ශ්‍රී ලංකා

පාර්ලිමේන්තුව

English (UK)Tamil-SriLanka

නවවැනි පාර්ලිමේන්තුවේ පස්වැනි සභාවාරය පෙබරවාරි 07 වැනිදා

දිනය : 2024-01-26

  • සිව්වැනි සභාවාරය අද (ජන. 26) මධ්‍යම රාත්‍රියේ සිට අවසන් කරමින් ගැසට් නිවේදනය නිකුත් කෙරේ

 

ගරු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් අද (26) මධ්‍යම රාත්‍රියේ සිට බලපැවැත්වෙන පරිදි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 70 (1) ව්‍යවස්ථාව ප්‍රකාරව එතුමාට පැවරී ඇති බලතල අනුව පාර්ලිමේන්තුව වාරාවසාන කරන ලද අතර නවවැනි පාර්ලිමේන්තුවේ පස්වැනි සභාවාරය ලබන පෙබරවාරී 07 වැනිදා පෙ.ව 10.30 ට ආරම්භ කරන ලෙස ප්‍රකාශයට පත් කොට ඇත.

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 33 වන ව්‍යවස්ථාවේ (අ) සහ (ආ) අනු ව්‍යවස්ථා අනුව පාර්ලිමේන්තුවේ එක් සභාවාරයක් අවසන්කොට නව සභාවාරයක් ආරම්භ කරන අවස්ථාවේදී ගරු ජනාධිපතිතුමාට පාර්ලිමේන්තුව උත්සවාකාරයෙන් විවෘත කොට මුලසුන දරමින් ආණ්ඩුවේ ප්‍රතිපත්ති ප්‍රකාශය ඉදිරිපත් කිරීමටද අවස්ථාව ඇත.

පාර්ලිමේන්තුව වාර අවසාන කළ විට එතෙක් පාර්ලිමේන්තුව විසින් සලකා නොබලන ලද  ප්‍රශ්න සහ  යෝජනා අහෝසි වන අතර මන්ත්‍රීවරුන් නැවත වාරයක් ඒ සම්බන්ධව ස්ථාවර නියෝග අනුව කටයුතු කළ යුතුය. තවද පාර්ලිමේන්තුවේ සම්බන්ධීකරණ කාරක සභාව,  උසස් නිලතල පිළිබද කාරක සභාව, විශේෂ කාරක සභා සහ ආංශික අධීක්ෂණ කාරක සභා හැර අනෙකුත් සියලු කාරක සභා නව සභාවාරයේදී නැවත පත්කළ යුතුය.

නවවැනි පාර්ලිමේන්තුවේ පළමු සභාවාරය 2020 අගෝස්තු 20 සිට 2021 දෙසැම්බර් 12 දක්වාත්, දෙවන සභාවාරය 2022 ජනවාරි 18 සිට 2022 ජූලි 28 දක්වාත් පවත්වා තිබේ. නව වැනි පාර්ලිමේන්තුවේ තුන්වැනි සභාවාරය 2022 අගෝස්තු 03 දින සිට 2023 ජනවාරි 27 දක්වා පැවැත්වූ අතර සිව්වැනි සභාවාරය 2023 පෙබරවාරි 08 සිට ආරම්භ වූ අතර අද (26) වාර අවසාන කරන මොහොත වන විට පාර්ලිමේන්තුව සිව්වැනි සභාවාරය සඳහා දින 106 ක් රැස්වී තිබේ.

 

 පසුබිම් සටහන

 

ප්‍රචාරණය කරන්න

Submit to Delicious Submit to Digg Submit to Facebook Submit to Google Bookmarks Submit to Twitter Submit to LinkedIn

පාර්ලිමේන්තු දිනදසුන

පාර්ලිමේන්තු ජංගම යෙදුම බාගත කරන්න

ඊ-මේල් ලැයිස්තු ග්‍රාහකත්වය

© ශ්‍රී ලංකා පාර්ලි‌‌මේන්තුව.සියලු හිමිකම් ඇවිරිණි.

විසඳුම Lankacom විසිනි