2024 ජනවාරි මස 24 වැනි දින සභාවේ කටයුතු

දිනය : 2024-01-24

Print

කථානායක ගරු මහින්ද යාපා අබේවර්ධන මහතා මූලසනාරූඪ විය.

 

ජනාධිපතිවරයාගෙන් ලැබෙන සංදේශ

A : (40 වැනි අධිකාරිය වූ) මහජන ආරක්ෂක ආඥා පනත යටතේ ආඥාව

 

කථානායකවරයා විසින් කරනු ලබන නිවේදන

B : “ක්ෂුද්‍රමූල්‍ය සහ ණය නියාමන අධිකාරිය” නමැති පනත් කෙටුම්පත සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණය වෙත ඉදිරිපත් කරන ලද පෙත්සම්වල පිටපත් ලැබී ඇති බව    
C : “ත්‍රස්ත විරෝධී” නමැති පනත් කෙටුම්පත සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණය වෙත ඉදිරිපත් කරන ලද පෙත්සම්වල පිටපත් ලැබී ඇති බව     
D : ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 79 වැනි ව්‍යවස්ථාව යටතේ පනත් කෙටුම්පත්වල සහතිකය සටහන් කිරීම

 

ලිපිලේඛනාදිය පිළිගැන්වීම

(i)    2022 වර්ෂය සඳහා ශ්‍රී ලංකා වෘත්තීය පුහුණු අධිකාරියේ වාර්ෂික වාර්තාව
(ii)    2022 වර්ෂය සඳහා ජාතික ශිල්ප සභාවේ වාර්ෂික වාර්තාව

(iii)    (203 අධිකාරය වූ) මෝටර් වාහන පනතේ VII කොටස සමඟ කියවිය යුතු 237 වගන්තිය යටතේ ප්‍රවාහන හා මහාමාර්ග අමාත්‍යවරයා විසින් සාදන ලදුව, 2023 ජුනි 28 දිනැති අංක‍ 2338/39 දරන අති විශේෂ ගැසට් පත්‍රයේ පළ කරන ලද නියෝග
(iv)    (203 අධිකාරය වූ) මෝටර් වාහන පනතේ 21, 22, 23, 24  සහ 24අ වගන්ති සමඟ කියවිය යුතු 237 වගන්තිය යටතේ ප්‍රවාහන හා මහාමාර්ග අමාත්‍යවරයා විසින් සාදන ලදුව, 2023 ඔක්තෝබර් 05 දිනැති අංක‍ 2352/29 දරන අති විශේෂ ගැසට් පත්‍රයේ පළ කරන ලද නියෝග
(v) රජයේ ගිණුම් පිළිබඳ කාරක සභාව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලද වාර්තාවේ වතු නිවාස හා ප්‍රජා යටිතල පහසුකම් රාජ්‍ය අමාත්‍යාංශය සම්බන්ධ කරුණු පිළිබඳ පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග 119(4) ප්‍රකාරව නිරීක්ෂණ සහ ගනු ලැබූ ක්‍රියාමාර්ග පිළිබඳ වාර්තාව

 

කාරක සභා වාර්තා පිළිගැන්වීම

(i)    නවවැනි පාර්ලිමේන්තුවේ සිව්වැනි සභාවාරය සඳහා ආචාර ධර්ම සහ වරප්‍රසාද පිළිබඳ කාරක සභාවේ දෙවැනි වාර්තාව, එම කාරක සභාවේ සභාපති, ගරු චමල් රාජපක්ෂ මහතා විසින් පිළිගන්වන ලදී.
(ii)    නවවැනි පාර්ලිමේන්තුවේ සිව්වැනි සභාවාරය සඳහා බැංකුකරණය හා මූල්‍ය සේවා පිළිබඳ කාරක සභාවේ පළමුවැනි වාර්තාව, එම කාරක සභාවේ සභාපති, ගරු ගාමිණී ලොකුගේ මහතා විසින් පිළිගන්වන ලදී.

 

පෙත්සම් පිළිගැන්වීම

(i)    ගරු වජිර අබේවර්ධන මහතා    -    පෙත්සම් දෙකයි
(ii)    ගරු ජයරත්න හේරත් මහතා
(iii)    ගරු බුද්ධික පතිරණ මහතා      -     පෙත්සම් දෙකයි

(පෙත්සම් මහජන පෙත්සම් පිළිබඳ කාරක සභාවට යොමු කරනු ලැබේ)

 

පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග 27(2) යටතේ ප්‍රශ්න

ගරු සජිත් ප්‍රේමදාස මහතා
සැහැල්ලු දුම්රිය ව්‍යාපෘතිය, පොහොර ආනයනය, සීනි බදු සහ ගල් අඟුරු හා ගැස් ප්‍රසම්පාදනය පිළිබඳ විශේෂ විගණන වාර්තා

ගරු අමාත්‍යවරු ඉහත ප්‍රශ්නයට පිළිතුරු දුන්නෝ ය.

 

පනත් කෙටුම්පත් පිළිගැන්වීම

1977 අංක 21 දරන බෙදුම් නඩු පනත සංශෝධනය කිරීම සඳහා වූ

“බෙඳුම් නඩු (සංශෝධන)”

නමැති පනත් කෙටුම්පත ඉල්ලා අස්කර ගැනීමට ගරු පාර්ලිමේන්තුවේ සභානායකතුමාට අවසර දෙන ලදී.

 

වරප්‍රසාද

පාර්ලිමේන්තු මන්ත්‍රී ගරු පාඨලී චම්පික රණවක මහතා විසින් තමන්ගේ වරප්‍රසාද කඩවී ඇති බවට 2023 නොවැම්බර් 07 දින පාර්ලිමේන්තුවේ දී මතු කරන ලද කරුණු සම්බන්ධ වරප්‍රසාද යෝජනාව ගරු විපක්ෂයේ ප්‍රධාන සංවිධායකවරයා විසින් ඉදිරිපත් කරන ලදුව, පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග 118 හි විධිවිධාන ප්‍රකාරව ආචාර ධර්ම සහ වරප්‍රසාද පිළිබඳ කාරක සභාවට යොමු කරන ලදී.

 

අද දින සභාවේ ප්‍රධාන කටයුතු

පහත සඳහන් අයිතමයන් (අද දින න්‍යාය පත්‍රයේ විෂය අංක 1 සිට 5 දක්වා සඳහන් වන) සභාව විසින් අනුමත කරන ලදී -

(i)    මාර්ගගත ක්‍රමවල සුරක්ෂිත භාවය පිළිබඳ පනත් කෙටුම්පත - සංශෝධන සහිතව - දෙවැනිවර කියවීමේ දී ඡන්ද විමසීමක් පවත්වන ලදී (පක්ෂව 108; විරුද්ධව 62)
(ii)    ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩල පනත යටතේ නියෝග
(iii)    විශේෂ වෙළඳ භාණ්ඩ බදු පනත යටතේ නියමය
(iv)    විදේශ විනිමය පනත යටතේ නියමය
(v)    මාතර දිස්ත්‍රික්කයේ නිල්වලා ගඟ ඇතුළු ජල මූලාශ්‍ර මඟින් පැන නැගී ඇති ගැටලු පිළිබදව ගැඹුරින් විමර්ශනය කර නව ප්‍රතිනිර්මාණ යෝජනාවලියක් සැකසීම සඳහා සුදුසු නිර්දේශ ඉදිරිපත් කිරීම සදහා වන පාර්ලිමේන්තු විශේෂ කාරක සභාව

 

වේත්‍රධාරීවරයාගේ විශ්‍රාම යාම පිළිබඳව කථානායකවරයා විසින් නිවේදනය කරන ලද අතර පාර්ලිමේන්තුව ඔහුගේ සේවය ඇගයී ය.

 

අනතුරුව, පාර්ලිමේන්තුව පැය 1941  ට 2024 පෙබරවාරි මස 6 වැනි අඟහරුවාදා පැය 0930 දක්වා කල් තබන ලදී.

 

 

 

 

*  මෙය සංස්කරණය නොකරන ලද අනුවාදයකි. මෙදින කටයුතුවල නිල වාර්තාව සඳහා කරුණාකර හැන්සාඩ් වාර්තාව බලන්න.