2024 මාර්තු මස 20 වැනි දින සභාවේ කටයුතු

දිනය : 2024-03-20

Print

නියෝජ්‍ය කථානායක සහ කාරක සභා සභාපති ගරු අජිත් රාජපක්ෂ මහතා මූලසනාරූඪ විය.

 

කථානායකවරයා විසින් කරනු ලබන නිවේදන

A : “දණ්ඩ නීති සංග්‍රහය (සංශෝධන)” නමැති පනත් කෙටුම්පත සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණය වෙත ඉදිරිපත් කරන ලද පෙත්සමක පිටපතක් ලැබී ඇති බව
B : රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු, පළාත් සභා හා පළාත් පාලන කටයුතු පිළිබඳ අමාත්‍යාංශයීය උපදේශක කාරක සභාවේ සේවය කිරීම සඳහා මන්ත්‍රීන් පත් කිරීම
C : රජයේ ගිණුම් පිළිබඳ කාරක සභාවේ සේවය කිරීම සඳහා මන්ත්‍රීන් පත් කිරීම
D : පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාවේ සේවය කිරීම සඳහා මන්ත්‍රීන් පත් කිරීම
E : රජයේ මුදල් පිළිබඳ කාරක සභාවේ සේවය කිරීම සඳහා මන්ත්‍රීන් පත් කිරීම
F : ක්‍රම හා විධි  පිළිබඳ කාරක සභාවේ සේවය කිරීම සඳහා මන්ත්‍රීන් පත් කිරීම
G : “පාර්ලිමේන්තු මන්ත්‍රීවරයන් ජනමාධ්‍ය භාවිතයේදී මුහුණපාන අභියෝග හා  නීතිමය පසුබිම” යන මැයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රීන් සඳහා පවත්වන සම්මන්ත්‍රණය

 

ලිපිලේඛනාදිය පිළිගැන්වීම

(i)    2021 වර්ෂය සඳහා කොළඹ වරාය නගරය ආර්ථික කොමිෂන් සභාවේ වාර්ෂික වාර්තාව
(ii)    2022 වර්ෂය සඳහා ජාතික මැණික් සහ ස්වර්ණාභරණ අධිකාරියේ වාර්ෂික වාර්තාව
(iii)    2022 වර්ෂය සඳහා සීමාසහිත ලංකා විදුලි (පුද්ගලික) සමාගමේ වාර්ෂික වාර්තාව

(iv)    රජයේ ගිණුම් පිළිබඳ කාරක සභාව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලද වාර්තාවේ ආරක්ෂක අමාත්‍යාංශය සහ ඒ යටතේ පවතින ආයතන සම්බන්ධ කරුණු පිළිබඳ පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග 119(4) ප්‍රකාරව නිරීක්ෂණ සහ ගනු ලැබූ ක්‍රියාමාර්ග පිළිබඳ වාර්තාව
(v)    රජයේ ගිණුම් පිළිබඳ කාරක සභාව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලද වාර්තාවේ රජයේ කර්මාන්තශාලා දෙපාර්තමේන්තුව සම්බන්ධ කරුණු පිළිබඳ පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග 119(4) ප්‍රකාරව නිරීක්ෂණ සහ ගනු ලැබූ ක්‍රියාමාර්ග පිළිබඳ වාර්තාව
(vi)    පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාව විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලද වාර්තාවේ ධීවර අමාත්‍යාංශයේ ලංකා ධීවර සංස්ථාව සම්බන්ධ කරුණු පිළිබඳ පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග 120(4) ප්‍රකාරව නිරීක්ෂණ සහ ගනු ලැබූ ක්‍රියාමාර්ග පිළිබඳ වාර්තාව
(vii)    රජයේ ගිණුම් පිළිබඳ කාරක සභාව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලද වාර්තාවේ විදේශ කටයුතු අමාත්‍යාංශය සම්බන්ධ කරුණු පිළිබඳ පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග 119(4) ප්‍රකාරව නිරීක්ෂණ සහ ගනු ලැබූ ක්‍රියාමාර්ග පිළිබඳ වාර්තාව.
(viii)    පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාව විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලද වාර්තාවේ බුද්ධශාසන, ආගමික සහ සංස්කෘතික කටයුතු අමාත්‍යාංශයේ මධ්‍යම සංස්කෘතික අරමුදල සම්බන්ධ කරුණු පිළිබඳ පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග 120(4) ප්‍රකාරව නිරීක්ෂණ සහ ගනු ලැබූ ක්‍රියාමාර්ග පිළිබඳ වාර්තාව.
(ix)    රජයේ ගිණුම් පිළිබඳ කාරක සභාව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලද වාර්තාවේ බුද්ධශාසන, ආගමික සහ සංස්කෘතික කටයුතු අමාත්‍යාංශය සම්බන්ධ කරුණු පිළිබඳ පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග 119(4) ප්‍රකාරව නිරීක්ෂණ සහ ගනු ලැබූ ක්‍රියාමාර්ග පිළිබඳ වාර්තාව

 

කාරක සභා වාර්තා පිළිගැන්වීම

(i)    යුක්තිගරුක සහ නීතිගරුක සමාජයක් පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාවේ වාර්තාව, එම කාරක සභාවේ සභාපති, ගරු නීතිඥ ඩබ්ලිව්. ඩී. ජේ. සෙනෙවිරත්න මහතා විසින් පිළිගන්වන ලදී.
(ii)    රජයේ මුදල් පිළිබඳ කාරක සභාවේ වාර්තාව, එම කාරක සභාවේ සභාපති, ගරු (ආචාර්ය) හර්ෂ ද සිල්වා මහතා විසින් පිළිගන්වන ලදී.

 

පෙත්සම් පිළිගැන්වීම

(i)    ගරු ප්‍රසන්න රණතුංග මහතා      -    පෙත්සම් දෙකයි
(ii)    ගරු එස්. බී. දිසානායක මහතා                    
(iii)    ගරු කේ. සුජිත් සංජය පෙරේරා මහතා                    
(iv)    ගරු කුමාරසිරි රත්නායක මහතා           
      
(පෙත්සම් මහජන පෙත්සම් පිළිබඳ කාරක සභාවට යොමු කරනු ලැබේ)

 

පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග 27(2) යටතේ ප්‍රශ්න

(i)    ගරු සජිත් ප්‍රේමදාස මහතා
මන්නාරමේ යෝජිත සුළං විදුලි බලාගාරයේ පාරිසරික බලපෑම

ගරු අමාත්‍යවරු ඉහත ප්‍රශ්නයට පිළිතුරු දුන්නෝ ය.

(ii)    ගරු (පූජ්‍ය) අතුරලියේ රතන හිමි
ඉන්දියාව සමග අත්සන් කිරීමට නියමිත ‘එට්කා’ ගිවිසුම

ගරු මුදල් රාජ්‍ය අමාත්‍යතුමා ඉහත ප්‍රශ්නයට පිළිතුරු දුන්නේ ය.

 

අමාත්‍යාංශ නිවේදන

(i)   සමාජ ආරක්ෂණ ක්‍රමවේදයන් පිළිබඳ ගැටලු සම්බන්ධයෙන් 2024.02.20 දින ගරු සජිත් ප්‍රේමදාස මහතා විසින් පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග අංක 27(2) යටතේ අසන ලද ප්‍රශ්නයට කෘෂිකර්ම සහ වැවිලි කර්මාන්ත අමාත්‍ය, ගරු මහින්ද අමරවීර මහතා විසින් පිළිතුරු සපයන ලදී.

(ii)   ක්ෂුද්‍ර, කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර ක්ෂේත්‍රයේ ගැටලු සම්බන්ධයෙන් 2024.03.05 දින ගරු සජිත් ප්‍රේමදාස මහතා විසින් පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග අංක 27(2) යටතේ අසන ලද ප්‍රශ්නයට මුදල්, ආර්ථික ස්ථායිකරණ සහ ජාතික ප්‍රතිපත්ති අමාත්‍යවරයා වෙනුවෙන් මුදල් රාජ්‍ය අමාත්‍ය, ගරු ශෙහාන් සේමසිංහ මහතා විසින් පිළිතුරු සපයන ලදී.

 

අද දින සභාවේ ප්‍රධාන කටයුතු

කථානායක ගරු මහින්ද යාපා අබේවර්ධන මහතාට එරෙහි විශ්වාස භංගත්වය පිළිබඳ යෝජනාව (අද දින න්‍යාය පත්‍රයේ විෂය අංක 1 වශයෙන් සඳහන් වන)
විවාදයට ගෙන හෙට දිනට කල් තබන ලදී.

 

අනතුරුව, පාර්ලිමේන්තුව පැය  1730 ට 2024 මාර්තු මස 21 වැනි බ්‍රහස්පතින්දා පැය 0930 දක්වා කල් තබන ලදී.

 

 

 

 

*  මෙය සංස්කරණය නොකරන ලද අනුවාදයකි. මෙදින කටයුතුවල නිල වාර්තාව සඳහා කරුණාකර හැන්සාඩ් වාර්තාව බලන්න.