2024 ජනවාරි මස 23 වැනි දින සභාවේ කටයුතු

දිනය : 2024-01-23

Print

කථානායක ගරු මහින්ද යාපා අබේවර්ධන මහතා මූලසනාරූඪ විය.

 

කථානායකවරයා විසින් කරනු ලබන නිවේදන

A : “ත්‍රස්ත විරෝධී” නමැති පනත් කෙටුම්පත සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණය වෙත ඉදිරිපත් කරන ලද පෙත්සම්වල පිටපත් ලැබී ඇති බව     
B : “ක්ෂුද්‍රමූල්‍ය සහ ණය නියාමන අධිකාරිය” නමැති පනත් කෙටුම්පත සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණය වෙත ඉදිරිපත් කරන ලද පෙත්සම්වල පිටපත් ලැබී ඇති බව     
C : “ශ්‍රී ලංකාවේ කඳුකර වතු ප්‍රජාවේ අභිවර්ධනය සඳහා වන පාර්ලිමේන්තු මන්ත්‍රී සංසදය” ස්ථාපිත කිරීමට අනුමතිය   

 

ලිපිලේඛනාදිය පිළිගැන්වීම

(i)    2021 වර්ෂය සඳහා ජාතික රක්ෂණ භාර අරමුදලේ වාර්ෂික වාර්තාව
(ii)    2021 වර්ෂය සඳහා වැඩිහිටි තැනැත්තන් සඳහා වූ ජාතික සභාවේ වාර්ෂික වාර්තාව
(iii)    2021 වර්ෂය සඳහා සීමාසහිත නිපුණතා සංවර්ධන අරමුදලේ වාර්ෂික වාර්තාව
(iv)    2022 වර්ෂය සඳහා ශ්‍රී ලංකා විවෘත විශ්වවිද්‍යාලයේ පශ්චාද් උපාධි ඉංග්‍රීසි භාෂා ආයතනයේ වාර්ෂික වාර්තාව සහ ගිණුම්
(v)    2022 වර්ෂය සඳහා වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ කාර්ය සාධන වාර්තාව
(vi)    2020 සහ 2021 වර්ෂ සඳහා තලවාකැලේ-ශ්‍රී ලංකා තේ පර්යේෂණ ආයතනයේ වාර්ෂික වාර්තා
(vii)    2018 වර්ෂය සඳහා ශ්‍රී ලංකා එනර්ජීස් (පුද්ගලික) සමාගමේ වාර්ෂික වාර්තාව
(viii)    2021 වර්ෂය සඳහා සීමාසහිත ලංකා සතොස ලිමිටඩ් හි වාර්ෂික වාර්තාව
(ix)    2022 වර්ෂය සඳහා පොල්ගොල්ල ජාතික සමුපකාර සංවර්ධන ආයතනයේ වාර්ෂික වාර්තාව

(x)    ක්‍රම හා විධි පිළිබඳ කාරක සභාව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලද වාර්තාවේ තාක්ෂණ අමාත්‍යාංශය සම්බන්ධ කරුණු පිළිබඳ පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග 124(6) ප්‍රකාරව නිරීක්ෂණ සහ ගනු ලැබූ ක්‍රියාමාර්ග පිළිබඳ වාර්තාව.
(xi)    රජයේ ගිණුම් පිළිබඳ කාරක සභාව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලද වාර්තාවේ අග්‍රාමාත්‍ය කාර්යාලය සම්බන්ධ කරුණු පිළිබඳ පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග 119(4) ප්‍රකාරව නිරීක්ෂණ සහ ගනු ලැබූ ක්‍රියාමාර්ග පිළිබඳ වාර්තාව.
(xii)    2008 අංක 14 දරන ක්‍රමෝපාය සංවර්ධන ව්‍යාපෘති පනතේ 3(4) වගන්තිය යටතේ ආයෝජන ප්‍රවර්ධන අමාත්‍යවරයා විසින් පනවන ලදුව 2023 නොවැම්බර් 28 දිනැති අංක 2360/36 දරන අති විශේෂ ගැසට් පත්‍රයේ පළ කරන ලද නියමය
(xiii)    රජයේ ගිණුම් පිළිබඳ කාරක සභාව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලද වාර්තාවේ පාර්ලිමේන්තුවේ විපක්ෂ නායක කාර්යාලය සම්බන්ධ කරුණු පිළිබඳ පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග 119(4) ප්‍රකාරව නිරීක්ෂණ සහ ගනු ලැබූ ක්‍රියාමාර්ග පිළිබඳ වාර්තාව
(xiv)    රජයේ ගිණුම් පිළිබඳ කාරක සභාව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලද වාර්තාවේ ක්‍රීඩා හා යෞවන කටයුතු අමාත්‍යාංශය සහ ක්‍රීඩා සංවර්ධන දෙපාර්තමේන්තුව සම්බන්ධ කරුණු පිළිබඳ පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග 119(4) ප්‍රකාරව නිරීක්ෂණ සහ ගනු ලැබූ ක්‍රියාමාර්ග පිළිබඳ වාර්තාව
(xv)    2005 අංක 38 දරන සංචාරක කටයුතු පනතේ 26(1) වගන්තිය යටතේ ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරියේ නිර්දේශය සහිතව, සංචාරක සංවර්ධන ප්‍රදේශයක් ප්‍රකාශයට පත් කිරීම සම්බන්ධයෙන් සංචාරක හා ඉඩම් අමාත්‍යවරයා විසින් පනවන ලදුව, 2023 සැප්තැම්බර් 07 දිනැති අංක 2348/38 දරන අති විශේෂ ගැසට් පත්‍රයේ පළ කරන ලද නියමය
(xvi)    2005 අංක 38 දරන සංචාරක කටයුතු පනතේ 53(1) වගන්තිය යටතේ ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරියේ නිර්දේශය සහිතව, ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරියේ සභාපති විසින් පනවන ලදුව, 2023 සැප්තැම්බර් 11 දිනැති අංක 2349/02 දරන අති විශේෂ ගැසට් පත්‍රයේ පළ කරන ලද නියමය අනුමත කරමින් එම පනතේ 53(6) වගන්තිය යටතේ සංචාරක හා ඉඩම් අමාත්‍යවරයා විසින් 2023 ඔක්තෝබර් 19 දිනැති අංක 2354/22 දරන අති විශේෂ ගැසට් පත්‍රයේ පළ කරන ලද නියෝගය

 

කාරක සභා වාර්තා පිළිගැන්වීම

(i)    ජාතික ආර්ථික හා භෞතික සැලසුම් පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාවේ වාර්තාව, එම කාරක සභාවේ සභාපති, ගරු මහින්දානන්ද අලුත්ගමගේ මහතා විසින් පිළිගන්වන ලදී.
(ii)    රජයේ මුදල් පිළිබඳ කාරක සභාවේ වාර්තාව, එම කාරක සභාවේ සභාපති, ගරු (ආචාර්ය) හර්ෂ ද සිල්වා මහතා විසින් පිළිගන්වන ලදී.
(iii)    මාධ්‍ය, තාරුණ්‍ය, උරුමය හා නූතන පුරවැසියා පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාවේ වාර්තා දෙකක්, එම කාරක සභාවේ සභාපති,  ගරු ලලිත් වර්ණ කුමාර මහතා විසින් පිළිගන්වන ලදී.

 

පෙත්සම් පිළිගැන්වීම

(i)    ගරු ඩී. බී. හේරත් මහතා                    
(ii)    ගරු ප්‍රසන්න රණවීර මහතා                    
(iii)    ගරු මහින්දානන්ද අලුත්ගමගේ මහතා                    
(iv)    ගරු සාරතී දුෂ්මන්ත මහතා

(පෙත්සම් මහජන පෙත්සම් පිළිබඳ කාරක සභාවට යොමු කරනු ලැබේ)

 

පනත් කෙටුම්පත් පිළිගැන්වීම

2022 අංක 25 දරන සමාජ ආරක්ෂණ දායකත්ව බදු පනත සංශෝධනය කිරීම සඳහා වූ

“සමාජ ආරක්ෂණ දායකත්ව බදු (සංශෝධන)”

නමැති පනත් කෙටුම්පත ගරු පාර්ලිමේන්තුවේ සභානායකතුමා විසින් පිළිගන්වන ලදී.

 

අද දින සභාවේ ප්‍රධාන කටයුතු

පහත සඳහන් අයිතමයන් (අද දින න්‍යාය පත්‍රයේ විෂය අංක 2 සිට 10 දක්වා සඳහන් වන) සභාව විසින් අනුමත කරන ලදී. අයිතම අංක 1 විවාදයට ගෙන හෙට දිනට කල් තබන ලදී. 8 සිට 10 දක්වා අයිතම අංක වස්ථාදායක ස්ථාවර කාරක සභාවට යොමු කරන ලදී:-

(i)    මාර්ගගත ක්‍රමවල සුරක්ෂිත භාවය පිළිබඳ පනත් කෙටුම්පත — දෙවැනිවර කියවීම
(ii)    ශ්‍රී ලංකාවේ නීති අධ්‍යාපනය පිළිබඳව සමාලෝචනය කර ප්‍රතිසංස්කරණය කිරීම සඳහා නිර්දේශ ඉදිරිපත් කිරීම සඳහා වූ පාර්ලිමේන්තු විශේෂ කාරක සභාව
(iii)    හදට හද භාරකාර අරමුදල (සංස්ථාගත කිරීමේ) පනත් කෙටුම්පත
(iv)    ශ්‍රී ලංකා බැප්ටිස්ට් සංගමය (සංස්ථාගත කිරීමේ) (සංශෝධන) පනත් කෙටුම්පත
(v)    ශ්‍රී බාලාභිවෘධි වර්ධන සමිතිය (සංස්ථාගත කිරීමේ) පනත් කෙටුම්පත
(vi)    සමාධි ප්‍රජා සංවර්ධන පදනම (සංස්ථාගත කිරීමේ) පනත් කෙටුම්පත
(vii)    දස්සනා බෞද්ධ සංවිධානය (සංස්ථාගත කිරීමේ) පනත් කෙටුම්පත
(viii)    දැදිගම ශ්‍රී මෛත්‍රී ප්‍රඥාර්ථ බෞද්ධ අධ්‍යාපන දහම් සභාව (සංස්ථාගත කිරීමේ) පනත් කෙටුම්පත — දෙවැනිවර කියවීම
(ix)    සවීර පදනම (සංස්ථාගත කිරීමේ) පනත් කෙටුම්පත — දෙවැනිවර කියවීම
(x)    පවිත්‍රා වන්නිආරච්චි සහෘද පදනම (සංස්ථාගත කිරීමේ) පනත් කෙටුම්පත — දෙවැනිවර කියවීම

 

අනතුරුව, පාර්ලිමේන්තුව පැය 1636 ට 2024 ජනවාරි මස 24 වැනි බදාදා පැය 0930 දක්වා කල් තබන ලදී.

 

 

 

 

 

*  මෙය සංස්කරණය නොකරන ලද අනුවාදයකි. මෙදින කටයුතුවල නිල වාර්තාව සඳහා කරුණාකර හැන්සාඩ් වාර්තාව බලන්න.