2024 පෙබරවාරි මස 07 වැනි දින සභාවේ කටයුතු - නවවැනි පාර්ලිමේන්තුවේ පස්වැනි සභාවාරය විවෘත කිරීම |
දිනය : | 2024-02-07 |
|
ගරු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මැතිතුමා විසින් ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ නවවැනි පාර්ලිමේන්තුවේ පස්වැනි සභාවාරය උත්සවාකාරයෙන් විවෘත කිරීමේ රැස්වීමේ මුලසුන දරන ලදී.
පාර්ලිමේන්තුව වාරාවසාන කිරීම හා රැස්වීම කැඳවීම පිළිබඳව ගරු ජනාධිපතිතුමාගේ ප්‍රකාශනය පාර්ලිමේන්තුවේ මහ ලේකම්වරිය විසින් කියවන ලදී.
ඉන්පසුව ගරු ජනාධිපතිතුමා පාර්ලිමේන්තුව ඇමතීය.
අනතුරුව, පාර්ලිමේන්තුව පැය 1114 ට 2024 පෙබරවාරි මස 8 වැනි බ්‍රහස්පතින්දා පැය 0930 දක්වා කල් තබන ලදී.
* මෙය සංස්කරණය නොකරන ලද අනුවාදයකි. මෙදින කටයුතුවල නිල වාර්තාව සඳහා කරුණාකර හැන්සාඩ් වාර්තාව බලන්න.