2024 මාර්තු මස 05 වැනි දින සභාවේ කටයුතු |
දිනය : | 2024-03-05 |
|
කථානායක ගරු මහින්ද යාපා අබේවර්ධන මහතා මූලසනාරූඪ විය.
අභිනව මන්ත්‍රීවරයන්ගේ නිල ප්‍රතිඥාව හෝ දිවුරුම
ගරු උද්දික ප්‍රේමරත්න මහතාගේ ඉල්ලා අස්වීමෙන් ඇති වූ පුරප්පාඩුව පිරවීම සඳහා ගරු එස්. සී. මුතුකුමාරණ මහතා පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු වශයෙන් ගරු කථානායකතුමා ඉදිරියේ දිවුරුම් දෙන ලදී.
ජනාධිපතිවරයාගෙන් ලැබෙන සංදේශ
A : (40 වැනි අධිකාරිය වූ) මහජන ආරක්ෂක ආඥා පනත යටතේ ආඥාව
කථානායකවරයා විසින් කරනු ලබන නිවේදන
B : පාර්ලිමේන්තු මන්ත්‍රීවරයන් විසින් සිදුකරන රාජ්‍ය නිලධාරින්ගේ කීර්තිනාමයට හා වෘත්තීය ගරුත්වයට හානි සිදුවන පදනම් විරහිත ප්‍රකාශ
C : මාතර දිස්ත්‍රික්කයේ නිල්වලා ගඟ ඇතුළු ජල මූලාශ්‍ර මඟින් පැන නැගී ඇති ගැටලු පිළිබදව ගැඹුරින් විමර්ශනය කර නව ප්‍රතිනිර්මාණ යෝජනාවලියක් සැකසීම සඳහා සුදුසු නිර්දේශ ඉදිරිපත් කිරීම සදහා වන පාර්ලිමේන්තු විශේෂ කාරක සභාවට මන්ත්‍රීන් පත් කිරීම
D : ශ්‍රී ලංකා දේශගුණය පිළිබඳ පාර්ලිමේන්තු සංසදයක් ස්ථාපනය කිරීම සඳහා වූ රැස්වීම
E : මහ බැංකුවේ නිලධාරින් සමඟ පැවැත්වෙන සාකච්ඡාව
ලිපිලේඛනාදිය පිළිගැන්වීම
(i) 2020/2021 වර්ෂය සඳහා සීමාසහිත රක්නා ආරක්ෂක ලංකා හි වාර්ෂික වාර්තාව
(ii) 2022 වර්ෂය සඳහා ජෙනරාල් ශ්‍රීමත් ජෝන් කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලයේ වාර්ෂික වාර්තාව හා මූල්‍ය ප්‍රකාශන
(iii) 2022 වර්ෂය සඳහා ශ්‍රී ලංකා සබරගමුව විශ්වවිද්‍යාලයේ වාර්ෂික වාර්තාව හා ගිණුම්
(iv) 2022 වර්ෂය සඳහා ශ්‍රී ලංකා සාගර විශ්වවිද්‍යාලයේ වාර්ෂික වාර්තාව
(v) 2022 වර්ෂය සඳහා සීමාසහිත ස්වාධීන රූපවාහිනී මාධ්‍ය ජාලයේ වාර්ෂික වාර්තාව
(vi) 2020/2021 වර්ෂය සඳහා සී/ස කොළඹ කොමර්ෂල් පොහොර සමාගමේ වාර්ෂික වාර්තාව
(vii) 2019 වර්ෂය සඳහා ජාතික ව්‍යවසාය සංවර්ධන අධිකාරියේ වාර්ෂික වාර්තාව
(viii) 2021 වර්ෂය සඳහා ශ්‍රී ලංකා සුනිත්‍ය බලශක්ති අධිකාරියේ වාර්ෂික වාර්තාව
(ix) 2022 වර්ෂය සඳහා ලංකා ඛනිජතෙල් තොග ගබඩා පර්යන්ත සමාගමේ වාර්ෂික වාර්තාව
(x) 2020 වර්ෂය සඳහා සීමාසහිත කුරුණෑගල වැවිලි සමාගමේ වාර්ෂික වාර්තාව
(xi) 2021 වර්ෂය සඳහා සී/ස හලාවත වැවිලි සමාගමේ වාර්ෂික වාර්තාව
(xii) ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 44(3) ව්‍යවස්ථාව සහ 2006 අංක 19 දරන ඉලෙක්‍ට්‍රොනික ගනුදෙනු පනතේ 8(2) වගන්තිය සමඟ කියවිය යුතු 24 වගන්තිය යටතේ තාක්ෂණ අමාත්‍යවරයා විසින් සාදන ලදුව 2022 දෙසැම්බර් 22 දිනැති අංක 2311/40 දරන අති විශේෂ ගැසට් පත්‍රයේ පළ කරන ලද නියෝග
(xiii) රජයේ ගිණුම් පිළිබඳ කාරක සභාව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලද වාර්තාවේ පරිපාලන කටයුතු පිළිබඳ පාර්ලිමේන්තු කොමසාරිස් (ඔම්බුඩ්ස්මන්) කාර්යාලය සම්බන්ධ කරුණු පිළිබඳ පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග 119(4) ප්‍රකාරව නිරීක්ෂණ සහ ගනු ලැබූ ක්‍රියාමාර්ග පිළිබඳ වාර්තාව
(xiv) 1979 අංක 61 දරන අත්‍යාවශ්‍ය මහජන සේවා පනතේ 2 වගන්තිය ප්‍රකාරව ජනාධිපතිවරයා වෙත පැවරී ඇති බලතල අනුව, 2024 මාර්තු 03 දිනැති අංක 2373/59 දරන අති විශේෂ ගැසට් පත්‍රයේ හා එහි උපලේඛනයෙහි පළ කරමින් කරන ලද ප්‍රකාශනය
(xv) රජයේ ගිණුම් පිළිබඳ කාරක සභාව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලද වාර්තාවේ ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව සම්බන්ධ කරුණු පිළිබඳ පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග 119(4) ප්‍රකාරව නිරීක්ෂණ සහ ගනු ලැබූ ක්‍රියාමාර්ග පිළිබඳ වාර්තාව
(xvi) 1978 අංක 16 දරන විශ්වවිද්‍යාල පනතේ 21 සහ 139 වගන්ති සමඟ කියවිය යුතු 27(1) වගන්තිය යටතේ විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ නිර්දේශය සහිතව, ශ්‍රී ලංකා නැගෙනහිර විශ්වවිද්‍යාලයේ ආර්ථික විද්‍යා සහ සංඛ්‍යාන අධ්‍යයන අංශයක් පිහිටුවීම සම්බන්ධයෙන් අධ්‍යාපන අමාත්‍යවරයා විසින් සාදන ලදුව, 2023 අප්‍රේල් 03 දිනැති අංක 2326/11 දරන අති විශේෂ ගැසට් පත්‍රයේ පළ කරන ලද නියමය
(xvii) 1998 අංක 21 දරන හිමිකම් ලියාපදිංචි කිරීමේ පනතේ 67 වගන්තිය යටතේ හිමිකම් ලියාපදිංචි කිරීම් සම්බන්ධයෙන් සංචාරක හා ඉඩම් අමාත්‍යවරයා විසින් සාදන ලදුව, 2022 දෙසැම්බර් 01 දිනැති අංක 2308/27 දරන අති විශේෂ ගැසට් පත්‍රයේ පළ කරන ලද නියෝග
(xviii) රජයේ ගිණුම් පිළිබඳ කාරක සභාව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලද වාර්තාවේ කර්මාන්ත අමාත්‍යාංශය යටතේ පවතින ආයතන සම්බන්ධ කරුණු පිළිබඳ පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග 119(4) ප්‍රකාරව නිරීක්ෂණ සහ ගනු ලැබූ ක්‍රියාමාර්ග පිළිබඳ වාර්තාව
කාරක සභා වාර්තා පිළිගැන්වීම
රජයේ මුදල් පිළිබඳ කාරක සභාවේ වාර්තාව, එම කාරක සභාවේ සභාපති, ගරු (ආචාර්ය) හර්ෂ ද සිල්වා මහතා විසින් පිළිගන්වන ලදී.
පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග 27(2) යටතේ ප්‍රශ්න
(i) ගරු සජිත් ප්‍රේමදාස මහතා
ක්ෂුද්‍ර, කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර ක්ෂේත්‍රයේ ගැටලු
(ii) ගරු (පූජ්‍ය) අතුරලියේ රතන හිමි
රාජ්‍ය ආයතන විකිණීම (ශ්‍රී ලංකා ටෙලිකොම් ආදිය)
පනත් කෙටුම්පත් පිළිගැන්වීම
ගරු පාර්ලිමේන්තුවේ සභානායකතුමා විසින් පහත සඳහන් පනත් කෙටුම්පත් ඉදිරිපත් කරන ලදී -
(i) දණ්ඩ නීති සංග්‍රහය (සංශෝධන) - (19 වන අධිකාරය වූ) දණ්ඩ නීති සංග්‍රහය සංශෝධනය කිරීම සඳහා වූ
(ii) අපරාධ නඩු විධාන සංග්‍රහය (සංශෝධන) - 1979 අංක 15 දරන අපරාධ නඩු විධාන සංග්‍රහය පනත සංශෝධනය කිරීම සඳහා වූ
පෞද්ගලික මන්ත්‍රීන්ගේ පනත් කෙටුම්පත්
“බුද්ධශ්‍රාවක සුරක්ෂිතා මධ්‍යස්ථානය (සංස්ථාගත කිරීමේ)”
නමැති පනත් කෙටුම්පත ඉදිරිපත් කිරීමට ගරු නීතිඥ මධුර විතානගේ මහතාට අවසර දෙන ලදී.
අද දින සභාවේ ප්‍රධාන කටයුතු
පහත සඳහන් අයිතමයන් (අද දින න්‍යාය පත්‍රයේ අයිතම අංක 1 සිට 10 දක්වා සඳහන් වන) සභාවට ඉදිරිපත් කරන ලදී. 1 සිට 7 දක්වා අයිතමයන් විවාදයට ගෙන හෙටට කල් තබන ලදී. 8 සිට 10 දක්වා අයිතමයන් අනුමත කරන ලදී:-
(i) සුරක්ෂිතලත් ගනුදෙනු පනත් කෙටුම්පත - දෙවැනිවර කියවීම
(ii) භාර ලදුපත් (සංශෝධන) පනත් කෙටුම්පත - දෙවැනිවර කියවීම
(iii) උකස් (සංශෝධන) පනත් කෙටුම්පත - දෙවැනිවර කියවීම
(iv) කල්බදු මූල්‍යකරණ (සංශෝධන) පනත් කෙටුම්පත - දෙවැනිවර කියවීම
(v) දේශීය භාර ලදුපත් (සංශෝධන) පනත් කෙටුම්පත - දෙවැනිවර කියවීම
(vi) සමාගම් (සංශෝධන) පනත් කෙටුම්පත - දෙවැනිවර කියවීම
(vii) ලේඛන ලියාපදිංචි කිරීමේ (සංශෝධන) පනත් කෙටුම්පත - දෙවැනිවර කියවීම
(viii) සීමාසහිත සීනෝර් පදනමේ වාර්ෂික වාර්තාව (2018)
(ix) ලංකා ධීවර වරාය නීතිගත සංස්ථාවේ වාර්ෂික වාර්තාව (2019)
(x) ශ්‍රී ලංකා ජාතික ජලජීවී වගා සංවර්ධන අධිකාරියේ වාර්ෂික වාර්තාව (2020)
සභාව කල් තබන අවස්ථාවේ යෝජනාව
“එන්ජින් ධාරිතාවය 450CC සිට 1300CC දක්වා වූ යතුරු පැදි ලියාපදිංචියට අවසර දීම” පිළිබඳ සභාව කල් තබන අවස්ථාවේ යෝජනාව ගරු රෝහිත අබේගුණවර්ධන මහතා විසින් යෝජනා කරන ලදී.
අනතුරුව, පාර්ලිමේන්තුව පැය 1702 ට 2024 මාර්තු මස 6 වැනි බදාදා පැය 0930 දක්වා කල් තබන ලදී.
* මෙය සංස්කරණය නොකරන ලද අනුවාදයකි. මෙදින කටයුතුවල නිල වාර්තාව සඳහා කරුණාකර හැන්සාඩ් වාර්තාව බලන්න.