ශ්‍රී ලංකා

පාර්ලිමේන්තුව

English (UK)Tamil-SriLanka

කාන්තා දිනය වෙනුවෙන් පැරණි මන්ත්‍රීවරියන්ට පාර්ලිමේන්තුවේදී බුහුමන්

දිනය : 2024-03-07

  • 1931 සිට මේ දක්වා සියලුම මන්ත්‍රීවරියන්ගේ ඡායාරූප සහිත ‍විශේෂ  පුවරුවක්  නිරාවරණය කරයි..
  • පාර්ලිමේන්තු මන්ත්‍රීවරියන්ගේ සංසදයේ නිල ලාංජනය එළිදක්වයි..

 

ජාත්‍යන්තර කාන්තා දිනයට සමගාමීව පාර්ලිමේන්තු මන්ත්‍රීවරියන්ගේ සංසදය විසින් සංවිධනය කළ, මෙරට පාර්ලිමේන්තුව නියෝජනය කළ සියලුම මන්ත්‍රීවරියන් අගයමින් විශේෂ සැමරුම් වැඩසටහනක් අද (මාර්තු 07) පාර්ලිමේන්තුවේදී පැවැත්විණි. ඒ ගරු කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන්.

මේ අවස්ථාව සඳහා ගරු අග්‍රාමත්‍ය දිනේෂ් ගුණවර්ධන, විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස, පාර්ලිමේන්තුවේ වැඩබලන මහලේකම් චමින්ද කුලරත්න, පාර්ලිමේන්තු මන්ත්‍රීවරියන්ගේ සංසදයේ සභාපති ගරු (වෛද්‍ය) සුදර්ශිනී ප්‍රනාන්‍දුපුල්ලේ, යන මහත්ම  මහත්මීන් සහභාගී වූහ.

“ ඇය වෙනුවෙන් සමතාවය සහ සමානාත්මතාවය”  යන්න  තේමා කරගනිමින් මෙම වැඩසටහන සංවිධානය කර තිබිණි.

වැඩසටහන ආරම්භ කරමින් පාර්ලිමේන්තුව නියයෝජනය කළ, දැනට ජිවතුන් අතර නොමැති සියලුම මන්ත්‍රීවරුන් සිහිකරමින් විනාඩියක නිහඬතාවක් ආරක්ෂා කරන ලදී. පාර්ලිමේන්තු මන්ත්‍රීවරියන්ගේ සංසදයේ නිල ලාංජනය එළිදැක්වීම ඉන් අනතුරුව සිදුවූ අතර එම සංසදයේ සාමාජික මන්ත්‍රීවරියන් විසින් නිල ලාංජනයෙන් අර්ථවත් වන  කරුණු සම්බන්ධයෙන්  පැහැදිලි කරන ලදී.

ඉන් අනතුරුව හිටපු සහ වර්තමාන පාර්ලිමේන්තු මන්ත්‍රීවරියන්ට උපහාර පිරිනැමීම සිදුවුණි. එහිදී  ලොව ප්‍රථම අග්‍රාමාත්‍යවරිය වූ  දිවංගත ගරු සිරිමා ආර්.ඩී. බණ්ඩාරනායක මහත්මිය  සහ මෙරට ප්‍රථම ජනාධිපතිවරිය වූ ගරු චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මිය ගෞරවයෙන් සිහිපත් කර උපහාර පුදකරන ලදී.  අනතුරුව සියලුම මන්ත්‍රීවරියන් සඳහා පාර්ලිමේන්තු මන්ත්‍රීවරියන්ගේ සංසදයේ නිල ලාංජනය පැළඳ වූ අතර ඔවුන්  සඳහා සංසදයේ  නිල  සමාජිකත්ව කාඩ්පත පිරිනැමීමද  සිදුවිය.

ඉන්පසුව පාර්ලිමේන්තු සංකීර්ණයේ නිර්මාණය කළ, 1931 වසරේ  සිට මේ දක්වා සියලුම මන්ත්‍රීවරියන්ගේ ඡායාරූප සහිත ‍විශේෂ  පුවරුව කථානායකවරයා විසින්  නිරාවරණය  කරන ලදී.

ජාත්‍යන්තර සංවර්ධනය සඳහා වූ එක්සත් ජනපද නියෝජිතායතනය (USAID) සහ ජාතික ප්‍රජාතන්ත්‍රවාදී ආයතනයේ (NDI) අනුග්‍රහයෙන් සහ සහයෝගයෙන් සංවිධානය කල මෙම වැඩසටහන සඳහා ගරු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයන් , පාර්ලිමේන්තුව නියෝජනය කළ මන්ත්‍රීවරියන්ගේ ඥාතීන්, පාර්ලිමේන්තු කාර්යමණ්ඩල  නිලධාරීන් ඇතුළු පිරිසක් සහභාගී වුහ.

 

1 2

3 4

5 6

7 8

9 10

11 12

13 14

ප්‍රචාරණය කරන්න

Submit to Delicious Submit to Digg Submit to Facebook Submit to Google Bookmarks Submit to Twitter Submit to LinkedIn

පාර්ලිමේන්තු දිනදසුන

පාර්ලිමේන්තු ජංගම යෙදුම බාගත කරන්න

ඊ-මේල් ලැයිස්තු ග්‍රාහකත්වය

© ශ්‍රී ලංකා පාර්ලි‌‌මේන්තුව.සියලු හිමිකම් ඇවිරිණි.

විසඳුම Lankacom විසිනි