ශ්‍රී ලංකා

පාර්ලිමේන්තුව

English (UK)Tamil-SriLanka

මාර්ගගත ක්‍රමවල සුරක්ෂිතභාවය පිළිබඳ පනත් කෙටුම්පත සංශෝධන සහිතව වැඩි ඡන්දයෙන් පාර්ලිමේන්තුවේදී සම්මතයි

දිනය : 2024-01-24

ඊයේ (23) සහ අද (24) පාර්ලිමේන්තුවේදී විවාදයට ගැණුනු මාර්ගගත ක්‍රමවල සුරක්ෂිතභාවය පිළිබඳ  පනත් කෙටුම්පත වැඩි ඡන්දයෙන් පාර්ලිමේන්තුවේදී අද (ජන. 24) සම්මත විය.

පනත් කෙටුම්පත දෙවනවර කියවීමේ විවාදය අවසානයේ අද ප.ව. 5.00 ට පමණ විපක්ෂයේ ප්‍රධාන සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී ගරු ලක්ෂ්මන් කිරිඇල්ල මහතා විසින් ඡන්ද විමසීමක් ඉල්ලා සිටි අතර ඒ අනුව පැවැති ඡන්ද විමසීමේදී ඊට පක්ෂව ඡන්ද 108 ක් ලැබුණු අතර විපක්ෂව ඡන්ද 62 ක් හිමි විය. මේ අනුව වැඩි ඡන්ද 46 කින් පනත් කෙටුම්පත දෙවනවර කියවීම සම්මත විය.

අනතුරුව පනත් කෙටුම්පත කාරක සභා අවස්ථාවේදී ඊට සංශෝධන එක්වූ අතර පාර්ලිමේන්තු මන්ත්‍රී ගරු චන්දිම වීරක්කොඩි මහතා පනත්‍ කෙටුම්පතේ 36 වැනි වගන්තිය සදහා ඉදිරිපත් කළ සංශෝධනයට ඡන්ද විමසීමක් ඉල්ලා සිටි අතර ඒ අනුව පැවති ඡන්ද විමසීමේදී සංශෝධනයට පක්ෂව ඡන්ද 51ක් ද විපක්ෂව ඡන්ද 92 ක් ද හිමිවිය. මේ අනුව අදාළ සංශෝධනය වැඩි ඡන්ද  41 කින් පරාජය විය.

ඉන්පසු පනත් කෙටුම්පත තෙවනවර කියවීම ඡන්ද විමසීමකින් තොරව සම්මත විය.

 

 

ප්‍රචාරණය කරන්න

Submit to Delicious Submit to Digg Submit to Facebook Submit to Google Bookmarks Submit to Twitter Submit to LinkedIn

පාර්ලිමේන්තු දිනදසුන

පාර්ලිමේන්තු ජංගම යෙදුම බාගත කරන්න

ඊ-මේල් ලැයිස්තු ග්‍රාහකත්වය

© ශ්‍රී ලංකා පාර්ලි‌‌මේන්තුව.සියලු හිමිකම් ඇවිරිණි.

විසඳුම Lankacom විසිනි