2024 මාර්තු මස 19 වැනි දින සභාවේ කටයුතු |
දිනය : | 2024-03-19 |
|
නියෝජ්‍ය කථානායක සහ කාරක සභා සභාපති ගරු අජිත් රාජපක්ෂ මහතා මූලසනාරූඪ විය.
කථානායකවරයා විසින් කරනු ලබන නිවේදන
A : “දණ්ඩ නීති සංග්‍රහය (සංශෝධන)” නමැති පනත් කෙටුම්පත සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණය වෙත ඉදිරිපත් කරන ලද පෙත්සම්වල පිටපත් ලැබී ඇති බව
B : ගරු ෂානක්කියන් රාජපුත්තිරන් රාසමාණික්කම් මහතා, පා.ම. විසින් මතු කරන ලද වරප්‍රසාද පිළිබඳ ප්‍රශ්නය
C : ගරු රොෂාන් රණසිංහ මහතා, පා.ම. විසින් මතු කරන ලද වරප්‍රසාද පිළිබඳ ප්‍රශ්නය
D : ගරු මහින්දානන්ද අලුත්ගමගේ මහතා, පා.ම. විසින් මතු කරන ලද වරප්‍රසාද පිළිබඳ ප්‍රශ්නය
E : ගරු චන්දිම වීරක්කොඩි මහතා, පා.ම. විසින් මතු කරන ලද වරප්‍රසාද පිළිබඳ ප්‍රශ්නය
F : ගරු (ආචාර්ය) සරත් වීරසේකර මහතා, පා.ම. විසින් මතු කරන ලද වරප්‍රසාද පිළිබඳ ප්‍රශ්නය
G : ගරු ජනාධිපති නීතිඥ ජයන්ත වීරසිංහ මහතා, පා.ම. විසින් මතු කරන ලද වරප්‍රසාද පිළිබඳ ප්‍රශ්නය
H : පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාවේ රැස්වීම
කථානායකවරයා විසින් ලිපිලේඛනාදිය පිළිගැන්වීම
A. ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 154(6) ව්‍යවස්ථාව ප්‍රකාරව 2022 මුදල් වර්ෂය සඳහා විගණකාධිපතිවරයාගේ වාර්තාවේ දෙවැනි කාණ්ඩයේ XLII කොටස සහ නවවැනි කාණ්ඩයේ XXV හා XXVI කොටස්
B. ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 154(6) ව්‍යවස්ථාව ප්‍රකාරව ─
• 2019 මුදල් වර්ෂය සඳහා විගණකාධිපතිවරයාගේ වාර්තාවේ සිව්වැනි කාණ්ඩයේ XXVIII කොටස;
• 2020 මුදල් වර්ෂය සඳහා විගණකාධිපතිවරයාගේ වාර්තාවේ සිව්වැනි කාණ්ඩයේ XXVI කොටස; සහ
• 2022 මුදල් වර්ෂය සඳහා විගණකාධිපතිවරයාගේ වාර්තාවේ පළමුවැනි කාණ්ඩයේ XL සහ XLI කොටස් සහ සිව්වැනි කාණ්ඩයේ XXIII, XXIV හා XXV කොටස්
ලිපිලේඛනාදිය පිළිගැන්වීම
(i) 2022 වර්ෂය සඳහා ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලයේ වාර්ෂික වාර්තාව
(ii) 2022 වර්ෂය සඳහා ශ්‍රී ලංකා ගිණුම් හා විගණන ප්‍රමිති සමීක්ෂණ මණ්ඩලයේ වාර්ෂික වාර්තාව
(iii) 2018 වර්ෂය සඳහා ජාතික පශු සම්පත් සංවර්ධන මණ්ඩලයේ වාර්ෂික වාර්තාව
(iv) 2022 වර්ෂය සඳහා තුරුසවිය අරමුදලේ වාර්ෂික වාර්තාව
(v) 2021 වර්ෂය සඳහා ලංකා කාර්මික සංවර්ධන මණ්ඩලයේ වාර්ෂික වාර්තාව
(vi) 2022 වර්ෂය සඳහා දුම්කොළ හා මධ්‍යසාර පිළිබඳ ජාතික අධිකාරියේ වාර්ෂික වාර්තාව
(vii) 2022 වර්ෂය සඳහා ලලිත් ඇතුලත්මුදලි මහපොළ උසස් අධ්‍යාපන ශිෂ්‍යත්ව භාර අරමුදලේ වාර්ෂික වාර්තාව හා ගිණුම්
(viii) 2021 අංක 11 දරන කොළඹ වරාය නගරය ආර්ථික කොමිෂන් සභාව පනතේ 53 වගන්තිය යටතේ කොළඹ වරාය නගරය ආර්ථික කොමිෂන් සභාවේ නිර්දේශ සැලකිල්ලට ගෙන සහ අමාත්‍ය මණ්ඩලයේ අනුමතිය ලබා ගැනීමෙන් පසුව, ආයෝජන ප්‍රවර්ධන අමාත්‍යවරයා විසින් පනවන ලදුව 2024 ජනවාරි 09 දිනැති අංක 2366/13 දරන අති විශේෂ ගැසට් පත්‍රයේ පළ කරන ලද නියමය
(ix) 2021 අංක 11 දරන කොළඹ වරාය නගරය ආර්ථික කොමිෂන් සභාව පනතේ 53 වගන්තිය යටතේ කොළඹ වරාය නගරය ආර්ථික කොමිෂන් සභාවේ නිර්දේශ සැලකිල්ලට ගෙන සහ අමාත්‍ය මණ්ඩලයේ අනුමතිය ලබා ගැනීමෙන් පසුව, ආයෝජන ප්‍රවර්ධන අමාත්‍යවරයා විසින් පනවන ලදුව 2024 ජනවාරි 09 දිනැති අංක 2366/14 දරන අති විශේෂ ගැසට් පත්‍රයේ පළ කරන ලද නියමය
(x) 2023 අංක 34 දරන විසර්ජන පනතේ 6(1) වගන්තිය යටතේ 2024.01.01 සිට 2024.01.31 දක්වා ජාතික අයවැය දෙපාර්තමේන්තුවේ වැය ශීර්ෂ අංක 240 යටතේ සංවර්ධන වැඩසටහන සඳහා වෙන්කර ඇති ප්‍රතිපාදන මඟින් සිදු කරන ලද පරිපූරක වෙන්කිරීම් පිළිබඳ සටහන
(xi) 1978 අංක 16 දරන විශ්වවිද්‍යාල පනතේ 25අ වගන්තිය සමඟ කියවිය යුතු 27(1)(ආ) වගන්තිය යටතේ බෙනඩික්ට් XVI කැතලික් ඉන්ටර්නැෂනල් ඉන්ස්ටිටියුට් ඔෆ් හයර් එඩියුකේෂන් විසින් ප්‍රදානය කරන මානව සම්පත් කළමනාකරණය පිළිබඳ ව්‍යාපාර කළමනාකරණවේදී ගෞරව උපාධිය සම්බන්ධයෙන් අධ්‍යාපන අමාත්‍යවරයා විසින් සාදන ලදුව, 2023 නොවැම්බර් 03 දිනැති අංක 2356/31 දරන අති විශේෂ ගැසට් පත්‍රයේ පළ කරන ලද නියමය
(xii) 1978 අංක 16 දරන විශ්වවිද්‍යාල පනතේ 25අ වගන්තිය සමඟ කියවිය යුතු 27(1)(ආ) වගන්තිය යටතේ බිස්නස් මැනේජ්මන්ට් ස්කූල් (ප්‍රයිවට්) ලිමිටඩ් ආයතනය විසින් ප්‍රදානය කරන ව්‍යාපාර කළමනාකරණවේදී උපාධිය සම්බන්ධයෙන් අධ්‍යාපන අමාත්‍යවරයා විසින් සාදන ලදුව, 2023 නොවැම්බර් 17 දිනැති අංක 2358/69 දරන අති විශේෂ ගැසට් පත්‍රයේ පළ කරන ලද නියමය.
(xiii) 1978 අංක 16 දරන විශ්වවිද්‍යාල පනතේ 25අ වගන්තිය සමඟ කියවිය යුතු 27(1)(ආ) වගන්තිය යටතේ බෙනඩික්ට් XVI කැතලික් ඉන්ටර්නැෂනල් ඉන්ස්ටිටියුට් ඔෆ් හයර් එඩියුකේෂන් විසින් ප්‍රදානය කරන දෙවන භාෂාවක් ලෙස ඉංග්‍රීසි ඉගැන්වීම පිළිබඳ අධ්‍යාපනවේදී ගෞරව උපාධිය සම්බන්ධයෙන් අධ්‍යාපන අමාත්‍යවරයා විසින් සාදන ලදුව, 2023 නොවැම්බර් 21 දිනැති අංක 2359/14 දරන අති විශේෂ ගැසට් පත්‍රයේ පළ කරන ලද නියමය
(xiv) 1978 අංක 16 දරන විශ්වවිද්‍යාල පනතේ 25අ වගන්තිය සමඟ කියවිය යුතු 27(1)(ආ) වගන්තිය යටතේ සිනෙක් කැම්පස් (ප්‍රයිවට්) ලිමිටඩ් ආයතනය විසින් ප්‍රදානය කරන නාවික මෙහෙයුම් පිළිබඳ විද්‍යාවේදී සහ රසායන විද්‍යාව පිළිබඳ විද්‍යාවේදී ගෞරව උපාධි සම්බන්ධයෙන් අධ්‍යාපන අමාත්‍යවරයා විසින් සාදන ලදුව, 2023 නොවැම්බර් 28 දිනැති අංක 2360/25 දරන අති විශේෂ ගැසට් පත්‍රයේ පළ කරන ලද නියමය.
(xv) 1978 අංක 16 දරන විශ්වවිද්‍යාල පනතේ 25අ වගන්තිය සමඟ කියවිය යුතු 27(1)(ආ) වගන්තිය යටතේ සිනෙක් කැම්පස් (ප්‍රයිවට්) ලිමිටඩ් ආයතනය විසින් ප්‍රදානය කරන ජෛව වෛද්‍ය විද්‍යාව පිළිබඳ විද්‍යාපති උපාධිය සම්බන්ධයෙන් අධ්‍යාපන අමාත්‍යවරයා විසින් සාදන ලදුව, 2023 දෙසැම්බර් 13 දිනැති අංක 2362/46 දරන අති විශේෂ ගැසට් පත්‍රයේ පළ කරන ලද නියමය.
(xvi) 1978 අංක 16 දරන විශ්වවිද්‍යාල පනතේ 25අ වගන්තිය යටතේ ද ලයිසියම් කැම්පස් (ප්‍රයිවට්) ලිමිටඩ් ආයතනය විසින් ප්‍රදානය කරන ප්‍රාථමික අධ්‍යාපනය පිළිබඳ අධ්‍යාපනවේදී ගෞරව උපාධිය සම්බන්ධයෙන් අධ්‍යාපන අමාත්‍යවරයා විසින් සාදන ලදුව, 2023 දෙසැම්බර් 13 දිනැති අංක 2362/47 දරන අති විශේෂ ගැසට් පත්‍රයේ පළ කරන ලද නියමය
(xvii) රජයේ ගිණුම් පිළිබඳ කාරක සභාව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලද වාර්තාවේ වාරිමාර්ග අමාත්‍යාංශය සහ ඒ යටතේ පවතින ආයතන සම්බන්ධ කරුණු පිළිබඳ පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග 119(4) ප්‍රකාරව නිරීක්ෂණ සහ ගනු ලැබූ ක්‍රියාමාර්ග පිළිබඳ වාර්තාව
(xviii) 1961 අංක 31 දරන ආයුර්වේද පනතේ 7(උ), 10 සහ 77 වගන්ති සහ VI කොටස සමඟ කියවිය යුතු 82 වගන්තිය යටතේ ආයුර්වේද සංග්‍රහය සම්බන්ධයෙන් සෞඛ්‍ය අමාත්‍යවරයා විසින් 2024 ජනවාරි 24 දින සාදන ලද නියෝග
කාරක සභා වාර්තා පිළිගැන්වීම
රජයේ මුදල් පිළිබඳ කාරක සභාවේ වාර්තාව, එම කාරක සභාවේ සභාපති, ගරු (ආචාර්ය) හර්ෂ ද සිල්වා මහතා විසින් පිළිගන්වන ලදී.
පෙත්සම් පිළිගැන්වීම
(i) ගරු ඩී. බී. හේරත් මහතා - පෙත්සම් දෙකයි
(ii) ගරු අනුප පස්කුවල් මහතා
(iii) ගරු ඉම්තියාස් බාකීර් මාකාර් මහතා
(iv) ගරු නීතිඥ චන්දිම වීරක්කොඩි මහතා
(v) ගරු ඉම්රාන් මහරූෆ් මහතා
(vi) ගරු යූ. කේ. සුමිත් උඩුකුඹුර මහතා
(පෙත්සම් මහජන පෙත්සම් පිළිබඳ කාරක සභාවට යොමු කරනු ලැබේ)
පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග 27(2) යටතේ ප්‍රශ්න
ගරු සජිත් ප්‍රේමදාස මහතා
ශ්‍රී ලංකාවේ ආර්තව දුගී බව තුරන් කිරීම
ගරු අමාත්‍යවරු ඉහත ප්‍රශ්නයට පිළිතුරු දුන්නෝ ය.
අද දින සභාවේ ප්‍රධාන කටයුතු
කථානායක ගරු මහින්ද යාපා අබේවර්ධන මහතාට එරෙහි විශ්වාස භංගත්වය පිළිබඳ යෝජනාව (අද දින න්‍යාය පත්‍රයේ විෂය අංක 1 වශයෙන් සඳහන් වන)
විවාදයට ගෙන හෙට දිනට කල් තබන ලදී.
අනතුරුව, පාර්ලිමේන්තුව පැය 1730 ට 2024 මාර්තු මස 20 වැනි බදාදා පැය 0930 දක්වා කල් තබන ලදී.
* මෙය සංස්කරණය නොකරන ලද අනුවාදයකි. මෙදින කටයුතුවල නිල වාර්තාව සඳහා කරුණාකර හැන්සාඩ් වාර්තාව බලන්න.