු වජිර අබේවර්ධන මහතා           -      පෙත්සම් තුනයි
(ii)    ගරු ජයරත්න හේරත් මහතා            -      පෙත්සම් දෙකයි
(iii)    ගරු (වෛද්‍ය) සුදර්ශිනී ප්‍රනාන්‍දුපුල්ලේ මහත්මිය                   
(iv)    ගරු උදයන කිරිඳිගොඩ මහතා         -      පෙත්සම් දෙකයි       
           
(පෙත්සම් මහජන පෙත්සම් පිළිබඳ කාරක සභාවට යොමු කරනු ලැබේ)

 

පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග 27(2) යටතේ ප්‍රශ්න

ගරු සජිත් ප්‍රේමදාස මහතා
තේ කර්මාන්තයේ ගැටලු

ගරු වැවිලි කර්මාන්ත අමාත්‍යවරයා ඉහත ප්‍රශ්නයට පිළිතුරු දුන්නේ ය.

 

අමාත්‍යාංශ නිවේදන

මාර්ග සංවර්ධන අධිකාරිය විසින් කොන්ත්‍රාත්කරුවන් සඳහා කරන ලද ගෙවීම් සම්බන්ධයෙන් ප්‍රවාහන හා මහාමාර්ග අමාත්‍ය සහ ජනමාධ්‍ය අමාත්‍ය, ගරු (ආචාර්ය) බන්දුල ගුණවර්ධන මහතා අමාත්‍යාංශ නිවේදනයක් කළේය.

 

වරප්‍රසාද පිළිබඳ ප්‍රශ්න

ගරු සෙල්වරාජා කජේන්ද්‍රන් මහතා
පොලීසිය විසින් ඔහුට සිදුකරන ලද අසාධාරණය

 

පෞද්ගලික මන්ත්‍රීන්ගේ පනත් කෙටුම්පත්

“සිව් වනක් අරණ පදනම (සංස්ථාගත කිරීමේ)”

නමැති පනත් කෙටුම්පත ඉදිරිපත් කිරීමට ගරු (මහාචාර්ය) චරිත හේරත් මහතාට අවසර දෙන ලදී.

 

අද දින සභාවේ ප්‍රධාන කටයුතු

පහත සඳහන් අයිතමයන් (අද දින න්‍යාය පත්‍රයේ විෂය අංක 1 සිට 4 දක්වා සඳහන් වන) සභාව විසින් අනුමත කරන ලදී:-

(i)    බැංකු (සංශෝධන) පනත් කෙටුම්පත
(ii)    කොළඹ වරාය නගරය ආර්ථික කොමිෂන් සභාව පනත යටතේ නියෝග
(iii)    එකතු කළ අගය මත බදු පනත යටතේ නියමය - ඡන්ද විමසීමක් පවත්වන ලදී (පක්ෂව 55; විරුද්ධව 19)
(iv)    ආනයන හා අපනයන (පාලන) පනත ය‍ටතේ රෙගුලාසි

 

සභාව කල් තබන අවස්ථාවේ යෝජනාව

“සුවසැරිය ගිලන් රථ සේවය සඳහා අවශ්‍ය සහාය සහ පහසුකම් සැපයීම” පිළිබඳ සභාව කල් තබන අවස්ථාවේ යෝජනාව ගරු රෝහිණි කුමාරි විජේරත්න මහත්මිය විසින් යෝජනා කරන ලදී.

 

අනතුරුව, පාර්ලිමේන්තුව පැය 1756 ට 2024 අප්‍රේල් මස 24 වැනි බදාදා පැය 0930 දක්වා කල් තබන ලදී.

 

 

 

 

*  මෙය සංස්කරණය නොකරන ලද අනුවාදයකි. මෙදින කටයුතුවල නිල වාර්තාව සඳහා කරුණාකර හැන්සාඩ් වාර්තාව බලන්න.

ප්‍රචාරණය කරන්න

Submit to Delicious Submit to Digg Submit to Facebook Submit to Google Bookmarks Submit to Twitter Submit to LinkedIn

පාර්ලිමේන්තු දිනදසුන

පාර්ලිමේන්තු ජංගම යෙදුම බාගත කරන්න

ඊ-මේල් ලැයිස්තු ග්‍රාහකත්වය

© ශ්‍රී ලංකා පාර්ලි‌‌මේන්තුව.සියලු හිමිකම් ඇවිරිණි.

විසඳුම Lankacom විසිනි