ශ්‍රී ලංකා

පාර්ලිමේන්තුව

English (UK)Tamil-SriLanka

සභාවේ කටයුතු

දිනය : 2010-05-04

හත්වැනි පාර්ලිමේන්තුවේ සභානායක ධූරය සඳහා වාරිමාර්ග හා ජල සම්පත් කළමනාකරණ අමාත්‍ය ගරු නිමල් සිරිපාල ද සිල්වා මහතා ද ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක ධූරය සඳහා ජලසම්පාදන හා ජලාපවහන අමාත්‍ය ගරු දිනේෂ් ගුණවර්ධන මහතා ද පත් කර ඇති බව ගරු කථානායකතුමා විසින් නිවේදනය කරන ලදී.

තේරීම් කාරක සභාව

ස්ථාවර නියෝග අංක 121 හි විධිවිධානවල කුමක් සඳහන් වුවද පවත්නා සැසිවාරයේ සේවය සඳහා වූ තේරීම් කාරක සභාව කථානායකතුමාගේ සභාපතිත්වයෙන් සහ දේශපාලන පක්ෂවල නායකයින් හෝ ඔවුන්ගේ නියෝජිතයන් වන පාර්ලිමේන්තුව විසින් නම් කරන ලද සාමාජිකයින් දහ හත් දෙනෙකුගෙන් (17) සමන්විත විය යුතු බවට වන යෝජනාවක් පාර්ලිමේන්තුවේ සභානායකතුමා විසින් ඉදිරිපත් කරන ලදුව සභාව එයට එකඟ විය.

තවද, අද දින පාර්ලිමේන්තුව විසින් සම්මත කරන ලද යෝජනාව ප්‍රකාර, මෙම කාරක සභාවේ සභාපති වන ගරු කථානායකතුමාට අතිරේකව, පහත නම් සඳහන් මන්ත්‍රීන් දහ හත් දෙනා (17) පවත්නා සැසිවාරය තුළදී තේරීම් කාරක සභාවේ සේවය කළ යුතු බවට වන යෝජනාවක් ද පාර්ලිමේන්තුවේ සභානායකතුමා විසින් ඉදිරිපත් කරන ලදුව සභාව එයට එකඟ විය;

ගරු ඒ.එල්.එම්. අතාවුල්ලා මහතා
ගරු දිනේෂ් ගුණවර්ධන මහතා
ගරු ඩිව් ගුණසේකර මහතා
ගරු නිමල් සිරිපාල ද සිල්වා මහතා
ගරු රිසාඩ් බදියුදීන් මහතා
ගරු බැසිල් රෝහණ රාජපක්ෂ මහතා
ගරු විමල් වීරවංශ මහතා
ගරු මෛත්‍රීපාල සිරිසේන මහතා
ගරු ජෝන් අමරතුංග මහතා
ගරු කරු ජයසූරිය මහතා
ගරු රවී කරුණානායක මහතා
ගරු ආරුමුගන් තොණ්ඩමන් මහතා
ගරු අනුර දිසානායක මහතා
ගරු සුරේෂ් ක. ප්‍රේමචන්ද්‍රන් මහතා
ගරු (පූජ්‍ය) අතුරලියේ රතන හිමි
ගරු රාජවරෝදියම් සම්පන්දන් මහතා
ගරු රවුෆ් හකීම් මහතා


අද දින සභාවේ ප්‍රධාන කටයුතු

මහජන ආරක්ෂක ආඥාපනත යටතේ යෝජනාව

1959 අංක 8 දරන පනතින් ද ජාතික රාජ්‍ය සභාවේ 1978 අංක 6 දරන පනතින් සහ 1988 අංක 28 දරන පනතින් ද, සංශෝධිත (40 වැනි අධිකාරය වූ) මහජන ආරක්ෂක ආඥාපනතේ 2 වැනි වගන්තිය යටතේ ජනාධිපතිතුමා විසින් ඉහත කී ආඥාපනතේ II වැනි කොටසේ විධිවිධාන 2010 මැයි මස 02 වැනි දින සිට ශ්‍රී ලංකාව මුළුල්ලේම ක්‍රියාත්මක කරමින් කරන ලද ප්‍රකාශනය අනුමත කළ යුතු බවට වන යෝජනාව ගරු අග්‍රාමාත්‍ය, බුද්ධ ශාසන හා ආගමික කටයුතු පිළිබඳ අමාත්‍යවරයා විසින් ඉදිරිපත් කරනු ලදුව ඒ පිළිබඳ විවාදය 2010 මැයි මස 05 වැනි දිනට කල් තබන ලදී.


අනතුරුව, සභාව පැය 1630 ට 2010 මැයි මස 5 වැනි බදාදා පැය 0930 දක්වා කල් තබන ලදී.

 

 

 

*  මෙය සංස්කරණය නොකරන ලද අනුවාදයකි. මෙදින කටයුතුවල නිල වාර්තාව සඳහා කරුණාකර හැන්සාඩ් වාර්තාව බලන්න.

ප්‍රචාරණය කරන්න

Submit to Delicious Submit to Digg Submit to Facebook Submit to Google Bookmarks Submit to Twitter Submit to LinkedIn

පාර්ලිමේන්තු දිනදසුන

පාර්ලිමේන්තු ජංගම යෙදුම බාගත කරන්න

ඊ-මේල් ලැයිස්තු ග්‍රාහකත්වය

© ශ්‍රී ලංකා පාර්ලි‌‌මේන්තුව.සියලු හිමිකම් ඇවිරිණි.

විසඳුම Lankacom විසිනි