2024 පෙබරවාරි මස 20 වැනි දින සභාවේ කටයුතු |
දිනය : | 2024-02-20 |
|
නියෝජ්‍ය කථානායක සහ කාරක සභා සභාපති ගරු අජිත් රාජපක්ෂ මහතා මූලසනාරූඪ විය.
කථානායකවරයා විසින් කරනු ලබන නිවේදන
A : “ශ්‍රී ලංකා ක්ෂුද්‍රමූල්‍ය සහ ණය නියාමන අධිකාරිය” නමැති පනත් කෙටුම්පත පිළිබඳව ශ්‍රේෂ්ඨාධිකරණයේ තීරණය
B : “ත්‍රස්ත විරෝධී” නමැති පනත් කෙටුම්පත පිළිබඳව ශ්‍රේෂ්ඨාධිකරණයේ තීරණය
C : ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 79 වැනි ව්‍යවස්ථාව යටතේ පනත් කෙටුම්පත්වල සහතිකය සටහන් කිරීම
ලිපිලේඛනාදිය පිළිගැන්වීම
(i) 2018, 2019 සහ 2020 වර්ෂ සඳහා ශ්‍රී ලංකා ජාතික චිත්‍රපට සංස්ථාවේ වාර්ෂික වාර්තා
(ii) 2022 වර්ෂය සඳහා අපරාධයක වින්දිතයින් සහ සාක්ෂිකරුවන් ආරක්ෂා කිරීම සඳහා වූ ජාතික අධිකාරියේ වාර්ෂික වාර්තාව
(iii) 2019, 2020 සහ 2021 වර්ෂ සඳහා කාර්මික තාක්ෂණ ආයතනයේ වාර්ෂික වාර්තා
(iv) 2020/2021 වර්ෂය සඳහා කහටගහ ග්‍රැෆයිට් ලංකා ලිමිටඩ් හි වාර්ෂික වාර්තාව
(v) 2021 වර්ෂය සඳහා සේවක අර්ථසාධක අරමුදලේ වාර්ෂික වාර්තාව
(vi) 2022 වර්ෂය සඳහා ජාතික ශ්‍රම අධ්‍යයන ආයතනයේ වාර්ෂික වාර්තාව
(vii) 2021 සහ 2022 වර්ෂ සඳහා ශ්‍රී ලංකාවේ ජාතික බුද්ධිමය දේපළ කාර්යාලයේ වාර්ෂික කාර්ය සාධන වාර්තා
(viii) රජයේ ගිණුම් පිළිබඳ කාරක සභාව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලද වාර්තාවේ රාජ්‍ය සේවා කොමිෂන් සභාව සම්බන්ධ කරුණු පිළිබඳ පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග 119(4) ප්‍රකාරව නිරීක්ෂණ සහ ගනු ලැබූ ක්‍රියාමාර්ග පිළිබඳ වාර්තාව
(ix) 2021 අංක 11 දරන කොළඹ වරාය නගරය ආර්ථික කොමිෂන් සභාව පනතේ 71 වගන්තිය යටතේ කොළඹ වරාය නගරය ආර්ථික කොමිෂන් සභාව සහ අදාළ නියාමන අධිකාරීන් විමසා ආයෝජන ප්‍රවර්ධන අමාත්‍යවරයා විසින් සාදන ලදුව 2023 නොවැම්බර් 17 දිනැති අංක 2358/70 දරන අති විශේෂ ගැසට් පත්‍රයේ පළ කරන ලද නියෝග
(x) 1979 අංක 61 දරන අත්‍යාවශ්‍ය මහජන සේවා පනතේ 2 වගන්තිය ප්‍රකාරව ජනාධිපතිවරයා වෙත පැවරී ඇති බලතල අනුව, 2024 පෙබරවාරි 13 දිනැති අංක 2371/11 දරන අති විශේෂ ගැසට් පත්‍රයේ හා එහි උපලේඛනයෙහි පළ කරමින් කරන ලද ප්‍රකාශනය
(xi) 1979 අංක 61 දරන අත්‍යාවශ්‍ය මහජන සේවා පනතේ 2 වගන්තිය ප්‍රකාරව ජනාධිපතිවරයා වෙත පැවරී ඇති බලතල අනුව, 2024 පෙබරවාරි 13 දිනැති අංක 2371/16 දරන අති විශේෂ ගැසට් පත්‍රයේ හා එහි උපලේඛනයෙහි පළ කරමින් කරන ලද ප්‍රකාශනය
(xii) 2022 අංක 43 දරන විසර්ජන පනතේ 6(1) වගන්තිය යටතේ 2023.12.21 සිට 2023.12.31 දක්වා ජාතික අයවැය දෙපාර්තමේන්තුවේ වැය ශීර්ෂ අංක 240 යටතේ පරිපූරක සහාය සේවා සහ හදිසි අවශ්‍යතා වගකීම් ව්‍යාපෘතිය මඟින් සිදු කරන ලද පරිපූරක වෙන්කිරීම් පිළිබඳ සටහන
(xiii) 2024 වර්ෂය සඳහා ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 154ජ (4)ව්‍යවස්ථාව ප්‍රකාරව මුදල් කොමිෂන් සභාව විසින් ගරු ජනාධිපතිතුමා වෙත ඉදිරිපත් කරනු ලබන නිර්දේශ
(xiv) රජයේ ගිණුම් පිළිබඳ කාරක සභාව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලද වාර්තාවේ අධිකරණ, බන්ධනාගාර කටයුතු හා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ අමාත්‍යාංශය සම්බන්ධ කරුණු පිළිබඳ පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග 119(4) ප්‍රකාරව නිරීක්ෂණ සහ ගනු ලැබූ ක්‍රියාමාර්ග පිළිබඳ වාර්තාව
(xv) 2005 අංක 38 දරන සංචාරක කටයුතු පනතේ 26(1) වගන්තිය යටතේ ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරියේ නිර්දේශය මත සංචාරක සංවර්ධන ප්‍රදේශයක් ප්‍රකාශයට පත් කිරීම සම්බන්ධයෙන් සංචාරක හා ඉඩම් අමාත්‍යවරයා විසින් පනවන ලදුව, 2023 ඔක්තෝබර් 06 දිනැති අංක 2352/47 දරන අති විශේෂ ගැසට් පත්‍රයේ පළ කරන ලද නියමය
(xvi) 2005 අංක 38 දරන සංචාරක කටයුතු පනතේ 26(1) වගන්තිය යටතේ ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරියේ නිර්දේශය මත සංචාරක සංවර්ධන ප්‍රදේශයක් ප්‍රකාශයට පත් කිරීම සම්බන්ධයෙන් සංචාරක හා ඉඩම් අමාත්‍යවරයා විසින් පනවන ලදුව, 2023 ඔක්තෝබර් 06 දිනැති අංක 2352/48 දරන අති විශේෂ ගැසට් පත්‍රයේ පළ කරන ලද නියමය
(xvii) පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාව විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලද වාර්තාවේ ශ්‍රී ජයවර්ධනපුර මහ රෝහල් මණ්ඩලය සම්බන්ධ කරුණු පිළිබඳ පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග 120(4) ප්‍රකාරව නිරීක්ෂණ සහ ගනු ලැබූ ක්‍රියාමාර්ග පිළිබඳ වාර්තාව
(xviii) 1996 අංක 9 දරන රාජ්‍යතාන්ත්‍රිත වරප්‍රසාද පනතේ 4 සහ 5 වගන්ති යටතේ ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජය සහ කෘෂි වන විද්‍යාව පිළිබඳ පර්යේෂණ සඳහා වූ ජාත්‍යන්තර මධ්‍යස්ථානය (ICRAF) අතර පවතින සත්කාරක රාජ්‍ය ගිවිසුමේ IV, V, VI, IX, X, XI, XII, XIII, XIV, XV සහ XVI වගන්තිවල නියමයන් බලාත්මක කිරීම සම්බන්ධයෙන් විදේශ කටයුතු අමාත්‍යවරයා විසින් පනවන ලදුව 2023 සැප්තැම්බර් 08 දිනැති අංක 2348/48 දරන අති විශේෂ ගැසට් පත්‍රයේ පළ කරන ලද නියෝගය
(xix) රජයේ ගිණුම් පිළිබඳ කාරක සභාව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලද වාර්තාවේ විදුලිබල හා බලශක්ති අමාත්‍යාංශය සම්බන්ධ කරුණු පිළිබඳ පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග 119(4) ප්‍රකාරව නිරීක්ෂණ සහ ගනු ලැබූ ක්‍රියාමාර්ග පිළිබඳ වාර්තාව
කාරක සභා වාර්තා පිළිගැන්වීම
රජයේ මුදල් පිළිබඳ කාරක සභාවේ වාර්තාව, එම කාරක සභාවේ සභාපති, ගරු (ආචාර්ය) හර්ෂ ද සිල්වා මහතා විසින් පිළිගන්වන ලදී.
පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග 27(2) යටතේ ප්‍රශ්න
ගරු සජිත් ප්‍රේමදාස මහතා
සමාජ ආරක්ෂණ ක්‍රමවේදයන් පිළිබඳ ගැටලු
වරප්‍රසාද පිළිබඳ ප්‍රශ්න
ගරු කංචන විජේසේකර මහතා
විදුලි බිල සම්බන්ධයෙන් රංජන් ජයලාල් නමැත්තාගේ අසත්‍ය ප්‍රකාශය
පනත් කෙටුම්පත් පිළිගැන්වීම
එක්සත් ජාතීන්ගේ අධ්‍යාපනික, විද්‍යාත්මක සහ සංස්කෘතික සංවිධානය (යුනෙස්කෝ) සඳහා ජාතික කොමිෂන් සභාවක් පිහිටුවීම සඳහා ද; ඊට සම්බන්ධ හෝ ඊට ආනුෂංගික කරුණු සඳහා ද විධිවිධාන සැලැස්වීම පිණිස වූ
“යුනෙස්කෝ සඳහා වූ ශ්‍රී ලංකා ජාතික කොමිෂන් සභාව”
නමැති පනත් කෙටුම්පත ගරු පාර්ලිමේන්තුවේ සභානායකතුමා විසින් පිළිගන්වන ලදී.
අද දින සභාවේ ප්‍රධාන කටයුතු
පහත සඳහන් විෂයන් (අද දින න්‍යාය පත්‍රයේ විෂය අංක 1 සිට 9 දක්වා සඳහන් වන) සභාවට ඉදිරිපත් කරන ලදී. අංක 1 සිට 7 දක්වා විෂයන් විවාදයට ගෙන මතු දිනකට කල් තබන ලදී. අංක 8 සහ 9 විෂයන් අනුමත කරන ලදී:-
(i) සුරක්ෂිතලත් ගනුදෙනු පනත් කෙටුම්පත — දෙවැනිවර කියවීම
(ii) භාර ලදුපත් (සංශෝධන) පනත් කෙටුම්පත — දෙවැනිවර කියවීම
(iii) උකස් (සංශෝධන) පනත් කෙටුම්පත — දෙවැනිවර කියවීම
(iv) කල්බදු මූල්‍යකරණ (සංශෝධන) පනත් කෙටුම්පත — දෙවැනිවර කියවීම
(v) දේශීය භාර ලදුපත් (සංශෝධන) පනත් කෙටුම්පත — දෙවැනිවර කියවීම
(vi) සමාගම් (සංශෝධන) පනත් කෙටුම්පත — දෙවැනිවර කියවීම
(vii) ලේඛන ලියාපදිංචි කිරීමේ (සංශෝධන) පනත් කෙටුම්පත — දෙවැනිවර කියවීම
(viii) ක්‍රමෝපාය සංවර්ධන ව්‍යාපෘති පනත යටතේ නියමය
(ix) ආනයන හා අපනයන (පාලන) පනත යටතේ රෙගුලාසි
අනතුරුව, පාර්ලිමේන්තුව පැය 1651 ට 2024 පෙබරවාරි මස 21 වැනි බදාදා පැය 0930 දක්වා කල් තබන ලදී.
* මෙය සංස්කරණය නොකරන ලද අනුවාදයකි. මෙදින කටයුතුවල නිල වාර්තාව සඳහා කරුණාකර හැන්සාඩ් වාර්තාව බලන්න.