ශ්‍රී ලංකා

පාර්ලිමේන්තුව

English (UK)Tamil-SriLanka

2024 පෙබරවාරි මස 21 වැනි දින සභාවේ කටයුතු

දිනය : 2024-02-21

නියෝජ්‍ය කථානායක සහ කාරක සභා සභාපති ගරු අජිත් රාජපක්ෂ මහතා මූලසනාරූඪ විය.

 

කථානායකවරයා විසින් කරනු ලබන නිවේදන

A : ගරු අනුරාධ ජයරත්න මහතා, පා.ම. විසින් මතු කරන ලද වරප්‍රසාද පිළිබඳ ප්‍රශ්නය

 

කථානායකවරයා විසින් ලිපිලේඛනාදිය පිළිගැන්වීම

A.    
(i)    ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 154(6) ව්‍යවස්ථාව ප්‍රකාරව ─
•    2020 මුදල් වර්ෂය සඳහා විගණකාධිපතිවරයාගේ වාර්තාවේ නවවැනි කාණ්ඩයේ XL කොටස
•    2021 මුදල් වර්ෂය සඳහා විගණකාධිපතිවරයාගේ වාර්තාවේ දෙවැනි කාණ්ඩයේ XLVIII කොටස සහ නවවැනි කාණ්ඩයේ XXXVI හා XXXVII කොටස්; සහ
•    2022 මුදල් වර්ෂය සඳහා විගණකාධිපතිවරයාගේ වාර්තාවේ දෙවැනි කාණ්ඩයේ XXXIX කොටස සහ නවවැනි කාණ්ඩයේ XXII හා XXIII කොටස්

(ii)    ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 154(6) ව්‍යවස්ථාව ප්‍රකාරව විගණකාධිපතිවරයාගේ වාර්තාවේ අටවැනි කාණ්ඩයේ ─ I කොටස ─ සංචාරක සංවර්ධන ප්‍රදේශ සහ සංචාරක සංවර්ධන ව්‍යාපෘති සංචාරක කර්මාන්තයට දායක කර ගැනීම පිළිබඳ කාර්ය සාධන විගණන වාර්තාව

B.    ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 154(6) ව්‍යවස්ථාව ප්‍රකාරව විගණකාධිපතිවරයාගේ වාර්තාවේ අටවැනි කාණ්ඩයේ ─ II කොටස ─ ශ්‍රී ලංකාවේ සිදුවන ස්වභාවික ව්‍යසනවලින් වන ආපදාවන් කළමනාකරණය සඳහා සම්බන්ධිත ආයතනවල කාර්ය සාධනය පිළිබඳ විගණන වාර්තාව

 

ලිපිලේඛනාදිය පිළිගැන්වීම

(i)    2021 වර්ෂය සඳහා පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ මානවශාස්ත්‍ර සහ සමාජීය විද්‍යා පශ්චාත් උපාධි ආයතනයේ වාර්ෂික වාර්තාව
(ii)    2022 වර්ෂය සඳහා ඉඩම් ප්‍රතිසංස්කරණ කොමිෂන් සභාවේ වාර්ෂික වාර්තාව
(iii)         2022 වර්ෂය සඳහා ‍ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ වාර්ෂික වාර්තාව

(iv)    රජයේ ගිණුම් පිළිබඳ කාරක සභාව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලද වාර්තාවේ ජාතික පොලිස් කොමිෂන් සභාව සම්බන්ධ කරුණු පිළිබඳ පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග 119(4) ප්‍රකාරව නිරීක්ෂණ සහ ගනු ලැබූ ක්‍රියාමාර්ග පිළිබඳ වාර්තාව
(v)    රජයේ ගිණුම් පිළිබඳ කාරක සභාව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලද වාර්තාවේ මුදල් කොමිෂන් සභාව සම්බන්ධ කරුණු පිළිබඳ පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග 119(4) ප්‍රකාරව නිරීක්ෂණ සහ ගනු ලැබූ ක්‍රියාමාර්ග පිළිබඳ වාර්තාව
(vi)    රජයේ ගිණුම් පිළිබඳ කාරක සභාව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලද වාර්තාවල කාන්තා, ළමා කටයුතු හා සමාජ සවිබලගැන්වීම් අමාත්‍යාංශයේ සමෘද්ධි සංවර්ධන දෙපාර්තමේන්තුව, සමාජ සේවා දෙපාර්තමේන්තුව,පරිවාස හා ළමාරක්ෂක සේවා දෙපාර්තමේන්තුව සහ කාන්තා හා ළමා සංවර්ධන, පෙර පාසැල් හා ප්‍රාථමික අධ්‍යාපන, පාසැල් යටිතල පහසුකම් හා අධ්‍යාපන සේවා රාජ්‍ය අමාත්‍යාංශය සම්බන්ධ කරුණු පිළිබඳ පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග 119(4) ප්‍රකාරව නිරීක්ෂණ සහ ගනු ලැබූ ක්‍රියාමාර්ග පිළිබඳ වාර්තා
(vii)    රජයේ ගිණුම් පිළිබඳ කාරක සභාව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලද වාර්තාවේ ප්‍රවාහන හා මහාමාර්ග අමාත්‍යාංශය සම්බන්ධ කරුණු පිළිබඳ පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග 119(4) ප්‍රකාරව නිරීක්ෂණ සහ ගනු ලැබූ ක්‍රියාමාර්ග පිළිබඳ වාර්තාව

 

කාරක සභා වාර්තා පිළිගැන්වීම

අධිකරණ, බන්ධනාගාර කටයුතු හා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ කටයුතු පිළිබඳ අමාත්‍යාංශයීය උපදේශක කාරක සභාවේ වාර්තාව, එම කාරක සභාවේ සභාපති, ගරු ජනාධිපති නීතිඥ (ආචාර්ය) විජයදාස රාජපක්ෂ මහතා විසින් පිළිගන්වන ලදී.

 

වරප්‍රසාද පිළිබඳ ප්‍රශ්න

ගරු රෝහිත අබේගුණවර්ධන මහතා
තමාට එරෙහිව චෝදනා එල්ල කළ සමාජ මාධ්‍ය වාර්තාවක් සම්බන්ධයෙන්

 

පනත් කෙටුම්පත් පිළිගැන්වීම

1988 අංක 30 දරන බැංකු පනත ‍සංශෝධනය කිරීම සඳහා වූ

“බැංකු (සංශෝධන)”

නමැති පනත් කෙටුම්පත ගරු ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායකතුමා විසින් පිළිගන්වන ලදී.

 

පෞද්ගලික මන්ත්‍රීන්ගේ පනත් කෙටුම්පත්

“විසිදෙවන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය”

නමැති පනත් කෙටුම්පත ඉදිරිපත් කිරීමට ගරු උදය ගම්මන්පිල මහතාට අවසර දෙන ලදී.

 

අද දින සභාවේ ප්‍රධාන කටයුතු

පහත සඳහන් විෂයන් (අද දින න්‍යාය පත්‍රයේ විෂය අංක 1 සිට 5 දක්වා සඳහන් වන) සභාව විසින් අනුමත කරන ලදී:-

(i)    අත්‍යාවශ්‍ය මහජන සේවා පනත යටතේ යෝජනා සම්මතයන් දෙකක්
(ii)    අධිකරණ සංවිධාන පනත යටතේ නියෝග තුනක්

 

කල් තැබීමේ යෝජනාව

“රටේ වත්මන් තත්ත්වය” පිළිබඳ කල් තැබීමේ යෝජනාව ගරු තුෂාර ඉඳුනිල් අමරසේන මහතා විසින් යෝජනා කරන ලදී.

 

අනතුරුව, පාර්ලිමේන්තුව පැය 1730 ට 2024 පෙබරවාරි මස 22 වැනි බ්‍රහස්පතින්දා පැය 0930 දක්වා කල් තබන ලදී.

 

 

 

 

*  මෙය සංස්කරණය නොකරන ලද අනුවාදයකි. මෙදින කටයුතුවල නිල වාර්තාව සඳහා කරුණාකර හැන්සාඩ් වාර්තාව බලන්න.

ප්‍රචාරණය කරන්න

Submit to Delicious Submit to Digg Submit to Facebook Submit to Google Bookmarks Submit to Twitter Submit to LinkedIn

පාර්ලිමේන්තු දිනදසුන

පාර්ලිමේන්තු ජංගම යෙදුම බාගත කරන්න

ඊ-මේල් ලැයිස්තු ග්‍රාහකත්වය

© ශ්‍රී ලංකා පාර්ලි‌‌මේන්තුව.සියලු හිමිකම් ඇවිරිණි.

විසඳුම Lankacom විසිනි