2024 මාර්තු මස 06 වැනි දින සභාවේ කටයුතු |
දිනය : | 2024-03-06 |
|
කථානායක ගරු මහින්ද යාපා අබේවර්ධන මහතා මූලසනාරූඪ විය.
කථානායකවරයා විසින් කරනු ලබන නිවේදන
A : කාරක සභාවල සේවය කිරීම සඳහා මන්ත්‍රීන් පත් කිරීම
B : ශ්‍රී ලංකාවේ නීති අධ්‍යාපනය පිළිබඳව සමාලෝචනය කර ප්‍රතිසංස්කරණය කිරීම සඳහා නිර්දේශ ඉදිරිපත් කිරීම සඳහා වූ පාර්ලිමේන්තු විශේෂ කාරක සභාවට මන්ත්‍රීන් පත් කිරීම
C : මලෛයග වැවිලි ප්‍රජාවේ විකාශය පිළිබඳ පාර්ලිමේන්තු සංසදයක් ස්ථාපනය කිරීම සඳහා වූ රැස්වීම
ලිපිලේඛනාදිය පිළිගැන්වීම
(i) 2021 වර්ෂය සඳහා ලෝහෝර් ආර්යා ණය අරමුදලේ වාර්ෂික වාර්තාව
(ii) 2022 වර්ෂය සඳහා සේවා නියුක්තයන්ගේ භාර අරමුදල් මණ්ඩලයේ වාර්ෂික වාර්තාව
(iii) 2022 වර්ෂය සඳහා ලංකා බැංකුවේ වාර්ෂික වාර්තාව
(iv) 2022 වර්ෂය සඳහා ආබාධ සහිත තැනැත්තන් සඳහා වූ ජාතික මහ ලේකම් කාර්යාලයේ වාර්ෂික වාර්තාව
(v) 2022 වර්ෂය සඳහා ශ්‍රී ලංකා උසස් තාක්ෂණ අධ්‍යාපන ආයතනයේ වාර්ෂික වාර්තාව
(vi) 2020 වර්ෂය සඳහා ලංකා මිනරල් සෑන්ඩ්ස් ලිමිටඩ් හි වාර්ෂික වාර්තාව
(vii) 2018 සහ 2019 වර්ෂ සඳහා බුද්ධශාසන අරමුදලේ වාර්ෂික වාර්තා
(viii) 2016, 2017 සහ 2018 වර්ෂ සඳහා ජනතා වතු සංවර්ධන මණ්ඩලයේ වාර්ෂික වාර්තා
(ix) රජයේ ගිණුම් පිළිබඳ කාරක සභාව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලද වාර්තාවේ උපරිමාධිකරණ විනිශ්චයකාරවරු සම්බන්ධ කරුණු පිළිබඳ පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග 119(4) ප්‍රකාරව නිරීක්ෂණ සහ ගනු ලැබූ ක්‍රියාමාර්ග පිළිබඳ වාර්තාව
(x) රජයේ ගිණුම් පිළිබඳ කාරක සභාව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලද වාර්තාවේ මහජන ආරක්ෂක අමාත්‍යාංශය සම්බන්ධ කරුණු පිළිබඳ පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග 119(4) ප්‍රකාරව නිරීක්ෂණ සහ ගනු ලැබූ ක්‍රියාමාර්ග පිළිබඳ වාර්තාව
කාරක සභා වාර්තා පිළිගැන්වීම
රජයේ මුදල් පිළිබඳ කාරක සභාවේ වාර්තාව, එම කාරක සභාවේ සභාපති, ගරු (ආචාර්ය) හර්ෂ ද සිල්වා මහතා විසින් පිළිගන්වන ලදී.
අග්‍රාමාත්‍යවරයාගෙන් අසනු ලබන ප්‍රශ්න
පහත සඳහන් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් විසින් ප්‍රශ්න හතරක් අසන ලදී:-
(i) ගරු එස්. එම්. මරික්කාර් මහතා
(ii) ගරු ගෙවිඳු කුමාරතුංග මහතා
(iii) ගරු මායාදුන්න චින්තක අමල් මහතා
(iv) ගරු මංජුලා දිසානායක මහත්මිය
පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග 27(2) යටතේ ප්‍රශ්න
(i) ගරු සජිත් ප්‍රේමදාස මහතා
ශ්‍රී ලංකා මහ බැංකු නිලධාරීන්ගේ වැටුප් වැඩි කිරීම
(ii) ගරු (පූජ්‍ය) අතුරලියේ රතන හිමි
පුනර්ජනනීය බලශක්ති ව්‍යාපෘති
ගරු විදුලිබල හා බලශක්ති අමාත්‍යවරයා ඉහත ප්‍රශ්නයට පිළිතුරු දුන්නේ ය.
අමාත්‍යාංශ නිවේදන
සමාජ ආරක්ෂණ ක්‍රමවේදයන් පිළිබඳ ගැටලු සම්බන්ධයෙන් 2024.02.20 දින ගරු සජිත් ප්‍රේමදාස මහතා විසින් පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග අංක 27(2) යටතේ අසන ලද ප්‍රශ්නයට ස්වදේශ කටයුතු රාජ්‍ය අමාත්‍ය, ගරු අශෝක ප්‍රියන්ත මහතා විසින් පිළිතුරු සපයන ලදී.
වරප්‍රසාද පිළිබඳ ප්‍රශ්න
ගරු මායාදුන්න චින්තක අමල් මහතා
තමා සම්බන්ධයෙන් ඩේලි මිරර් පුවත්පතේ සහ වෙබ් අඩවියක පළ වූ අසත්‍ය වාර්තාව
ගරු පාර්ලිමේන්තුවේ සභානායකතුමා ඉදිරිපත් කළ පහත සඳහන් යෝජනාවට සභාව එකඟ විය -
ආචාර ධර්ම සහ වරප්‍රසාද පිළිබඳ කාරක සභාවේ නිර්දේශ ක්‍රියාත්මක කිරීම
පාර්ලිමේන්තු මන්ත්‍රී ගරු අලි සබ්රි රහීම් මහතාගේ නොමනා ක්‍රියා කලාපය හේතුකොටගෙන පාර්ලිමේන්තුවේ සහ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයන්ගේ වරප්‍රසාද කඩවී ඇති බවට 2023.08.25 දින පාර්ලිමේන්තුවේ දී මතු කරන ලද කරුණ, 2023.09.06 දින ඉදිරිපත් කරන ලද යෝජනා සම්මතය අනුව පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග 118හි විධිවිධාන ප්‍රකාරව ආචාර ධර්ම සහ වරප්‍රසාද පිළිබඳ කාරක සභාවට යොමු කරන ලදින්, ආචාර ධර්ම සහ වරප්‍රසාද පිළිබඳ කාරක සභාවේ සභාපති ගරු චමල් රාජපක්ෂ මහතා විසින් 2024 ජනවාරි මස 24 දින පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලද වාර්තාවේ නිර්දේශ අනුව, පාර්ලිමේන්තු මන්ත්‍රී ගරු අලි සබ්රි රහීම් මහතාගේ පාර්ලිමේන්තු සේවය අද දින එනම් 2024 මාර්තු මස 06 දින සිට මාසයක කාලයක් සඳහා අත්හිටුවිය යුතු බව මෙම පාර්ලිමේන්තුව යෝජනා කරයි.
අද දින සභාවේ ප්‍රධාන කටයුතු
පහත සඳහන් අයිතමයන් (අද දින න්‍යාය පත්‍රයේ අයිතම අංක 1 සිට 10 දක්වා සඳහන් වන) සභාව විසින් අනුමත කරන ලදී:-
(i) සුරක්ෂිතලත් ගනුදෙනු පනත් කෙටුම්පත - සංශෝධන සහිතව
(ii) භාර ලදුපත් (සංශෝධන) පනත් කෙටුම්පත
(iii) උකස් (සංශෝධන) පනත් කෙටුම්පත
(iv) කල්බදු මූල්‍යකරණ (සංශෝධන) පනත් කෙටුම්පත
(v) දේශීය භාර ලදුපත් (සංශෝධන) පනත් කෙටුම්පත
(vi) සමාගම් (සංශෝධන) පනත් කෙටුම්පත
(vii) ලේඛන ලියාපදිංචි කිරීමේ (සංශෝධන) පනත් කෙටුම්පත
(viii) සමාජ ආරක්ෂණ දායකත්ව බදු (සංශෝධන) පනත් කෙටුම්පත - සංශෝධන සහිතව
(ix) එකතු කළ අගය මත බදු (සංශෝධන) පනත් කෙටුම්පත - සංශෝධන සහිතව - දෙවැනිවර කියවීමේ දී ඡන්ද විමසීමක් පවත්වන ලදී (පක්ෂව 59; විරුද්ධව 35)
(x) අත්‍යාවශ්‍ය මහජන සේවා පනත යටතේ යෝජනා සම්මතය
සභාව කල් තබන අවස්ථාවේ යෝජනාව
“විමධ්‍යගත අරමුදල් ප්‍රතිපාදන වැඩසටහන් තුළ විනිවිදභාවයක් ඇති කිරීම” පිළිබඳ සභාව කල් තබන අවස්ථාවේ යෝජනාව ගරු හේෂා විතානගේ මහතා විසින් යෝජනා කරන ලදී.
අනතුරුව, පාර්ලිමේන්තුව පැය 1752 ට 2024 මාර්තු මස 7 වැනි බ්‍රහස්පතින්දා පැය 0930 දක්වා කල් තබන ලදී.
* මෙය සංස්කරණය නොකරන ලද අනුවාදයකි. මෙදින කටයුතුවල නිල වාර්තාව සඳහා කරුණාකර හැන්සාඩ් වාර්තාව බලන්න.