2024 අප්‍රේල් මස 01 වැනි දින සභාවේ කටයුතු

දිනය : 2024-04-01

Print

කථානායක ගරු මහින්ද යාපා අබේවර්ධන මහතා මූලසනාරූඪ විය.

 

ජනාධිපතිවරයාගෙන් ලැබෙන සංදේශ

A : (40 වැනි අධිකාරිය වූ) මහජන ආරක්ෂක ආඥා පනත යටතේ ආඥාව

 

කථානායකවරයා විසින් කරනු ලබන නිවේදන

B : “සවීර පදනම (සංස්ථාගත කිරීමේ)” නමැති පනත් කෙටුම්පත සලකා බැලීම පිණිස ව්‍යවස්ථාදායක ස්ථාවර කාරක සභාවට නම් කරන ලද අතිරේක සාමාජික මන්ත්‍රීන්
C : “දණ්ඩ නීති සංග්‍රහය (සංශෝධන)” නමැති පනත් කෙටුම්පත සලකා බැලීම පිණිස ව්‍යවස්ථාදායක ස්ථාවර කාරක සභාවට නම් කරන ලද අතිරේක සාමාජික මන්ත්‍රීන්
D : “කැලණිය බෞද්ධ කාන්තා පුණ්‍යායතන සමිතිය (සංස්ථාගත කිරීමේ)” නමැති පනත් කෙටුම්පත සලකා බැලීම පිණිස ව්‍යවස්ථාදායක ස්ථාවර කාරක සභාවට නම් කරන ලද අතිරේක සාමාජික මන්ත්‍රීන්
E : “සමාධි සෞඛ්‍ය සේවා, පාරිසරික, කෘෂිකාර්මික, සංස්කෘතික හා ක්‍රීඩා මධ්‍යස්ථානය (සංස්ථාගත කිරීමේ)” නමැති පනත් කෙටුම්පත සලකා බැලීම පිණිස ව්‍යවස්ථාදායක ස්ථාවර කාරක සභාවට නම් කරන ලද අතිරේක සාමාජික මන්ත්‍රීන්
F : “සමාධි භාවනා හා යෝගා මධ්‍යස්ථානය (සංස්ථාගත කිරී‌මේ)” නමැති පනත් කෙටුම්පත සලකා බැලීම පිණිස ව්‍යවස්ථාදායක ස්ථාවර කාරක සභාවට නම් කරන ලද අතිරේක සාමාජික මන්ත්‍රීන්
G : ක්‍රම හා විධි පිළිබඳ කාරක සභාවේ සේවය කිරීම සඳහා මන්ත්‍රීන් පත් කිරීම
H : ගරු මහාචාර්ය රංජිත් බණ්ඩාර මහතා, පා.ම. විසින් මතු කරන ලද වරප්‍රසාද පිළිබඳ ප්‍රශ්නය
I : ගරු රෝහණ බංඩාර මහතා, පා.ම. විසින් මතු කරන ලද වරප්‍රසාද පිළිබඳ ප්‍රශ්නය
J : ගරු රෝහිත අබේගුණවර්ධන මහතා, පා.ම. විසින් මතු කරන ලද වරප්‍රසාද පිළිබඳ ප්‍රශ්නය
K : ගරු සජිත් ප්‍රේමදාස මහතා, පා.ම. විසින් මතු කරන ලද වරප්‍රසාද පිළිබඳ ප්‍රශ්නය
L : පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාවේ රැස්වීම

 

ලිපිලේඛනාදිය පිළිගැන්වීම

(i)    2020 සහ 2021 වර්ෂ සඳහා අධිකරණ සේවා කොමිෂන් සභා ලේකම් කාර්යාලයේ වාර්ෂික කාර්ය සාධන වාර්තා
(ii)    2022 වර්ෂය සඳහා ශ්‍රී ලංකා ප්‍රතිපත්ති අධ්‍යයන ආයතනයේ වාර්ෂික වාර්තාව
(iii)    2022 වර්ෂය සඳහා ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ වාර්ෂික වාර්තාව
(iv)    2022 වර්ෂය සඳහා කොළඹ විශ්වවිද්‍යාලයේ වාර්ෂික වාර්තාව
(v)    2022 වර්ෂය සඳහා කොළඹ විශ්වවිද්‍යාලයේ වෛද්‍ය විද්‍යා පශ්චාත් උපාධි ආයතනයේ වාර්ෂික වාර්තාව
(vi)    2022 වර්ෂය සඳහා පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ විද්‍යා පශ්චාත් උපාධි ආයතනයේ වාර්ෂික වාර්තාව හා ගිණුම්
(vii)    2022 වර්ෂය සඳහා ශ්‍රී ලංකා විවෘත විශ්වවිද්‍යාලයේ වාර්ෂික වාර්තාව
(viii)    2022 වර්ෂය සඳහා ශ්‍රී ලංකා නව නිපැයුම්කරුවන්ගේ කොමිසමේ වාර්ෂික වාර්තාව
(ix)    2022 වර්ෂය සඳහා සැලසිනෙ රූපවාහිනී ආයතනයේ වාර්ෂික වාර්තාව
(x)         2021 වර්ෂය සඳහා පොල් වගා කිරීමේ මණ්ඩලයේ වාර්ෂික වාර්තාව
(xi)         2022 වර්ෂය සඳහා හානිපූරණය සඳහා වන කාර්යාලයේ වාර්ෂික වාර්තාව සහ ගිණුම් ප්‍රකාශය
(xii)         2022 වර්ෂය සඳහා ශ්‍රී ලංකා රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාවේ වාර්ෂික වාර්තාව
(xiii)    2022 වර්ෂය සඳහා හින්දු සංස්කෘතික අරමුදලේ වාර්ෂික කාර්ය සාධන වාර්තාව
(xiv)    2021/2022 වර්ෂය සඳහා සීමාසහිත කළු‍බෝවිටියාන තේ කර්මාන්තශාලා සමාගමේ වාර්ෂික වාර්තාව

(xv)    1985 අංක 48 සහ 1987 අංක 28 දරන පනත් මඟින් සංශෝධිත 1969 අංක 1 දරන ආනයන හා අපනයන (පාලන) පනතේ 4(1) සහ 14 වගන්ති සමඟ කියවිය යුතු 20 වගන්තිය යටතේ මුදල්, ආර්ථික ස්ථායීකරණ සහ ජාතික ප්‍රතිපත්ති අමාත්‍යවරයා විසින් සාදන ලදුව, 2024 පෙබරවාරි 28 දිනැති අංක‍ 2373/28 දරන අති විශේෂ ගැසට් පත්‍රයේ පළ කරන ලද රෙගුලාසි
(xvi)    (351 අධිකාරය වූ) ආගාමික හා විගාමික පනතේ 14 සහ 23 වගන්ති සමඟ කියවිය යුතු 52 වගන්තිය යටතේ මහජන ආරක්ෂක අමාත්‍යවරයා විසින් 2024 මාර්තු 22 දින සාදන ලද නියෝග

 

කාරක සභා වාර්තා පිළිගැන්වීම

(i)    විදේශ කටයුතු පිළිබඳ අමාත්‍යාංශයීය උපදේශක කාරක සභාවේ වාර්තාව, එම කාරක සභාවේ සභාපති වෙනුවෙන් සාමාජික මන්ත්‍රී ගරු තාරක බාලසූරිය මහතා විසින් පිළිගන්වන ලදී.

(ii)    නවවැනි පාර්ලිමේන්තුවේ පස්වැනි සභාවාරය සඳහා ක්‍රම සහ විධි පිළිබඳ කාරක සභාවේ දෙවැනි වාර්තාව, එම කාරක සභාවේ සභාපති, ගරු පාඨලී චම්පික රණවක මහතා විසින් පිළිගන්වන ලදී.

(iii)    රජයේ මුදල් පිළිබඳ කාරක සභාවේ වාර්තාව, එම කාරක සභාවේ සභාපති, ගරු (ආචාර්ය) හර්ෂ ද සිල්වා මහතා විසින් පිළිගන්වන ලදී.

 

පෙත්සම් පිළිගැන්වීම

(i)    ගරු නීතිඥ ලක්ෂ්මන් කිරිඇල්ල මහතා                    
(ii)    ගරු ගයන්ත කරුණාතිලක මහතා           -       පෙත්සම් දෙකයි
(iii)    ගරු දයාසිරි ජයසේකර මහතා                    
(iv)    ගරු හර්ෂණ රාජකරුණා මහතා                    
(v)    ගරු හේෂා විතානගේ මහතා       
          
(පෙත්සම් මහජන පෙත්සම් පිළිබඳ කාරක සභාවට යොමු කරනු ලැබේ)

 

පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග 27(2) යටතේ ප්‍රශ්න

ගරු සජිත් ප්‍රේමදාස මහතා
පාස්කු දින ප්‍රහාරය සම්බන්ධයෙන් විමර්ශනය කිරීමට පත් කරන ලද කමිටුවල නිර්දේශ ක්‍රියාත්මක නොවීම

 

ගරු පාර්ලිමේන්තුවේ සභානායකතුමා ඉදිරිපත් කළ පහත සඳහන් යෝජනාවලට සභාව එකඟ විය -

(i)    ශ්‍රී ලංකාව තුළ ස්ත්‍රී-පුරුෂ සමාජභාවය මත පදනම් වී කරනු ලබන වෙනස්කම් සහ කාන්තාවන්ගේ අයිතිවාසිකම් කඩවීම් පිළිබඳව විශේෂ අවධානය යොමු කරමින්, ස්ත්‍රී-පුරුෂ සමතාව සහ සමානාත්මතාවය තහවුරු කිරීමට සහ ඒ පිළිබඳව සොයා බලා සිය නිර්දේශ පාර්ලිමේන්තුවට වාර්තා කිරීම සඳහා වූ පාර්ලිමේන්තු විශේෂ කාරක සභාව

ශ්‍රී ලංකාව තුළ ස්ත්‍රී-පුරුෂ සමාජභාවය මත පදනම් වී කරනු ලබන වෙනස්කම් සහ කාන්තාවන්ගේ අයිතිවාසිකම් කඩවීම් පිළිබඳව විශේෂ අවධානය යොමු කරමින්, ස්ත්‍රී-පුරුෂ සමතාව සහ සමානාත්මතාවය තහවුරු කිරීමට සහ ඒ පිළිබඳව සොයා බලා සිය නිර්දේශ පාර්ලිමේන්තුවට වාර්තා කිරීම සඳහා වූ පාර්ලිමේන්තු විශේෂ කාරක සභාව විසින් ඉදිරිපත් කරන ලද අතුරු වාර්තාවේ නිරීක්ෂණ සලකා බලා පාර්ලිමේන්තුවට වාර්තා කිරීමට, තවදුරටත් කාලය අවශ්‍ය වන බැවින්, 2023 මාර්තු 21 දින පාර්ලිමේන්තුව විසින් සම්මත කරන ලද යෝජනාව මඟින් නියම කර ඇති කාල සීමාව, පාර්ලිමේන්තුවේ  ස්ථාවර නියෝග 102 ප්‍රකාරව, 2024 ඔක්තෝබර් 05 දින දක්වා දීර්ඝ කළ යුතුය.

(ii)    රට තුළ සීඝ්‍ර ලෙස පැතිරෙමින් පවතින මත්ද්‍රව්‍ය උවදුර වහා පාලනය කොට මුලිනුපුටා දැමීම සඳහා ක්‍රියාත්මක කළ යුතු ක්‍රමවේද පිළිබඳව කරුණු සොයා බලා ඒ පිළිබඳව නිරීක්ෂණ හා නිර්දේශ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීම සඳහා වන පාර්ලිමේන්තු විශේෂ කාරක සභාව

රට තුළ සීඝ්‍ර ලෙස පැතිරෙමින් පවතින මත්ද්‍රව්‍ය උවදුර වහා පාලනය කොට මුලිනුපුටා දැමීම සඳහා ක්‍රියාත්මක කළ යුතු ක්‍රමවේද පිළිබඳව කරුණු සොයා බලා ඒ පිළිබඳව නිරීක්ෂණ හා නිර්දේශ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීම සඳහා වන පාර්ලිමේන්තු විශේෂ කාරක සභාව විසින් නිරීක්ෂණය කරනු ලැබූ කරුණු, 2024 ජනවාරි 10 වැනි දින පාර්ලිමේන්තුව විසින් සම්මත කරන ලද යෝජනාව මඟින් නියම කර ඇති පරිදි පාර්ලිමේන්තුවට වාර්තා කිරීමට තවදුරටත් කාලය අවශ්‍ය වන බැවින්, පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග 102 ප්‍රකාරව එකී කාරක සභාවට ලබාදී ඇති කාලසීමාව, 2024 ජූලි  27 දින දක්වා දීර්ඝ කළ යුතුය.

 

අද දින සභාවේ ප්‍රධාන කටයුතු

පහත සඳහන් අයිතමයන් (අද දින න්‍යාය පත්‍රයේ විෂය අංක 1 සහ 2 වශයෙන් සඳහන් වන) සභාව විසින් අනුමත කරන ලදී. අයිතම අංක 2 ව්‍යවස්ථාදායක ස්ථාවර කාරක සභාවට යොමු කරන ලදී:-

(i)    ආයුර්වේද පනත යටතේ නියෝග
(ii)   අන්තර්ජාතික ථේරවාද ධර්මායතනය (සංස්ථාගත කිරීමේ) පනත් කෙටුම්පත - දෙවැනිවර කියවීම

 

සභාව කල් තබන අවස්ථාවේ යෝජනාව

“ස්වාධීන කොමිෂන් සභාවල කටයුතු” පිළිබඳ සභාව කල් තබන අවස්ථාවේ යෝජනාව ගරු නීතිඥ මධුර විතානගේ මහතා විසින් යෝජනා කරන ලදී.

 

අනතුරුව, පාර්ලිමේන්තුව පැය  1730 ට 2024 අප්‍රේල් මස 2 වැනි අඟහරුවාදා පැය 0930 දක්වා කල් තබන ලදී.

 

 

 

 

*  මෙය සංස්කරණය නොකරන ලද අනුවාදයකි. මෙදින කටයුතුවල නිල වාර්තාව සඳහා කරුණාකර හැන්සාඩ් වාර්තාව බලන්න.