2024 පෙබරවාරි මස 08 වැනි දින සභාවේ කටයුතු |
දිනය : | 2024-02-08 |
කථානායක ගරු මහින්ද යාපා අබේවර්ධන මහතා මූලසනාරූඪ විය.
අභිනව මන්ත්‍රීවරයන්ගේ නිල ප්‍රතිඥාව හෝ දිවුරුම
ගරු සනත් නිශාන්ත මහතාගේ අභාවයෙන් ඇති වූ පුරප්පාඩුව පිරවීම සඳහා ගරු ඇල්. කේ. ජගත් ප්‍රියංකර මහතා පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු වශයෙන් ගරු කථානායකතුමා ඉදිරියේ දිවුරුම් දෙන ලදී.
කථානායකවරයා විසින් කරනු ලබන නිවේදන
A : ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 79 වැනි ව්‍යවස්ථාව යටතේ පනත් කෙටුම්පත්වල සහතිකය සටහන් කිරීම
B : “ත්‍රස්ත විරෝධී” නමැති පනත් කෙටුම්පත සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණය වෙත ඉදිරිපත් කරන ලද පෙත්සම්වල පිටපත් ලැබී ඇති බව
C : නවවැනි පාර්ලිමේන්තුවේ පස්වැනි සභාවාරය තුළ සේවය කිරීම පිණිස සභාපති නාමාවලියට මන්ත්‍රීන් පත් කිරීම
D : පාර්ලිමේන්තු මන්ත්‍රී ගරු සනත් නිශාන්ත මහතාගේ අභාවය
E : පාර්ලිමේන්තුවේ නව වේත්‍රධාරී පත්කිරීම
ලිපිලේඛනාදිය පිළිගැන්වීම
(i) 2018 සහ 2019 වර්ෂ සඳහා සීමාසහිත ලංකා සීනි (පුද්ගලික) සමාගමේ වාර්ෂික වාර්තා
(ii) 2021 වර්ෂය සඳහා ඉදිකිරීම් කර්මාන්ත සංවර්ධන අධිකාරියේ වාර්ෂික වාර්තාව
(iii) 2022 වර්ෂය සඳහා සහාධිපත්‍ය කළමනාකරණ අධිකාරියේ වාර්ෂික වාර්තාව
(iv) 2022 වර්ෂය සඳහා ඉංජිනේරුමය කාර්යයන් පිළිබඳ මධ්‍යම උපදේශක කාර්යාංශයේ වාර්ෂික වාර්තාව
(v) 2022 වර්ෂය සඳහා සෙන්ට්‍රල් ඉංජිනියරින් සර්විසස් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනයේ වාර්ෂික වාර්තාව
(vi) 2022 වර්ෂය සඳහා ශ්‍රී ලංකා ඉංජිනේරුවරුන්ගේ සභාවේ වාර්ෂික වාර්තාව
(vii) 2022 වර්ෂය සඳහා ශ්‍රී ලංකා උත්තේජක මර්දන නියෝජ්‍යායතනයේ වාර්ෂික වාර්තාව
(viii) 2020 වර්ෂය සඳහා ශ්‍රී ලංකා හස්ත කර්මාන්ත මණ්ඩලයේ වාර්ෂික වාර්තාව
(ix) රජයේ ගිණුම් පිළිබඳ කාරක සභාව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලද වාර්තාවේ අමාත්‍ය මණ්ඩල කාර්යාලය සම්බන්ධ කරුණු පිළිබඳ පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග 119(4) ප්‍රකාරව නිරීක්ෂණ සහ ගනු ලැබූ ක්‍රියාමාර්ග පිළිබඳ වාර්තාව
(x) රජයේ ගිණුම් පිළිබඳ කාරක සභාව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලද වාර්තාවේ පරිසර අමාත්‍යාංශය සම්බන්ධ කරුණු පිළිබඳ පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග 119(4) ප්‍රකාරව නිරීක්ෂණ සහ ගනු ලැබූ ක්‍රියාමාර්ග පිළිබඳ වාර්තාව
(xi) 1985 අංක 48 සහ 1987 අංක 28 දරන පනත් මඟින් සංශෝධිත 1969 අංක 1 දරන ආනයන හා අපනයන (පාලන) පනතේ 4(1) සහ 14 වගන්ති සමඟ කියවිය යුතු 20 වගන්තිය යටතේ මුදල් ආර්ථික ස්ථායිකරණ සහ ජාතික ප්‍රතිපත්ති අමාත්‍යවරයා විසින් සාදන ලදුව, 2024 ජනවාරි 11 දිනැති අංක 2366/19 දරන අති විශේෂ ගැසට් පත්‍රයේ පළ කරන ලද රෙගුලාසි
(xii) 1979 අංක 61 දරන අත්‍යාවශ්‍ය මහජන සේවා පනතේ 2 වගන්තිය ප්‍රකාරව ජනාධිපතිවරයා වෙත පැවරී ඇති බලතල අනුව, 2024 පෙබරවාරි 03 දිනැති අංක 2369/58 දරන අති විශේෂ ගැසට් පත්‍රයේ හා එහි උපලේඛනයෙහි පළ කරමින් කරන ලද ප්‍රකාශනය
(xiii) රජයේ ගිණුම් පිළිබඳ කාරක සභාව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලද වාර්තාවේ ගුදම් පහසුකම්, බහාලුම් අංගන, වරාය සැපයුම් පහසුකම් සහ බෝට්ටු හා නැව් කර්මාන්ත සංවර්ධන රාජ්‍ය අමාත්‍යාංශය සම්බන්ධ කරුණු පිළිබඳ පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග 119(4) ප්‍රකාරව නිරීක්ෂණ සහ ගනු ලැබූ ක්‍රියාමාර්ග පිළිබඳ වාර්තාව
(xiv) (218 අධිකාරය වූ) විෂවර්ග, අබිං සහ අන්තරාදායක ඖෂධ වර්ග ආඥාපනතේ 77අ(6) වගන්තිය සමඟ කියවිය යුතු 80 වගන්තිය යටතේ අධිකරණ, බන්ධනාගාර කටයුතු හා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ අමාත්‍යවරයා විසින් සාදන ලදුව, 2023 නොවැම්බර් 27 දිනැති අංක 2360/21 දරන අති විශේෂ ගැසට් පත්‍රයේ පළ කරන ලද නියෝග
(xv) පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාව විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලද වාර්තාවේ විදුලිබල හා බලශක්ති අමාත්‍යාංශයේ සීමාසහිත ලංකා ගල් අඟුරු (පුද්ගලික) සමාගම සම්බන්ධ කරුණු පිළිබඳ පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග 120(4) ප්‍රකාරව නිරීක්ෂණ සහ ගනු ලැබූ ක්‍රියාමාර්ග පිළිබඳ වාර්තාව
වරප්‍රසාද පිළිබඳ ප්‍රශ්න
ගරු ජනාධිපති නීතිඥ ජයන්ත වීරසිංහ මහතා
මාර්ගගත ක්‍රමවල සුරක්ෂිත භාවය පිළිබඳ පනත් කෙටුම්පත සම්බන්ධයෙන් ලංකාදීප පුවත්පතේ වාර්තාව
ගරු පාර්ලිමේන්තුවේ සභානායකතුමා ඉදිරිපත් කළ පහත සඳහන් යෝජනාවලට සභාව එකඟ විය -
(i) තේරීම් කාරක සභාව
පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග 114හි විධිවිධාන ප්‍රකාරව, නවවැනි පාර්ලිමේන්තුවේ පස්වැනි සභාවාරයේ සේවය කිරීම සඳහා තේරීම් කාරක සභාව, කථානායකවරයාගේ සභාපතිත්වයෙන් සහ දේශපාලන පක්ෂවල නායකයන් හෝ ඔවුන්ගේ නියෝජිතයන් ද ඇතුළත්ව පාර්ලිමේන්තුව විසින් නම් කරනු ලබන සාමාජික මන්ත්‍රීවරයන් දොළොස් දෙනෙකුගෙන් (12) සමන්විත විය යුතු ය.
(ii) තේරීම් කාරක සභාව
අද දින පාර්ලිමේන්තුව විසින් සම්මත කරන ලද යෝජනාව ප්‍රකාරව, මතු සඳහන් සාමාජික මන්ත්‍රීවරයන් නවවැනි පාර්ලිමේන්තුවේ පස්වැනි සභාවාරයේ තේරීම් කාරක සභාවේ සේවය කළ යුතු ය:—
ගරු නීතිඥ (ආචාර්ය) සුසිල් ප්‍රේමජයන්ත මහතා
ගරු ප්‍රසන්න රණතුංග මහතා
ගරු නීතිඥ නිමල් සිරිපාල ද සිල්වා මහතා
ගරු ඩග්ලස් දේවානන්දා මහතා
ගරු නීතිඥ ලක්ෂ්මන් කිරිඇල්ල මහතා
ගරු ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා
ගරු ගයන්ත කරුණාතිලක මහතා
ගරු නීතිඥ රවුෆ් හකීම් මහතා
ගරු ගාමිණී ලොකුගේ මහතා
ගරු විජිත හේරත් මහතා
ගරු අමිර්තනාදන් අඩෛක්කලනාදන් මහතා
ගරු නීතිඥ සාගර කාරියවසම් මහතා
කල් තැබීමේ යෝජනාව
“ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 32(4) සහ 33(අ) ව්‍යවස්ථා ප්‍රකාරව ගරු ජනාධිපතිතුමා විසින් 2024 පෙබරවාරි 07 වැනිදා ඉදිරිපත් කළ ආණ්ඩුවේ ප්‍රතිපත්ති ප්‍රකාශය” පිළිබඳ කල් තැබීමේ යෝජනාව ගරු නීතිඥ මධුර විතානගේ මහතා විසින් යෝජනා කරන ලදී.
අනතුරුව, පාර්ලිමේන්තුව පැය 1730 ට 2024 පෙබරවාරි මස 9 වැනි සිකුරාදා පැය 0930 දක්වා කල් තබන ලදී.
* මෙය සංස්කරණය නොකරන ලද අනුවාදයකි. මෙදින කටයුතුවල නිල වාර්තාව සඳහා කරුණාකර හැන්සාඩ් වාර්තාව බලන්න.
ක්ෂණික සබැඳි
-

පාර්ලිමේන්තු දිනදසුන -

පනත් සහ පනත් කෙටුම්පත් -

කාරක සභා -

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව -

පාර්ලිමේන්තුව සජීවීව -

කාරක සභා සජීවීව - පටිගත කළ -

ඡායාරූප ගැලරිය -

පුවත් -

බාගත කිරීම් -

තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම -

තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම - කථානායක කාර්යාලය -

අයවැය 2026 -

නව වෙබ් අඩවිය (BETA අනුවාදය) -

ජාතික පොලිස් කොමිෂන් සභාවේ සාමාජික ධුරයට පත්කිරීම






