2024 පෙබරවාරි මස 22 වැනි දින සභාවේ කටයුතු

දිනය : 2024-02-22

Print

නියෝජ්‍ය කථානායක සහ කාරක සභා සභාපති ගරු අජිත් රාජපක්ෂ මහතා මූලසනාරූඪ විය.

 

කථානායකවරයා විසින් කරනු ලබන නිවේදන

A : කාරක සභාවල සේවය කිරීම සඳහා මන්ත්‍රීන් පත් කිරීම

 

කථානායකවරයා විසින් ලිපිලේඛනාදිය පිළිගැන්වීම

A.    1996 අංක 21 දරන ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභා පනතේ 15(8) වගන්තිය ප්‍රකාරව, අංක HRC/BD/215/22 දරන පැමිණිල්ලේ නිර්දේශ ක්‍රියාත්මක නොවීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාව විසින් ගරු ජනාධිපතිතුමා වෙත ඉදිරිපත් කරන ලදුව එතුමා විසින් එම වගන්තිය යටතේ ගරු කථානායකතුමා වෙත ඉදිරිපත් කරන ලද වාර්තාව

B.    (i)    ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 154(6) ව්‍යවස්ථාව ප්‍රකාරව ─

•    2018 මුදල් වර්ෂය සඳහා විගණකාධිපතිවරයාගේ වාර්තාවේ නවවැනි කාණ්ඩයේ XXXVIII කොටස;
•    2019 මුදල් වර්ෂය සඳහා විගණකාධිපතිවරයාගේ වාර්තාවේ දෙවැනි කාණ්ඩයේ LIII කොටස;
•    2021 මුදල් වර්ෂය සඳහා විගණකාධිපතිවරයාගේ වාර්තාවේ දෙවැනි කාණ්ඩයේ XLIX කොටස සහ නවවැනි කාණ්ඩයේ XXXVIII කොටස; සහ
•    2022 මුදල් වර්ෂය සඳහා විගණකාධිපතිවරයාගේ වාර්තාවේ දෙවැනි කාණ්ඩයේ XL සහ XLI කොටස් සහ නවවැනි කාණ්ඩයේ XXIV කොටස

(ii) ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 154(6) ව්‍යවස්ථාව ප්‍රකාරව විගණකාධිපතිවරයාගේ වාර්තාවේ අටවැනි කාණ්ඩයේ ─ III කොටස ─ පාරිභෝගිකයා ආරක්ෂා කිරීමෙහිලා පාරිභෝගික කටයුතු පිළිබඳ කාර්ය සාධන විගණන වාර්තාව

 

ලිපිලේඛනාදිය පිළිගැන්වීම

(i)    2011 අංක 18 දරන වරාය සහ ගුවන් තොටුපල සංවර්ධන බදු පනතේ 3(3) වගන්තිය යටතේ  වරාය සහ ගුවන් තොටුපල සංවර්ධන බද්ද සම්බන්ධයෙන් වැඩබලන මුදල්, ආර්ථික ස්ථායිකරණ සහ ජාතික ප්‍රතිපත්ති අමාත්‍යවරයා විසින් පනවන ලදුව, 2023 සැප්තැම්බර් 21 දිනැති අංක 2350/45 දරන අති විශේෂ ගැසට් පත්‍රයේ පළ කරන ලද නියෝගය

(ii)    2005 අංක 6 දරන පනතින් සංශෝධිත 2002 අංක 14 දරන එකතු කළ අගය මත බදු පනතේ 2අ වගන්තිය යටතේ එකතු කළ අගය මත බද්ද සම්බන්ධයෙන් මුදල්, ආර්ථික ස්ථායිකරණ සහ ජාතික ප්‍රතිපත්ති අමාත්‍යවරයා විසින් පනවන ලදුව, 2023 දෙසැම්බර් 19 දිනැති අංක 2363/22 දරන අති විශේෂ ගැසට් පත්‍රයේ පළ කරන ලද නියමය

 

කාරක සභා වාර්තා පිළිගැන්වීම

ප්‍රවාහන හා මහාමාර්ග කටයුතු පිළිබඳ අමාත්‍යාංශයීය උපදේශක කාරක සභාවේ වාර්තාව, එම කාරක සභාවේ සභාපති, ගරු (ආචාර්ය) බන්දුල ගුණවර්ධන මහතා විසින් පිළිගන්වන ලදී.

 

අමාත්‍යාංශ නිවේදන

ජනමාධ්‍යවේදීන් සඳහා පැවැත්වූ දැනුවත් කිරීමේ වැඩසටහන පිළිබඳව ප්‍රවාහන හා මහාමාර්ග අමාත්‍ය සහ ජනමාධ්‍ය අමාත්‍ය, ගරු (ආචාර්ය) බන්දුල ගුණවර්ධන මහතා අමාත්‍යාංශ නිවේදනයක් කළේය.

 

ගරු පාර්ලිමේන්තුවේ සභානායකතුමා ඉදිරිපත් කළ පහත සඳහන් යෝජනාවට සභාව එකඟ විය -

ශ්‍රී ලංකාවේ ළමා මන්දපෝෂණ තත්ත්වය වැඩි වෙමින් පවතින්නේද යන්න සොයා බැලීමටත්, එසේ නම් ඒ සඳහා ගත යුතු කෙටිකාලින, මධ්‍යකාලීන හා දිගුකාලීන ක්‍රියාමාර්ග පිළිබඳව සොයා බැලීම සඳහාත්; හඳුනාගත් ක්‍රියාමාර්ග කඩිනමින් ක්‍රියාවට නැංවීම පිළිබඳව අධීක්ෂණය කිරීම සඳහාත් වන පාර්ලිමේන්තු විශේෂ කාරක සභාව

ශ්‍රී ලංකාවේ ළමා මන්දපෝෂණ තත්ත්වය වැඩි වෙමින් පවතින්නේද යන්න සොයා බැලීමටත්, එසේ නම් ඒ සඳහා ගත යුතු කෙටිකාලින, මධ්‍යකාලීන හා දිගුකාලීන ක්‍රියාමාර්ග පිළිබඳව සොයා බැලීම සඳහාත්; හඳුනාගත් ක්‍රියාමාර්ග කඩිනමින් ක්‍රියාවට නැංවීම පිළිබඳව අධීක්ෂණය කිරීම සඳහාත් වන පාර්ලිමේන්තු විශේෂ කාරක සභාව විසින් නිරීක්ෂණය කරනු ලැබූ කරුණු, 2023 දෙසැම්බර් 12 දින පාර්ලිමේන්තුව විසින් සම්මත කරන ලද යෝජනාව මඟින් නියම කර ඇති පරිදි පාර්ලිමේන්තුවට වාර්තා කිරීමට තවදුරටත් කාලය අවශ්‍ය වන බැවින්, පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග 102 ප්‍රකාරව  එකී කාරක සභාවට ලබාදී ඇති කාලසීමාව, 2024 ජුනි  05 දින දක්වා දීර්ඝ කළ යුතුය.

 

ශෝක ප්‍රකාශ යෝජනා

පාර්ලිමේන්තු මන්ත්‍රී, අභාවප්‍රාප්ත ගරු සනත් නිශාන්ත මහතා පිළිබඳ ශෝක ප්‍රකාශ යෝජනාව සම්බන්ධයෙන් කථා පවත්වා අවසන් කරන ලදී.

 

අනතුරුව, පාර්ලිමේන්තුව පැය 1709 ට 2024 මාර්තු මස 5 වැනි අඟහරුවාදා පැය 0930 දක්වා කල් තබන ලදී.

 

 

 

 

*  මෙය සංස්කරණය නොකරන ලද අනුවාදයකි. මෙදින කටයුතුවල නිල වාර්තාව සඳහා කරුණාකර හැන්සාඩ් වාර්තාව බලන්න.