ශ්‍රී ලංකා

පාර්ලිමේන්තුව

English (UK)Tamil-SriLanka

2024 මාර්තු මස 22 වැනි දින සභාවේ කටයුතු

දිනය : 2024-03-22

නියෝජ්‍ය කථානායක සහ කාරක සභා සභාපති ගරු අජිත් රාජපක්ෂ මහතා මූලසනාරූඪ විය.

 

කථානායකවරයා විසින් කරනු ලබන නිවේදන

A : සභාපති නාමාවලියට මන්ත්‍රීවරයෙක් පත් කිරී‍ම
B : ව්‍යවස්ථාදායක ස්ථාවර කාරක සභාවේ සේවය කිරීම සඳහා මන්ත්‍රීන් පත් කිරීම
C : ස්ථාවර නියෝග පිළිබඳ කාරක සභාවේ සේවය කිරීම සඳහා මන්ත්‍රීන් පත් කිරීම
D : ගෘහ්‍ය කාරක සභාවේ සේවය කිරීම සඳහා මන්ත්‍රීන් පත් කිරීම
E : රජයේ මුදල් පිළිබඳ කාරක සභාවේ සේවය කිරීම සඳහා මන්ත්‍රීන් පත් කිරීම
F : බැංකුකරණය සහ මූල්‍ය සේවා  පිළිබඳ කාරක සභාවේ සේවය කිරීම සඳහා මන්ත්‍රීන් පත් කිරීම
G : ආර්ථික ස්ථායීකරණය පිළිබඳ කාරක සභාවේ සේවය කිරීම සඳහා මන්ත්‍රීන් පත් කිරීම
H : පසුපෙළ මන්ත්‍රීවරයන්ගේ කාරක සභාවේ සේවය කිරීම සඳහා මන්ත්‍රීන් පත් කිරීම
I : රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු, පළාත් සභා හා පළාත් පාලන කටයුතු පිළිබඳ අමාත්‍යාංශයීය උපදේශක කාරක සභාවේ සේවය කිරීම සඳහා මන්ත්‍රීන් පත් කිරීම
J : මහජන ආරක්ෂක කටයුතු පිළිබඳ අමාත්‍යාංශයීය උපදේශක කාරක සභාවේ සේවය කිරීම සඳහා මන්ත්‍රීන් පත් කිරීම
K : පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාවේ රැස්වීම

 

ලිපිලේඛනාදිය පිළිගැන්වීම

(i)    2022 වර්ෂය සඳහා ශ්‍රී ලංකා රක්ෂණ නියාමන කොමිෂන් සභාවේ වාර්ෂික වාර්තාව
(ii)         2022 වර්ෂය සඳහා මානව සම්පත් සංවර්ධනය කිරීමේ ශ්‍රී ලංකා ජාතික සභාවේ වාර්ෂික වාර්තාව
(iii)         2022 වර්ෂය සඳහා ජාතික ආධුනිකත්ව සහ කාර්මික පුහුණු කිරීම් අධිකාරියේ වාර්ෂික වාර්තාව
(iv)    2021 වර්ෂය සඳහා ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරියේ වාර්ෂික වාර්තාව
(v)         2021 වර්ෂය සඳහා ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අරමුදලේ වාර්ෂික වාර්තාව
(vi)         2022 වර්ෂය සඳහා ආයුර්වේද දෙපාර්තමේන්තුවේ කාර්ය සාධන වාර්තාව
(vii)         2021 වර්ෂය සඳහා ශ්‍රී ලංකා රාජ්‍ය වැවිලි සංස්ථාවේ වාර්ෂික වාර්තාව

(viii)    2010 අංක 14 දරන සිවිල් ගුවන්සේවා පනතේ 117(2)(ණ) වගන්තිය යටතේ කොළඹ ගුවන් ගමන් තොරතුරු කලාපය හරහා පියාසර කරන ගුවන්යානා වෙත ශ්‍රී ලංකාව විසින් සපයනු ලබන ගගන නාවික පහසුකම් සහ සේවාවන් භාවිතා කිරීම සඳහා ගෙවිය යුතු ගාස්තු සම්බන්ධයෙන් වරාය, නාවික හා ගුවන්සේවා අමාත්‍යවරයා විසින් සාදන ලදුව, 2023 දෙසැම්බර් 12 දිනැති අංක 2362/23 දරන අති විශේෂ ගැසට් පත්‍රයේ පළ කරන ලද රෙගුලාසි

 

පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග 52(6) යටතේ වාර්තා පිළිගැන්වීම

පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග 52(6) යටතේ "අන්තර්ජාතික ථේරවාද ධර්මායතනය (සංස්ථාගත කිරීමේ)" නමැති පනත් කෙටුම්පත පිළිබඳ වාර්තාව ගරු ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායකතුමා විසින් පිළිගන්වන ලදී.

 

කාරක සභා වාර්තා පිළිගැන්වීම

(i)    සෞඛ්‍ය කටයුතු පිළිබඳ අමාත්‍යාංශයීය උපදේශක කාරක සභාවේ වාර්තාව, එම කාරක සභාවේ සභාපති වෙනුවෙන් සාමාජික මන්ත්‍රී ගරු සිසිර ජයකොඩි මහතා විසින් පිළිගන්වන ලදී.
(ii)    ළමුන්, කාන්තාවන් හා ස්ත්‍රී - පුරුෂභාවය පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාවේ වාර්තාව, එම කාරක සභාවේ සභාපති වෙනුවෙන් සාමාජික මන්ත්‍රී ගරු මුදිතා ප්‍රිශාන්ති මහත්මිය විසින් පිළිගන්වන ලදී.

 

පෙත්සම් පිළිගැන්වීම

(i)    ගරු විජිත හේරත් මහතා               -     පෙත්සම් පහයි
(ii)    ගරු (ආචාර්ය) සරත් වීරසේකර මහතා         
          
(පෙත්සම් මහජන පෙත්සම් පිළිබඳ කාරක සභාවට යොමු කරනු ලැබේ)

 

ගරු ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායකතුමා ඉදිරිපත් කළ පහත සඳහන් යෝජනාවලට සභාව එකඟ විය -

(i)    යෝජිත ‘ව්‍යාපාර සූදානම් (B-READY) දර්ශකය’ සඳහා සූදානම් වීමේ දී මතු වන ප්‍රායෝගික ගැටලු හා දුෂ්කරතා අධ්‍යයනය කිරීමටත්, ඒ පිළිබඳව සිය යෝජනා හා නිර්දේශ ඉදිරිපත් කිරීමටත් වන පාර්ලිමේන්තු විශේෂ කාරක සභාව

යෝජිත ‘ව්‍යාපාර සූදානම් (B-READY) දර්ශකය’ සඳහා සූදානම් වීමේ දී මතු වන ප්‍රායෝගික ගැටලු හා දුෂ්කරතා අධ්‍යයනය කිරීමටත්, ඒ පිළිබඳව සිය යෝජනා හා නිර්දේශ ඉදිරිපත් කිරීමටත් වන පාර්ලිමේන්තු විශේෂ කාරක සභාව විසින් නිරීක්ෂණය කරනු ලැබූ කරුණු, 2024 ජනවාරි 12 දින පාර්ලිමේන්තුව විසින් සම්මත කරන ලද යෝජනාව මඟින් නියම කර ඇති පරිදි පාර්ලිමේන්තුවට වාර්තා කිරීමට තවදුරටත් කාලය අවශ්‍ය වන බැවින්, පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග 102 ප්‍රකාරව  එකී කාරක සභාවට ලබාදී ඇති කාලසීමාව,  2024 ජුනි 22 දින දක්වා දීර්ඝ කළ යුතුය.

(ii)    රජය විසින් ප්‍රකාශයට පත් කළ මූල්‍ය බංකොලොත්භාවයට හේතු පරීක්ෂා කර පාර්ලිමේන්තුවට වාර්තා කිරීමටත්, ඒ පිළිබඳව සිය යෝජනා හා නිර්දේශ ඉදිරිපත් කිරීමටත් වන පාර්ලිමේන්තු විශේෂ කාරක සභාව

රජය විසින් ප්‍රකාශයට පත් කළ මූල්‍ය බංකොලොත්භාවයට හේතු පරීක්ෂා කර පාර්ලිමේන්තුවට වාර්තා කිරීමටත්, ඒ පිළිබඳව සිය යෝජනා හා නිර්දේශ ඉදිරිපත් කිරීමටත් වන පාර්ලිමේන්තු විශේෂ කාරක සභාව විසින් නිරීක්ෂණය කරනු ලැබූ කරුණු, 2024 ජනවාරි 12 දින පාර්ලිමේන්තුව විසින් සම්මත කරන ලද යෝජනාව මඟින් නියම කර ඇති පරිදි පාර්ලිමේන්තුවට වාර්තා කිරීමට තවදුරටත් කාලය අවශ්‍ය වන බැවින්, පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග 102 ප්‍රකාරව එකී කාරක සභාවට ලබාදී ඇති කාලසීමාව,  2024 ජූලි 18 දින දක්වා දීර්ඝ කළ යුතුය.

 

ශෝක ප්‍රකාශ යෝජනා

පහත සඳහන් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් පිළිබඳ ශෝක ප්‍රකාශ යෝජනා සම්බන්ධයෙන් කථා පවත්වා අවසන් කරන ලදී:-

(i)    අභාවප්‍රාප්ත ගරු ආර්. එම්. කරුණාරත්න මහතා
(ii)   අභාවප්‍රාප්ත ගරු බන්දුල බස්නායක මහතා
(iii)  අභාවප්‍රාප්ත ගරු (ආචාර්ය) පී.එම්.බී. සිරිල් මහතා

 

කල් තැබීමේ යෝජනාව

“තම වී අස්වැන්න විකිණීමේදී ගොවීන්ට මුහුණ පෑමට සිදුවන දුෂ්කරතා සහ අනෙකුත් අදාළ කරුණු” පිළිබඳ කල් තැබීමේ යෝජනාව ගරු ආර්. එම්. රංජිත් මද්දුම බණ්ඩාර මහතා විසින් යෝජනා කරන ලදී.

 

අනතුරුව, පාර්ලිමේන්තුව පැය 1752  ට 2024 අප්‍රේල් මස 1 වැනි සඳුදා පැය 0930 දක්වා කල් තබන ලදී.

 

 

 

 

*  මෙය සංස්කරණය නොකරන ලද අනුවාදයකි. මෙදින කටයුතුවල නිල වාර්තාව සඳහා කරුණාකර හැන්සාඩ් වාර්තාව බලන්න.

ප්‍රචාරණය කරන්න

Submit to Delicious Submit to Digg Submit to Facebook Submit to Google Bookmarks Submit to Twitter Submit to LinkedIn

පාර්ලිමේන්තු දිනදසුන

පාර්ලිමේන්තු ජංගම යෙදුම බාගත කරන්න

ඊ-මේල් ලැයිස්තු ග්‍රාහකත්වය

© ශ්‍රී ලංකා පාර්ලි‌‌මේන්තුව.සියලු හිමිකම් ඇවිරිණි.

විසඳුම Lankacom විසිනි